විසිතුරු මල් වෙඩි මැදින් මරිය තුමී ජේසු බිළිඳුන් සමගින් වූ ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූ සිද්ධස්ථානය ඉදිරිපිටට වැඩම කරයි

මේ වන විට නිර්මල කන්‍ය මරියතුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය හෙවත් දර්ශණ භූමිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීමෙන් පසුව එය නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස සිද්ධස්ථාන භූමියේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ‛‛මරිය ගී හඩ’’ ගීත සරණියත් සමගයි.   ශ්‍රී ලංකා…

ඔබගේ සැබෑම උපන් දිනය වන්නේ, ඔබ, ඔබේ මවගේ කුසයට පැමිණි දවසයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැදැහැවතුන්ට කරුණු පැහැදිලි කරයි

‛‛ඔබේ උපන් දිනය යනුවෙන් සදහන් කරන්නේ කවදා ද? ඒ කුමක් සම්බන්ධයෙන්ද? ඒ ඔබ ඔබේ මවගේ කුසයෙන් පිටතට පැමිණි දවසයි. නමුත් ඔබගේත් මගේත් සැබෑම උපන් දිනය කවදාදැයි දන්නවාද?……. ඒ ඔබ ඔබේ මවගේ කුසයට පැමිණි දවසයි. ඔබේ මවගේ කුසය තිබෙන්නේ ඒ ලෝකයේ නොවෙයි මේ ලෝකයේ. මේ ලෝකයේ තිබෙන ඔබේ මවගේ කුසයට ඔබ පැමිණි දිනය තමයි ඔබගේ සැබෑම…

දේව මෑණියෝ අපිට මෙච්චර ආදරේද කියලා අපිට එතුමියගෙන් අහන්ඩ හිතෙනවා -ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වූ කටුනායක අප ස්වාමිදුව විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස මහා සෙනගක් ඉදිරියේ මරිය මවු තුමියගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් පැළඳවීමෙන් පසුව රැස්ව සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විනාඩි දහයක කෙටි ප්‍රකාශයක් කලහ….

දෙව් මවුන්ට ඔටුණු පැළඳවීමේ මෙහෙයේ දී විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින් විශාරද චරිතා ප්‍රියදර්ශණී වෙතින් අළුත්ම දෙව් මවු බැති ගී

නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙත, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේගේ හස්තයෙන් නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පැළඳවීමේ සන්ධ්‍යා මෙහෙයේ දී විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශණී පීරිස් යන සුප්‍රසිද්ධ ගායක යුවලගේ හඩින් දෙව් මවු පසසා ගැයෙන බැති ගී රැසක් ම අසන්නට ලැබුනි.   2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී…

දෙව් මවු සිරසට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෝතින් පළදවනු ලබයි

නිර්මල කන්‍ය මරිය මවු තුමිය සුර ලොව, මෙලොව පමණක් නොව සකල විශ්වයේම අග රැජින ලෙසින් 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඔටුණු පළදවනු ලැබීය.   නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට විසිතුන් වාරයක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමියගේ ප්‍රතිමාවට ඔටුණු පළදවනු ලැබුවේ අද ලෝකයේ ජීවතුන්…

කිසිදු දිනයක, කිසිවෙකුටවත් අයහපතක් පතන්ඩත් එපා. අයහපතක් කරන්ඩත් එපා, මැරෙනවා, අපි මැරෙනවා

අපොස්තුළුතුමෙකුට ආගම් භේදයක් නැහැ. සභා භේදයක් ද අපොස්තුළුතුමෙකුට නැහැ. අපොස්තුළුතුමෙක් යනු සියළු ජනතාවට පොදු කෙනෙක්. ඒ නිසාම අපොස්තුළුතුමෙක් යනු, ආගමීක නායකයෙක් නොවෙයි, අපොස්තුළුතුමෙක් යනු අධ්‍යාත්මීක නායකයෙක්. මිනිසාගේ අධ්‍යාත්මය යහපත් දෙයින් පොහොණි කිරීම පමණයි අපොස්තුළුතුමෙකුගේ වගකීම වන්නේ. ඒ නිසාම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දහම් දෙසුම් ද යොමුවන්නේ, ජනතාව අයහපතින් යහපත වෙත යොමු කරවීමටයි. 2017 නව…

සැදැහැ ජනතාවගේ අත්පොලසන් හඩ මැද කුමරි මරියාවෝ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ දෝතින් රන් මිණි ඔටුණු පළඳවනු ලබයි

අප අති භාග්‍යවත් නිර්මල කුමරි මරිය මාතාවෝ සකල විශ්වයේම අග රැජින ලෙසින් 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සන්ධ්‍යාවේ, අති විශාල ජනතාවගේ අත්පොලසන් හඩ මධ්‍යයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ඔටුණු පළඳවනු ලැබීය.   දිවයිනේ සතර දිගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ මහ ජන ගඟෙන් මුළු දර්ශණ භූමියම පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ…