දැන් සියල්ලට ම කලින් දෙමවුපියන්වත් මෝබයිල් ෆෝන් එකෙන් ගලවාගන්නට වෙලා, අද දෙමවුපියොත් මේකට ඇබ්බැහි වෙලා

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දරුවන් එකළොස් දෙනෙකු වෙත ප්‍රසාද ස්නාපනය දානය කරමින් දෙමාපියන්ට කියති   ‛‛විශේෂයෙන් අද දින ජොර්දාන් නදී ජලයෙන් ප්‍රසාද ස්නාපනය ලද සියලු දරු දැරියන්ගේ ආදරණීය දෙමාපියවරුනි, ඔබගේ දරුවන් අද දින ජොර්දාන් නදී ජලයෙන් ප්‍රසාද ස්නාපනය ලැබ අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඔවුන් සියලුමදෙනා තවමත් ළමා වියේ පසුවන අය. දෙමාපියන් වශයෙන් ඔබගේ යුතුකම…

පුදුමයි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධවූ කුරුසිය බලවත් වෙයි!

හෙට සෙනසුරාදා සවස 6 ට නැවතත් ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කෙරෙයි ලොව පළමු වරට කුරුසිය, ‛ශුද්ධවූ කුරුසියක්’ බවට පත්වූයේත්, කුරුසිය බලවත් වූයේත්, නිර්මල කන්‍ය මරිය මාතාවෝ කුරුසිය පාමුළ සිටිය දී යි. ඒ බව අපට සිහි ගන්වමින් වර්තමානයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින්, කුරුසියේ…

“දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම ලොකුම අභාග්‍යයි” මරිය තුමිය ශ්‍රී ලංකාවේ දී පැවසු වදන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යළි සිහිපත් කරවයි

මිනිසුන් අතර ජීවමානව ම වැඩ සිටි ජේසුස් වහන්සේව, දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට එදා ජනතාව අපොහසත් වූ බවත්, උන්වහන්සේ මිය ගියාට පසුව නොව, උන්වහන්සේව ඝාතනය කලාට පසුව, උන්වහන්සේගේ අප්‍රාණික ප්‍රතිමා දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට ජනතාව පෙළඹී ඇති ආකාරය හමුවේ, එදා ජනතාවට සත්‍ය හඳුනා ගැනීමට තිබූ නොහැකියාව තේරුම් ගත හැකි බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියතුමා,…

හෙට (මාර්තු 22) සෙනසුරාදා හාස්කම් යාච්ඤාව සවස 6 ට

ජීවිත ගමනේ විවිධ ප්‍රශ්ණකාරී ගැටළුවලින් පීඩාවට පත් වී සිටින ජනතාවගේ අද සරණය බවට පත්වී සිටින කටුනායක අප ස්වාමිදුව ජීවමාන වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවක ම සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව පසුගිය සෙනසුරාදා (මාර්තු 15) පවත්වනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල දීයි.   මෙම දර්ශණ…

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

  ‛‛යම් නිවසක සැමියා සහ බිරිඳ, එහෙමත් නැත්තම් අම්මා සහ තාත්තා අතර සුහද බව, යහපත් බව, ධර්මිෂ්ඨ බව අර්ථාන්විත වෙනකොට තමයි යහපත්, ගුණවත් සහ සමාජයට බරක් නැති දරුවන් නිර්මාණය වෙන්නෙ. එහෙම නැතුව අම්මා තාත්තා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් නැත්නම්, දරුවන්ට ආදර්ශමත් සම්බන්ධතාවයක් නැත්නම්, ඒ අයගේ ජීවිත වල සාරවත් ගුණාංග නැත්නම්, ඒ අයගේ දරුවන් කවුරු දිහා…

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ලොව පුරා ක්‍රිස්තියාණි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ 2024 වෙනි සංවත්සරය සමරත් දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ජීවිතය තුල පනස් වන වරටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හෙවත් නත්තල 2024 නත්තල් මැදියම් රැයේ දී සමරණු ලැබීම ඉතිහාස ගතවෙන සිදුවීමක්.   ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පුද කරනු ලැබූවේ කටුනායක අප ස්වාමිදූගේ…

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් තුරුලේ හොවාගත් නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරෙමින් තිබිය දී, එම ප්‍රාතිහාර්‍යය ආරම්භ වී විනාඩි 15කට පමණ පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැඳුරේ මෙම ප්‍රාතිහාර්‍යය සිදුවෙමින් පැවත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ සිට සැදැහැවතුන් අමතා…

ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදීම දශක ගණනාවකට පසුව නැවත ආරම්භ කරයි

ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම වසර 40කට පමණ පසුව නැවත ආරම්භ කරනු ලැබුවේ පසුගිය (අගෝස්තු 24) සෙනසුරාදායි.   නිර්මල කන්‍ය මරියෝතමාවන්ගේ මග පෙන්වීමක් මත, මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ, 1975 පෙබ්‍රවාරි මාසයේ දී යි. ඒ නිර්මල කන්‍ය මරියෝත්තමාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වීමට ආරම්භ…

පිච්ච මල් සුවඳ පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව පාමුළ හාස්කම් යාච්ඤාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

පසුගිය සෙනසුරාදා (2024 අගෝස්තු 24) හාස්කම් යාච්ඤාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ, නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුලයි.   ඊට පෙර සතියේ සෙනසුරාදා (2024 අගෝස්තු 17) ඉතාමත් බලගතු ප්‍රාතිහාර්‍යයක් සයවෙනි වරටත් සිදු වූ දර්ශණ දෙව්මැඳුර තුල හාස්කම් යාච්ඤාව පුද කිරීමට අවස්ථාව සැලසීම සියළු…

වාර්ෂිකව සිදුවන මරිය තුමියගේ මහා පුදුමය සයවන වතාවටත් සිදුවෙයි

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර 2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගියේය.   එසේ සිදුවන්නට හේතු වූයේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙන්නට පටන් ගත් නිසයි.   නිර්මල කන්‍ය…