විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ පැතිරෙන, මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී යි. එදා 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව, මේ වන විට සත් වරක් පිච්ච මල් සුවඳ පතුරුවා, මෙවන් හාස්කමක් සිදුවන ලෝකයේ ඇති එකම දෙව් මවු ප්‍රතිමාව බවට පත්වී තිබෙනවා. ඉතින් අප දයාබර මෑණියන්ගේ ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වීම මෙවර නත්තලේ දී සමරණු ලබනවා. අප ජේසු සමිඳාණන්ගේ උත්පත්තියේ 2025 වෙනි සංවත්සරය මෙවර නත්තලට යෙදී තිබෙනවා. මේ සියළු සිදුවීම් පාදක කර ගනිමින්, ඔබට සැනසිලි දායක 2026 නව වසරකට වරප්‍රසාද පිරිනමන මෙවර නත්තල් දේව මෙහෙය, දෙසැම්බර් 24 වෙනි බදාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල දී, ශුද්ධෝත්තම අපොස්තුළුපියාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ, රාත්‍රී 11.30 ටයි.
අප දයාබර ජේසු බිළිඳුන්ගේ උත්පත්තියේ 2025 වෙනි සංවත්සරය මෙන්ම, අප දයාබර නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳුන් සමග 1977 ජූලි 27 වෙනි දින දර්ශණයවීම පෙන්වාදෙන ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වීමේ සංවත්සරය ද මෙවර නත්තලට යෙදී තිබෙනවා. දැනට දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර තිබෙන මෙම ප්‍රතිමාව මහා පුදුම ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව මෙම වසර 10 තුල සත් වතාවක් පිච්ච මල් සුවඳ පතුරුවා තිබෙනවා. මේ වගේ පුදුම ප්‍රතිමාවක් ලෝකයටම ඇත්තේ එකයි. ඒ එකම ප්‍රතිමාව ඇත්තේ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි. ඒ වගේම මේ පුදුම ප්‍රතිමාව අභියස සිදු වූ ප්‍රාතිහාර්‍යයන් මේ වන විටත් අපගේ වෙබ් අඩවිවල පලකර තිබෙනවා. ඉතින් මෙම දෙව් මවුන් සහ ජේසු බිළිඳුන්ගේ පුදුම ප්‍රතිමාව අභියස සිට සිදු කෙරෙන, ජේසු බිළිඳු උත්පත්තියේ 2025 වෙනි සංවත්සර නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන් නත්තල් ආශිර්වාදය දානය කරනු ලබනවා.
මේ සියළු ආශිර්වාදයන් ඔබට ලැබී ඔබගේ ජීවිත වාසනාවන්ත ජීවිතයන් බවට පත්වී උදාවන 2026 නව වසර සුව දායක වීම සඳහා, 2025 ට වඩා 2026 වසර ඔබගේ ජීවිත ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදයෙන්, මරිය මාතාවන්ගේ සැනසිලි දායක කරුණාවෙන් පොහොසත් වීම සඳහා ඔබට ලබාදෙන මෙම ආශිර්වාදයන් අතපසු නොකර ලබාගන්න.
නත්තල් දිව්‍ය පූජාවේ දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින්ම ඔබගේ ඉල්ලීම් ලිපි භාරගන්නවා. රතු පෙට්ටියට නොව උන්වහන්සේගේ අතටම ඔබ ගෙනවිත් භාර දෙන්න. ඒ සඳහා නත්තල් දිව්‍ය පූජාවට පෙර ඔබගේ ලිපියට මුද්‍රා තබා ගන්න. දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 10.15 සිට 11.15 දක්වා ලිපි සඳහා මුද්‍රා තබනවා. මෙම වසරේ ඔබ දේව මෑණියන්ගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම ලිපියේ සඳහන් කර, වසර 10 ක සංවත්සරය සමරණ දෙව් මවුන් සහ ජේසු බිළිඳුන්ගේ පුදුම ප්‍රතිමාව අභියස දී, ඔබගේ ඉල්ලීම් ලිපිය ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතටම භාර දෙන්න.
මෙහි ඡායාරූප 2024 මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවෙනි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සිය පූජනීය අපොස්තුළුවරය ලබාගත් පසුව පවත්වනු ලැබූ 50 වෙනි නත්තල් පූජාව එය විය
