2026 ජූලි 18 වෙනි සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පාසල් ගමන ආරම්භ කිරීමට සූදානම්ව සිටි කුඩා දියණියකට ආශිර්වාද කර මුල් අකුරු කියවනු ලැබිණි.

 

ජාඇල රංග පෙරේරා මහතා සහ සඳුනි පෙරේරා මහත්මියගේ බාල දියණිය වූ නිවෙන්යා මෙත්සරණි දැරියගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් අධ්‍යාපනයේ මුල් අකුරු කියවීම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදයෙන් සිදුවූයේ, දරුවාගේ දෙමාපියන් සහ මිත්තණියගේ ද සිය කුඩා වැඩිමහල් සොහොයුරාගේ ද සහභාගිත්වය ඇතිවයි.

 

මුලින්ම කුඩා දියණියගේ හිස මත සිය අපොස්තලික දෝත් තබා ආශිර්වාද කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිංහල හෝඩියේ පළමු අක්ෂරය ද, ඉංග්‍රීසි හෝඩියේ පළමු අක්ෂරය ද, අංක එක ඉලක්කම ද, කුඩා දැරියගේ අත අල්ලාගෙන සටහන් කරනු ලැබුවේ, දයාබර පියෙක් තම දරුවාව තුරුළු කරගෙන අකුරු උගන්වන ආකාරයටයි.

 

මෙලෙස මුල් අකුරු කියවා අවසන් කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, නැවතත් කුඩා දියණියගේ හිස මත සිය අපොස්තලික දෝත් තබා ආශිර්වාද කරනු ලැබුවා. නිවෙන්යා මෙත්සරණි කුඩා දැරියට ද, සිය කුඩා සොහොයුරාට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ත්‍යාගයන් පිරිනමනු ලැබුවා.

 

නිවෙන්යා මෙත්සරණි කුඩා දියණියගේ දෙමාපියන් වූ, රංග සහ සඳුනි යුවල විවාහයෙන් එක්කර නව යුග දිවියකට ආසිරි ගන්වනු ලැබුවේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි. ඒ 2019 ජනවාරි 17 වෙනි දිනයි. ඔවුන්ගේ කුළුඳුල් පුතුට 2023 ජූලි 24 වෙනි දින මුල් අකුරු කියවීම ද මෙලෙස කරනු ලැබුවේ ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසිනුයි.

 

ජාඇල රංග පෙරේරා මහතා සහ සඳුනි පෙරේරා මහත්මියගේ බාල දියණිය වූ නිවෙන්යා මෙත්සරණි කුඩා දැරියගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි