‛‛ජේසු අදත්, ඔබ අතරේ, මා අතරේ ගමන් කරනවා. අපි වඳින්නේ, අපි පුදන්නේ මැරිලා, වළලපු දෙවියෙකුට නෙවේ. නැවත උත්ථාන වෙලා ලෝක අවසානය දක්වා අප සමඟ ජීවත් වෙන දෙවි මහෝත්තමයාණන්ටයි, ජේසු සමිඳුන්ටයි. නමුත් උන්වහන්සේ අදත් කුරුසිය කර තබාගෙන ඔබ, මා අතරින් ගමන් කරනවා. අදත් උන්වහන්සේ මේ මොහොතේත් ඔබ දෙස බලා සිටින්නේ කුරුසය සමඟයි. එහෙම නොවන්නට අද මේ කුරුස ප්‍රතිමාව ආශිර්වාද කරන්ඩ මං මෙතෙන්ට එන්නේ නෑ. මේ කුරුසය කර තබාගෙන යද්දි ජේසුට, මේ කුරුසෙට සහායක් වෙන කිතුනුවන් හමු වෙනවා. උන්වහන්සේ වෙනුවෙන් නින්දාවට පත් වෙන, උන්වහන්සේ වෙනුවෙන් අවලාද වලට මුහුණ දෙන, උන්වහන්සේ වෙනුවෙන් අපමණ හිරිහැර විඳින විතරක් නෙමේ, උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන, අදත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන මිනිස්සු ඉන්නවා, එවැනි කිතුනුවන් උන්වහන්සේට හමු වෙනවා. ඒගොල්ලෝ ජේසුත් එක්ක, කුරුසෙත් එක්ක ස්වර්ගේ සදාතන සතුට කරා ඔවුන් ජේසුත් එක්ක ගමන් කරනවා.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඉහත සදහන් ප්‍රකාශය කරනු ලැබුවේ 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියේදීයි.

 

එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ කුරුස ප්‍රතිමාවක් ආසිරි ගන්වනු ලැබූ අතර, මෙම කුරුස ප්‍රතිමාවේ උස අඩි නවයකි. අඩි නවයක් උස කුරුස ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ආසිරි ගන්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අභිනවයෙන් ඉදිකර ඇති දර්ශණ දේව මන්දීරය ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහා වන අතර, 2017 ඔක්තෝබර් 15 වෙනි ඉරුදින උදේ මෙම අඩි නවයක් උස කුරුස ප්‍රතිමාව අභිනව දර්ශණ දේව මන්දීරය ඉහළින්ම ස්ථාපිත කරන ලදී.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ 2017 ඔක්තෝබර් 15 වෙනි ඉරුදින උදේ අඩි නවයක් උසැති ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ කුරුස ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුරේ ඉහළට එසවීම සදහා සූදානම් වන අයුරුයි