ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වර්තමාන ලෝකයේ ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වහන්සේයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘතුවියේ ඇති, මහ සයුරෙන් වටවූ රටක් වන ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව, ‛‛අපොස්තුළුවරයට’’ පත් කිරීම සඳහා වන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘතුවිය මත දර්ශණය වී අපොස්තුළුතුමෙකු පත් කරනු ලැබූ දෙවන අවස්ථාව එය විය. පලමු අවස්ථාව වූයේ සිරියාවේ, දමස්කස් නගරයේ දර්ශණය වී, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ව ‛‛අපොස්තුළුතුමකු’’ ලෙස පත් කරනු ලැබීමයි.
1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වීමට දින දෙකකට පෙර, එනම් 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින සවස, නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වී සිය පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අභිප්‍රාය පිළිබදව මේ නවක අපොස්තුළුතුමන් දැනුවත් කරනු ලැබීම සුවිශේෂී සිදු වීමක් ලෙස සැලකිය හැකියි. එම අවස්ථාවෙන් ආරම්භ වූ මරිය මෑණියන්ගේ දර්ශණ පෙල, මේ වන විට විසිතුන් වතාවක් දක්වා සිදුවී ඇත.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේගේ හැටවන ජන්ම දිනය 2017 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුනි. උන්වහන්සේ උපත ලද්දේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ටයි.
2017 පෙබ්‍රවාරි 2 වෙනි දින වන විට මේ ලෝකයේ උන්වහන්සේගේ වර්තමාන ජීවිත සමය අවුරුදු හැටක් වූ අතර, අපොස්තුළුතුමෙකු වශයෙන් අවුරුදු සතලිස් දෙකක් ගත කරමින් සිටියහ. උපතින්ම විශාල ධනයකට සහ දේපල වතුපිටිවලට ද උරුමයක් ඇතිව, ධනවත් දෙමාපිය දෙපලක් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියගේ පුත් රුවණක් ලෙස මෙලොව උපන් උන්වහන්සේ, අපොස්තුළුතුමෙකු ලෙසින් කිසිවෙකුට කිසිදු ලෙසකින් බරක් නොවීය. බැතිමතුන්ගේ පඩුරු මුදලින් එක බත් ඇටයක් උන්වහන්සේ අනුභව කර නොමැත. සිය සියළු වියදම් මෙන්ම, උන්වහන්සේට සේවය කරනු ලබන සේවක පිරිසේ වේතනයන් ද සිය දෙමාපිය උරුමයෙන් ලද ධනයෙන් පියවා, නිහඩවම දුගී දුප්පතුන් සොයා ගොස් ඔවුන්ට ද උදව් කරනු ලබන මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අද යුගයේ ජීවත්වන බොහෝ දෙනාට ආදර්ශයකි.
විවිධ දුක් වේදනා දරාගෙන ඒවා විසදාගැනීමට නොහැකි තැන දෙවියන්ටම කන්නලව් කරන බොහෝ ජනතාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයා දුවගෙන එනුයේ, විසිතුන් වතාවක් දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයේ දී බොහෝ හාස්කම් සිදු කරන බැවිනි. කිසිවෙකුට බරක් නොවූ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ඔවුන්ගේ බර උන්වහන්සේගේ කර මත පටවා ගෙන, ඔවුන් වෙනුවෙන් දෙව් මවුන්ට කන්නලව් කර, දෙව් මවුන් වෙතින් සැනසීම උදාකර දෙනුයේ අපොස්තුළුතුමෙකුටත් වඩා එහා ගිය ‛‛දයාබර පියෙකු’’ ලෙසිනි. ඒ නිසාම 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී උපන් දින සංවත්සර දිව්‍ය පූජාවට පෙර, සිද්ධස්ථාන භූමියට රැස්වූ කෙළෙහිගුණ දන්නා බැතිමතුන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පිංතූරයක් මලින් සරසා ඒ අභියස පොල් තෙල් පහන් හැටක් ද දල්වා, සිය දුකට නිරතුරු පිහිට වන දයාබර පියෙක් බදුවූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වෙනුවෙන් නිර්මල කන්‍ය මරිය තුමියට ඔවුන්ගේම සංවිධානත්වයෙන් ජපමාලය පුද කල අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි.