ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමී 23 වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමිය අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ පසු නිල වශයෙන් විවෘත කිරීම සංකේතවත් කරමින් 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස, එම සිද්ධස්ථාන භූමියේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගීත සන්ධ්‍යාවක් පවත්වන ලදී. එහි දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ මියුරු සංගීතයට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගායක ගායිකා පිරිසක් නිර්මල කන්‍ය මරියෝතමාවන් වෙත බැති ගීයක් ගායනා කරනු ලැබූ අවස්ථාවයි මේ.