පසුගිය 2018 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුලදී පැවැත් විය.
මැදියම් රැයේ විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්ට දර්ශණ දෙව්මැදුර තුල දැකගන්නට ලැබුනේ හරිම අපූරු දසුනකි. සිද්ධස්ථාන භූමියේ ගවලෙන ඉදිකර තිබුන අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සෑම වසරකම මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී සැදැහැවතුන්ට ආශිර්වාදය දානය කරනු ලබන ‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාව’ තැන්පත් කිරීම සදහා සූදානම් කර තිබුනේ ඉතාමත් අර්ථවත් ස්ථානයකි. බෙත්ලෙහෙම් ජේසු බිළිදු ප්‍රතිමාවෙන් නත්තල් ආශිර්වාදය දානය කරනු ලැබීමෙන් පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ස්ථානයෙහි ජේසු බිළිදු ප්‍රතිමාව උන්වහන්සේගේ දෝතින් රැගෙන ගොස් තැන්පත් කල සේක.
ජේසු බිළිදු ප්‍රතිමාවට ඉහළින් කුරුසියේ එල්ලී සිටින ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ස්ථාපිතව තිබූ අතර, කුරුස ප්‍රතිමාව පාමුළ ජේසු බිළිදුන්ගේ ප්‍රතිමාව තැන්පත් කෙරුනි.
එම මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දේශණය අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, කුරුස ප්‍රතිමාව පාමුළ තැන්පත් කර තිබූ ජේසු බිළිදු ප්‍රතිමාව දෙසට සුරත දිගු කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ, ජේසු බිළිදුන්ගේ ප්‍රතිමාවෙන් පෙන්නුම් කරනුයේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණි ආකාරය බවත්, ඊට ඉහළින් ඇති කුරුස ප්‍රතිමාවෙන් එම ජේසුස් ස්වාමින් වහන්සේම මේ ලෝකයෙන් පිටත්ව ගිය ආකාරය නොව, මිනිසුන් විසින් උන්වහන්සේව මේ ලෝකයෙන් පිටත් කර යවනු ලැබූ ආකාරය පෙනෙන්නට තිබෙන බවත්ය.
මේ ජේසු බිළිදු ප්රතිමාවත් කුරුස ප්රතිමාවත් අතර ශුද්ධවූ බයිබලය තැන්පත් කර තිබූ අතර, ඒ ගැන සදහන් කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, එම බයිබලය තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් සියල්ලම නැතත් යම් තරමකට හෝ තිබෙන බවත් ඒවා දැනගෙන යහපත්ව ජීවත්වීම ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වන බවත් ය.
සැබවින්ම අපි නත්තලේ දී කරනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව සන්තෝෂ කිරීමක් දැයි පැනයක් මතු කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, ඇත්තටම සිදු කරනු ලබන්නේ ජේසුස් ස්වාමින් වහන්සේව සන්තෝෂ කිරීම නොව, අපි අපිවම සන්තෝෂ කර ගැනීමක් බවයි. අපි නත්තලට කරන වැඩවලින් ජේසුස් ස්වාමින් වහන්සේ සතුටු නොවන බවත්, ජේසුස් ස්වාමින්වහන්සේ සතුටු වන්නේ උන්වහන්සේ දෙසූ දහම නිවැරදිව දැනගෙන ඒ අනුව අපි ජීවත් වෙනවා දැකීමෙන් පමණක් බවත් අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කළහ.
මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීම සදහා රැස්ව සිටි සැදැහැවතුන් දක්වනු ලැබූ උනන්දුව ඇත්තටම කැපී පෙනෙන දසුනක් විය. ඔවුන් ඉතාමත් සන්සුන්ව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත් අතර මෙහි ඡායාරූප මගින් දිස්වන්නේ එම අවස්ථාවයි