කන්‍ය මරිය මාතාවෝ විසි තුන් වතාවක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම දෙව්මැඳුර තෙවන වරටත් පිච්ච මල් සුවඳින් පිරී පැතිරෙයි

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය මෙම වසරේදීත් පසුගිය ඔක්තෝම්බර් 9 වෙනි සෙනසුරාදා සවස පිච්ච මල් සුවඳින් පිරී සිද්ධස්ථාන භූමිය වෙතටත් පැතිරෙන්නට විය.   2019 ජූලි 27 වෙනි සෙනසුරාදා සවස ප්‍රථම වරට දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගිය අතර, එදින නිර්මල කන්‍ය මරිය…

මරණයට සූදානමින් ඉන්නවා කියන්නෙ, මරණයෙන් පසුව අපි යා යුතු හොඳම තැනට යන්නට සූදානම් වෙමින් ජීවත් වීමයි

‛‛අවමංගල්‍ය පමණක් නොවෙයි මංගල්‍ය ගැන පවා මේ වසංගතය පාඩම් උගන්වනවා. මේවා සම්බන්ධව තිබුණා වූ විවිධ සිරිත් සහ සම්ප්‍රධායයන් සියල්ලම වසංගතයට උඩින් ගිහිල්ලා, සිල්ලර ලාමක දේවල් බව මේ වසංගතය උගන්වනවා. මරණයක දී කටයුතු කලයුතු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ සිත් තුල තිබුන ප්‍රාර්ථනාවන් මිරිඟුවක් බවට පත්කරලා, ජීවත් විය යුතු ආකාරය ගැන සිතිය යුතු ම බව මේ වසංගතය…

අපගේ මූලික වගකීම බැතිමතුන්ව රැක ගැනීම – සිද්ධස්ථාන පාලක මණ්ඩලය කියයි

රටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව අගෝස්තු 14 වෙනි සෙනසුරාදා සිට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සවස පැවැත්වෙන දේව මෙහෙයන් තාවකාලිකව අවලංගු කිරීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය තීරණය කර ඇත.   විශේෂයෙන් සෙනසුරාදා සවස දේව මෙහෙය සඳහා දුර ප්‍රදේශයන්හි සිට පොදු වාහන මගින් සිද්ධස්ථානය වෙන පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම, මෙවැනි අවස්ථාවක සාමුහිකව එක්රැස් වීම ද නොකල යුතු…

ලොවට බිහි වූ මහා දහම් කේන්ද්‍රස්ථානය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි

දේව මෑණියන්ගේ ඉල්ලීමකට අනුව ගොඩ නැගුණු ලොව 5 වන දෙව් මැදුර වන අති පූජනීය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද ලොවට ධර්මය බෙදන මහා දහම් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත්තාහ. බොහෝ දෙනෙකුගේ ජීවිත දේව වරප්‍රසාදයෙන් පුරවා ලූ , බොහෝ දෙනෙකුගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් කර ලූ , මේ මහා උතුම් පුදබිම ලොවටම හිමිවූ මහඟු සම්පතකි. මේ උතුම්…

රැස්ව සිටි සියළු සැදැහැවතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යාච්ඤා කරයි

පැතිර යමින් පවත්නා වසංගත තත්වය මධ්‍යයේ ජූලි 31 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ සැදැහැවතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විශේෂයෙන් යාච්ඤා කල සේක.   සිය කුටියේ සිට දෙව් මවුන් වෙත කරනු ලැබූ යාච්ඤාව සිද්ධස්ථාන භූමිය තුල සවිකර තිබූ ශබ්ද විකාශණ මගින් විසුරුවා හරිනු ලැබූ අතර සැදැහැවතුන් මහත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ වදන් අසා…

සියළු සෞඛ්‍යාරක්ෂිත විධි විධාන සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සැදැහැවතුන් සඳහා විවෘතයි

පවතින වසංගත තත්වය නිසා රජය මගින් පැනවූ සෞඛ්‍ය ආරක්ෂක නීතීන්ට අනුව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වන්දනාකරුවන් සඳහා, පසුගිය කාලයේ විවෘතව නොපැවතිය ද, මේ වන විට සිද්ධස්ථානය වන්දනාකරුවන් සඳහා විවෘතව ඇත.   ජූලි 31 වෙනි ලබන සෙනසුරාදා සවස 5 ට අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය උච්චාරණය කෙරෙන අතර, ජපමාලය අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්…

හොඳට හදා ගත්තොත් ඔබ ලඟින් ම සිටින හොඳම මිතුරා ඔබගේ සිතයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂනය ඔස්සේ සිය බැතිමතුන් අමතා පවසති

‛‛පිස්සු වැටුණු සිතට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙයිද? බැහැ. එතනින් පස්සෙ එවැන්නෝ බලාපොරොත්තු වෙන්නේ, ඔවුන් හිතන විදිහට ම අනික් කෙනාත් හිතනවා දකින්නටයි. ඔවුන්ගේ තීරණයට අනික් අයද කැමති වෙනවා හෝ කීකරු වෙනවා දකින්නටයි. ඔවුන් සිතන විදිහට ම අනික් අය ද සිතනවා දකින්නටයි. මෙවැන්නෝ මධ්‍යස්ථව සිතන්නට දන්නෙත් නැහැ, ඒකට කැමතිත් නැහැ. ඇත්ත නැත්ත සොයා බලන්නට දන්නෙත් නැහැ,…

අවුරුදු 47 කට පෙර නිමාවූ අමිල පිය සෙනෙහස

මින් අවුරුදු 47 කට පෙර, එනම් 1974 ජුලි මස 04 වෙනිදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සදාදරණීය පියාණන් වන ජී. සී. අපොන්සු මැතිතුමා වසර 62 ක් ආයු වළඳා මෙලොවින් සදහටම සමුගත් දිනයයි. ජී. සී. අපොන්සු මැතිතුමා පානදුර ප්‍රදේශයේ උපන්, දැඩි බෞද්ධ වටපිටාවක හැදී වැඩී, බෞද්ධ ප්‍රතිපත්ති තම ක්‍රියාවෙන් පමණක් විදහා දැක්වූ, ධනවත් සිල්වත් පින්වත් බොදු…

අපොස්තුළුතුමෙකුට පිතෘක සෙනෙහස දුන් වාසනාවන්ත පියෙකුගේ 47 වන අනුස්මරණය

අද ලොව එකම ජීවමාන අපොස්තුළුතුමාණන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ පියාණන් වන, ජී. සී. අපොන්සු මැතිතුමාගේ 47 වන අනුස්මරණ දිනය (අද) ජූලි 4 වෙනි දිනයට යෙදී ඇත. විශාල ව්‍යාපාර රැසකට හිමිකම් කිවූ, කටුනායක ප්‍රදේශයේ ජීවත් වූ ව්‍යාපාරිකයෙක් වන ජී. සී. අපොන්සු මැතිතුමා විශාල ධනයක් හිමි ධනවත් පුද්ගලයෙකු මෙන්ම පිරිසිදු සහ ත්‍යාගිශීලී හදවතක් ඇති, ධර්මානුකූලව…

මරණයෙන් පසු යන තැනකට යන්න, වැලලෙන තැන හෝ පිච්චෙන තැන සාධකයක් නොවන බව, මේ වසංගතය පාඩම් උගන්වමින් පෙන්වා දෙන්නේ ආගම නොව, ධර්මය යි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ පවසති

‛‛වෙනදා ඇසූ මරණයන්ට වඩා අද හාත්පසින් ම වෙනස් විදිහට මරණය ගැන ඔයගොල්ලන්ට සිතන්නට වෙලා තිබෙනවා. වෙනදාට වඩා සිය දහස් ගුණයකින් මරණය, ඔයගොල්ලන්ට ජීවිත පාඩම කියා දෙන්නට ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මේ කාලයේ නිරන්තරයෙන් ඔබට මරණය සිහිවෙන කාලයක් බවට පත්වෙලා. මේ වගේ භයානක වසංගත කාලයක් මුළු ලෝකයේ ම පවතින කාලයක, මරණය දෙස එඩිතරව බලන්නට, ධර්මය…