නිර්මල  කන්‍ය මරිය තුමී  ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ  දී දර්ශණය වූ අවස්ථාවන්  අතරින් කිහිප  අවස්ථාවකම ජපමාලය උච්චාරණය  කරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවාය.

 

1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වී, උන්වහන්සේ මගින් මුළු ලොවටම ආයාචනය කරනු ලැබුවේ ‛‛මගේ නිර්මල හෘදයට සැනසීම පතා ජපමාලය කියන්න, ජපමාලය කියන්න’’ යනුවෙනි. ඒ සමගම එතුමිය ජපමාලයේ බලය ලොවට ප්‍රකාශ කරමින් මෙසේද ප්‍රකාශ කරනු ලැබුවාය, ‛‛භක්තියෙන්, විශ්වාසයෙන් ජපමාලය කියන්නන් වෙනුවෙන්, මේ ලෝකයේදී පමණක් නොවෙයි, ශුධිකාග්නි ස්ථානයේදීත් මට පහසුවෙන් මැදිහත් විය හැකියි’’

 

මෙපමණක් නොව තවත් දර්ශණ කීපයකදීම ජපමාලයේ බලය පමණක් නොව ජපමාලය උච්චාරණය කරනවා දැකුමට මරිය තුමියගේ බලවත් ආශාව ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මගින් ලොවට හෙළිදරව් කරනු ලැබුවාය.

 

මේ නිසාම ජපමාල බැතියට ජනතාව වඩ වඩාත් යොමු කරවනු සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා විවිධ අවස්ථාවල ජනතාව සමග ඉමහත් ගෞරව බහුමානයෙන් යුතුව ජපමාලය උච්චාරණය කරනු ලබයි. මෙවන් අවස්ථාවල කිතුණු ජනතාව පමණක් නොව කිතුණු නොවන ජනතාව ද ජපමාලය අතේ රඳවාගෙන ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබීම විශේෂත්වයකි.

 

2011 මැයි මස 21 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුලදී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ජනතාව සමග කන්‍ය මරිය තුමියට මහත් අභිමානවත් අන්දමින් ජපමාලය උච්චාරණය කරනු ලැබූ සේක.

 

නිර්මල කන්‍ය මරියාවන් පාමුළ දල්වනු ලැබූ ඉටිපහන් ආලෝකය මධ්‍යයේ, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග ජපමාලය උච්චාරණය කිරීමට ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් ජනතාව පැමිණ සිටියහ.

 

නිර්මල කන්‍ය මරිය මවු තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ සිට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ජනතාව ද සමගින් ජපමාලය උච්චාරණය කරනු ලැබූ අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි