ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය යෙදෙන්නේ පෙබ්‍රවාරි දෙවෙනි දිනයටයි. අවුරුදු 57 කට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවර පෙබ්‍රවාරි 1 වෙනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා යාගය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. උන්වහන්සේ උපත ලැබුවේ මීට 57 වසරකට පෙර පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ටයි.

 

මෙම වසරේ පෙබ්‍රවාරි මාසයේ පළමුවෙනිදා, සෙනසුරාදා දිනයක් වන අතර, එදින මැදියම් රැයේ ශුද්ධෝත්තම අපොස්තලික පිය උපත සැමරෙන, ජන්ම සංවත්සර මංගල දිව්‍ය පූජාව පැවැත්වෙන නිසා, පෙබ්‍රවාරි පළමු වෙනි සෙනසුරාදා සවස 4 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සවස දේව මෙහෙය පැවැත්වෙන්නේ නැහැ.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපන් වේලාව අලලා මැදියම් රැයේ මංගල දිව්‍ය පූජාවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

 

උන්වහන්සේට හිතවත් සියළු දෙනා මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි සිද්ධස්ථාන පාලක කමිටුව බලාපොරොත්තු වෙනවා.

 

මෙම 2014 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දින, වයසින් අවුරුදු 57 ක් සම්පූර්ණ කරන්නාවූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සම්බන්ධව බොහෝ දෙනෙක් නොදන්නා පැත්තක් පිළිබඳව, එනම්, රහසින් දිළිඳුන් සොයා ගොස් ඔවුනට තම පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් උදව් කරන ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සම්බන්ධව ඉතා සංවේදී ලිපියක් මෙවර ‛‛එඬේරා’’ ජනවාරි කලාපයේ දෙවෙනි පිටුවේ පලකර තිබෙනවා.

 

මෙම වෙබ් ලිපිනය ඔස්සේ ඔබට ‛‛එඬේරා’’ පුවත්පත කියවිය හැකියි. www.endera.org