නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ සුරතට ගනු ලැබූ අපොස්තලික මුදුවට තිස්නව වසරක් සම්පූර්ණ වේ, අදටත් එයින් පිච්ච මල් සුවඳ පැතිරේ

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතේ පළඳා ඇති, අසිරිමත් ලෙස පිච්ච මල් සුවඳ පැතිරෙන ශුද්ධවු අපොස්තලික මුදුව පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, එම අසිරිමත් මුදුව මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් සිපාචාර කර ඇත. විවිධ ජාතීන්ට අයත්, විවිධ ආගම්වලට අයත්, නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන් මෙම පිච්ච මල් සුවඳ විහිදෙන අපොස්තලික මුදුව ආදරයෙන් ද භක්තියෙන් ද යුතුව…

එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ.   ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්…

නිර්මල කන්‍ය මරිය තුමියට තනි වියදමින් තැනූ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න

අප දන්නා ඉතිහාසයේ ප්‍රථම වරට තනි පුද්ගලයකුගේ පුද්ගලීක වියදමින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙනුවෙන් තනනු ලැබූ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න 2017 අප්‍රියල් 29 වෙනි දින සවස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ සිරසට පළඳවනු ලැබීය.   මෙතරම් අධික මිළකින් යුතු වෙවැනි ඔටුන්නක් දෙව් මවුන්ගේ ප්‍රතිමාවකට පළඳවනු ලැබූ ලොව ප්‍රථම අවස්ථාව මේ විය…

නිර්මල කන්‍ය මරිය තුමිය සැමට සරණය වන්නාවූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය

නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝ වෙති. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ දෙව් මවුන්ගේ…

2017 ජූනි 3 සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී වන්දනාකරුවන් ඇමතූ අයුරු

නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවට පැළදවනු ලැබූ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නේ පසුබිම් කතාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා හෙලි කරයි

2017 ජූනි 3 සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී වන්දනාකරුවන් ඇමතූ අයුරු   නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පළදවනු ලැබුවේ ඇයි දැ යි ලබන සෙනසුරාදා (2017 ජූනි 10) හෙළි කරනු ලබන බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කල…