ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වීමෙන් තෝරාගනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන් වූ ද, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා වූ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ‛‛අපොස්තුළු ධූරයට’’ ඔසවා වසර 49 ක් පසුරණු ලැබීමේ සංවත්සරය 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති මහත් ජයෝත්සවයෙන් සමරණු ලැබුවා.   ජේසුස් ස්වාමින් වහන්සේ…

එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ.   ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී අද දිනයට වසර හතලිස් නමයක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ නිර්මල කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණය වීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් නමයක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා….

බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය පෙබ්‍රවාරි පළමුවෙනි දා මැදියම් රැයේ උදාවේ

මින් වසර 67 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2024 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට…

67 යනු අංකයක් පමණයි, වයසක් නොවෙයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පවසයි

දිනය 2023 ජූලි 24 වෙනි දා. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී සිඟිති දරුවෙකුට මුල් වරට අකුරු කියවීමේ අවස්ථාවක් යෙදී තිබුණා. නිර්මිත් මෙත්සර නැමැති කුඩා දරුවා සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින්, හෝඩියේ මුල් අකුරු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් උගෙන ගැනීම දෙමාපියන්ගේ කැමැත්ත වී තිබුණා. කුඩා දරුවාගේ දෙමාපියන් වූයේ ජාඇල රංග පෙරේරා…

කෙලෙසුනු සිත් තියන මිනිස්සු තමයි, ක්‍රිස්තුස් වහන්සේවත් කුරුසියක එල්ලලා මරල දැම්මෙ

‛‛අනික් අයව පහත් කිරීම, අනික් අයව හෙලා දැකීම, අන්න ඒක බොහෝම නරකයි, කැතයි. මේ ජාතියෙ පණ්ඩිතයො අද බොහෝම දකින්නට ලැබෙනවා. කොහෙද දන්නවද, මේ ගොල්ලො ෆේස්බුක්, යූටියුබ්, බදු අරගෙන ඉන්නවා. ඒගොල්ලො හිතන්නෙ, තමන් තමයි ක්‍රිස්තුස්වහන්සේ ගැන දන්නෙ, තමන්තමයි ක්‍රිස්තුස්වහන්සේ වදාල ධර්මය දන්නෙ, තමන් තමයි මරිය තුමී ගැන දන්නෙ, තමන් තමයි මරියතුමියට උපන් දරුවා ගැන දන්නෙ, ඒ…

නිර්මල මරිය තුමියගේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙයි – මරිය තුමියගෙන් නැවතත් ප්‍රභල ප්‍රාතිහාර්‍යයක්

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය පසුගිය සිකුරාදා (2023 ඔක්තෝම්බර් 20) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ…

තමන්ගේ තාත්තත් අම්මත් ආදරයෙන් සතුටින් ජීවත්වෙනවා දැකීම දරුවෙකුගේ ලොකුම සතුටයි – ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලබයි

‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට දිය යුතු අත්‍යවශයම ත්‍යාගය සතුට යි. නිතරම විමසිලිමත් වන්න, දරුවා සතුටින් ජීවත්වෙනවා දැ යි සොයාබැලීමට. ඕනෑම දරුවෙක් සතුටුවන ප්‍රධානතම කරුණ වන්නේ, රසවත් ආහාර, සෙල්ලම් බඩු, ලස්සන ඇඳුම් වැනි දේ නොවෙයි. තමන්ගේ තාත්තත් අම්මත් ආදරයෙන් සතුටින් ජීවත්වෙනවා දැකීම දරුවෙකුගේ ලොකුම සතුටයි. තමන්ගේ තාත්ත යි අම්ම යි නිතර දබරකර ගන්නා ආකාරය දකින…

ක්‍රිස්තියාණින්ට කෙසේවත් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අමතක කරන්නට බැහැ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධවූ උත්ථානය අපි සතුටින් සිහිපත් කරනු ලැබුවත්, කුමන අවස්ථාවක දී වත්, කෙසේවත්, අපට උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය අමතක කරන්නට බැහැ. ක්‍රිස්තියානින් හැටියට උන්වහන්සේගේ කුරුසිය, උන්වහන්සේගේ ජීවිත පූජාව අමතක කරලා අපට ජීවත් වන්නට බැහැ. ඒ තුලින් සියලු කිතුනුවන් ජීවයක් ලබනවා. උන්වහන්සේගේ ශුද්ධවු කුරුසයේ පූජාව අපි සිහිපත් කරන සෑම අවස්ථාවකදීම අපගේ හදවත් උන්වහන්සේ කෙරෙහි දයාබරව එසවෙනවා….

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය පූජනීය ධූරයේ වසර 48ක් සපුරනු ලබයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය පූජනීය අපොස්තුළු ධූරයේ වසර 48 ක් නිමවා 49 වන නව අපොස්තලික වසර, 2023 පෙබ්‍රවාරි 7 වෙනි දිනයේ අරඹනු ලැබුවා.   1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ලොව දස සතර වෙනි අපොස්තුළුතුමා ලෙසින් ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන…