ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ විසින්ම බලය පැවරූ අපොස්තුළු තුමෙක්, නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් තම දෑසින් ම දැකගෙන, එතුමිය සමගින් කතා බහ කර, එම නිර්මල මරිය මාතාවන් ගැන පූර්ණ අවබෝධයකින් යුතුව ලියනු ලැබූ ලොව එකම යාච්ඤාව මේ වන විට ‛හාස්කම් යාච්ඤාව’ ක් බවට පත්වී ඇත. එය එසේ වූයේ, සිය දේව පුතණුවන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලය පැවරූ, අද ලොව ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ලිවූ යාච්ඤාවට නිර්මල මරිය මාතාවෝ ද මහත්සේ ඇළුම් කල නිසාය.

 

අද ‛හාස්කම් යාච්ඤාව’ බවට පත් වී ඇති, මේ මහා බලගතු යාච්ඤාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් මරිය මාතාවන් අමතා ලියනු ලැබුවේ මෙලොව බලාපොරොත්තු නැතිකර ගෙන, හදවතින් දුක් විදින, රෝගාතූරව වේදනා විදින අසරණ ජනයා වෙනුවෙනි. දැන් සෑම සෙනසුරාදාවකම සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම යාච්ඤාව උච්චාරණය කරනු ලබයි. මෙම හාස්කම් යාච්ඤාවට සහභාගි වී ජනතාව ලබා ගන්නා පිහිට වරප්‍රසාද කොතරම් ද කියතොත්, නිරතුරු වාර්තා වන මේ හාස්කම් සිදුවීම් ලේඛණ ගත කිරීම සදහා වෙනම ම නිලධාරියකුව ද පත්කර ඇත.

 

ඇද හැලුන මහා වැසි මැද්දේ 2017 නොවැම්බර් 4 වෙනි සෙනසුරාදා සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට රැස්වී සිටින මේ සැදැහැජනතාව තම සිතේ ඇති ප්‍රාර්ථනාවන් ඇතුලත් කර තම අත් අකුරින් ලිවූ ලිපි දෑතේ රදවාගෙන ‛හාස්කම් යාච්ඤාවට’ සහභාගි වූ අන්දමයි මේ ඡායාරූප මගින් පෙනෙන්නේ