ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 55 වන ජන්ම දිනය සැමරීම සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මැදියම් රැයේ සැදැහැවතුන් රොක් වෙති

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 55 වන ජන්ම දිනය 2012 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදී තිබුනි. උන්වහන්සේගේ උපන් දිනයේ, උන්වහන්සේ උපන් වේලාවට විවිධ ප්‍රදේශවලින්, දුර බැහැරින් පවා ජනතාව, උන්වහන්සේ වැඩ වසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙති. වසර ගණනාවක සිට මෙය සිදුවේ. කිසිවෙකුගේවත් බලකිරීමකින් නොව ස්වකීය කැමැත්තෙන්ම සැදැහැවතුන් මෙය කරනු ලබයි. උන්වහන්සේගේ ආශිර්වාදය…

නිවාඩුවක් : නමුත් අපොස්තලික පියතුමා වැඩකරමින් වැඩ කරමින් නිවාඩුවක්

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, පසුගියදා (2012 ජනවාරි 29 දින) නුවරඑළිය බලා පිටත්ව ගියේ කෙටි නිවාඩුවකටයි. ශ්‍රී ලංකාවේ ඉතාමත් ශීතල දේශගුණයකින් යුතු කඳුකර පලාතක් වන නුවරඑළිය, බොහෝ විට මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නිවාඩු ගත කිරීම සඳහා උන්වහන්සේ විසින් තෝරා ගනු ලබන සුන්දර ප්‍රදේශයකි.   ඉතාමත් කාර්‍ය බහුල දිවියක් ගත කරනු ලබන අධ්‍යාත්මික නායකයකු වන…

ගර්භාෂයේ දුර්වලතායක් නිසා, දරුවකු පිළිසිඳ ගැනීමක් සිදු නොවන බව සනාථ වී තිබුණ කාන්තාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන් කුඩා දියණියක් ලබයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් අසන්නට ලැබෙන තවත් ආශ්චර්‍යමත් පුවතක්   ශ්‍රී ලංකාවේ, කටුනායක නගරයේ පිහිටි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වූ සිද්ධස්ථානයක්. උන්වහන්සේලාව තම දෑසින්ම දැක ගැනීමට තරම් වූ මහත් දුර්ලභ භාග්‍ය ලැබූ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පදිංචිව සිටින්නේ මෙම සිද්ධස්ථානයේයි….

අද අප අතර ජීවමානවම වැඩ සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, පොඩි දරුවාගේ සිට උන්වහන්සේගේ වයසටත් වඩා වැඩි මහල්ලා දක්වා සැමටම දයාබර පියෙකි

මාස කීපයක් එක දිගට වැඩ කිරීමෙන් වෙහෙසට පත්ව සිටි අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2012 ජනවාරි 29 වෙනි ඉරුදින කෙටි විවේකයක් සඳහා නුවරඑළිය බලා පිටත් විය. උන්වහන්සේ සමග අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විශාන් යන මහත්වරු ද විය.   ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විවේකයක් සඳහා…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ජනතාව සමග කන්‍ය මරිය තුමියට ගෞරව පිණිස ජපමාලය උච්චාරණය කරයි

නිර්මල  කන්‍ය මරිය තුමී  ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ  දී දර්ශණය වූ අවස්ථාවන්  අතරින් කිහිප  අවස්ථාවකම ජපමාලය උච්චාරණය  කරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවාය.   1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වී, උන්වහන්සේ මගින් මුළු ලොවටම ආයාචනය කරනු ලැබුවේ ‛‛මගේ නිර්මල හෘදයට සැනසීම පතා ජපමාලය…

‛දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම ලොකුම අභාග්‍යයයි’ – මරිය තුමී දර්ශණයවී ප්‍රකාශ කරනු ලැබූ වදන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ජනතාවට සිහි ගන්වයි!

‛‛1986  දෙසැම්බර් 20 වෙනි  දින නිර්මල කන්‍ය මරිය තුමී, මෙම  සිද්ධස්ථානයේ, මෙම දර්ශණ දෙව්මැඳුර තුල දී මා වෙත දර්ශණය වුනා. එදා ලොකු සැදැහැවතුන් පිරිසක් මේ දර්ශණ දෙව්මැඳුර තුලත්, දර්ශණ දෙව්මැඳුරෙන් පිටත සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටියා. මරිය තුමී දර්ශණය වන අවස්ථාව ඔවුන් තම දෑසින්ම දැක්කා. ඔවුන් ප්‍රීති ඝෝෂා නගමින් තම අවශ්‍යතා මරිය තුමියට හක්‍ෂ නඟා කිව්වා….

ස්වර්ගයේ සිටින සියළුම අපොස්තුළුවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ කාර්‍යභාරයට වඩා යම් ආකාරක විශේෂ කාර්‍ය භාරයක් කරනු ලබන පිරිසක් දේව දූතයෝ

‛‛සියළුම  දේවදූතයන් සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ යටතේයි.  ඒ නිසාම සියළු  දේව දූතයන්ගේ රාජේශ්වරිය  වන්නේ නිර්මල කන්‍ය මරිය වහන්සේයි. මේ දේව දූතයන් පිළිබඳව සෑම ක්‍රිස්තු භක්තිකයෙක්ම දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත්. ස්වර්ගයේ සිටින සියළුම අපොස්තුළුවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ කාර්‍යභාරයට වඩා යම් ආකාරක විශේෂ කාර්‍ය භාරයක් කරනු ලබන පිරිසක් මේ දේව දූතයෝ.’’   අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික…

මරිය තුමිය දැන් අපට අයිතියි, මරිය තුමී දැන් අපෙයි. එතුමියව අපට දුන්නේ ජේසුස් ස්වාමින් වහන්සේයි

‛‛අප දයාබර  කුමරි මරිය වහන්සේගේ, ගෞරවය හා මහිමය පිණිසද, අපට පිහිට උපකාර ලබා ගැනීම පිණිසද පිදෙන මෙම නුවාන මෙහෙය අවස්ථාවේ, පළමු කොට අපගේ ස්තූතිය හිමි විය යුත්තේ, අපගේ දයාබර ජේසුස් ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ මෙලොව පැමිණීමේදී උන්වහන්සේට මව් කුසය තුලම සෙවනක් වූ, ඇගේ කිරෙන් පෝෂණය වූ, ඒ සුදෝ සුදු කන්‍ය මරිය වහන්සේව, තම ශුද්ධවු මරණයට ඔන්න…

මිනිසාට ඇතිවන ප්‍රධාන දුර්පරීක්ෂාව වන්නේ මිනිසා පිං පවු හඳුනන්නේ නැතිකමයි

‛‛මිනිසා  තමාගේ හදවතේ ඇතිකර  ගන්නා භායානකම සිතුවිල්ල තමයි, පිං පවු  කියන දේ හඳුනා නොගැනීම. සාතන් ගොරවන සිංහයෙක් වගේ එහෙ මෙහෙ දුව යමින් මිනිසාව ඩැහැගන්න යත්දී මිනිසා තුලට ඔහු එවන ප්‍රධාන දුර්පරීක්ෂාව වන්නේ, මිනිසා පිං පවු හඳුනන්නේ නැතිකමට පත්කිරීමයි. යක්ෂයා නිතරම ඔබගේ සිතට එවන පවු සිතුවිලි සියල්ලක්ම තුලින් ඔබව ටිකින් ටික ක්‍රිස්තුස් වහන්සේගෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඈත්…

මෙවැනි ප්‍රාතිහාර්‍යයක් විඳ ගැනීමට ලැබුනේ, මේ ලෝකයේ දැන් අපොස්තුළු තුමෙකු වැඩ සිටින නිසයි

2011  අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස ශ්‍රී ලංකාවේ, දෙව් මවුන්ට කැපවූ සිද්ධස්ථානයක සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක් සිදු වුනා. මෙම සිද්ධස්ථානය බොහෝ හාස්කම් සිදුවන සිද්ධස්ථානයක්. ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි මෙම සිද්ධස්ථානයේ පිහිටි ‛‛දර්ශණ දෙව්මැඳුර’’ යනුවෙන් හඳුන්වනු ලබන දෙව්මැඳුරට ඒ නම භාවිතා කරන්නේ, එම දෙව්මැඳුර තුල ජේසුස් ස්වාමින් වහන්සේ පමණක් නොව නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වී ඇති…