ජන හදවත් දිනාගත් සන්ධ්‍යා නුවාන මෙහෙය මාර්තු 2 වෙනිදා යළි ආරම්භ වේ

කිසිදු භේදයකින් තොරව ජන හදවත් දිනාගත් ‛‛නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා සන්ධ්‍යා නුවානය’’ මාර්තු මාසයේ පළමුවන සෙනසුරාදා දිනය යෙදී ඇති, මාර්තු 2 වෙනිදා සවස 4 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී ආරම්භ වේ. එතැන් සිට සෑම මාසයකම පළමුවන සෙනසුරාදා මෙම සන්ධ්‍යා නුවාන මෙහෙය පැවැත්වෙනු ඇත.   ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සැදැහැවතුන් ද සමගින් දෙව් මවුන්ට ජපමාලය පුද කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2013 ජනවාරි 12 වෙනි දින සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේදී දෙව් මවුන්ට ජපමාලය පුද කල සේක.   ජපමාල යැදුම ඉතාමත් පාරම්පරික දෙව් මවුන්ට යැදුමක් වන අතර, ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි එතුමිය දර්ශණය වූ අවස්ථාවන්හිදී, එතුමිය නොවරදවාම ජපමාලය උච්ඡාරණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී…

ජේසුස් ස්වාමින්වහන්සේ මේ ලෝකයට දර්ශණය වී අපොස්තුළුවරුන් පත්කිරීම උන්වහන්සේ ලෝකයට කල ලොකුම අභියෝගයයි

‛අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට කල ලොකුම හාස්කම ලෙස මම දකින්නේ, උන්වහන්සේ සාමාන්‍ය දුබල මනුෂ්‍යයකු ලෙස මේ ලෝකයට පැමිණීමයි. ශුද්ධවු පාවුළු අපොස්තුළු තුමා තිමෝතියස් වෙත ලියනු ලැබූ ලිපියෙහි මෙවැන්නක් සඳහන් කර තිබෙනවා. ‛‛උන්වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය, අධිපති, රාජාති රාජ, දේවාතිදේව තැනැන් වහන්සේය. උන්වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන්…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී වසර තිස් අටක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ට වේ. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය තිස්අට වසරක් පුරා, විසි තුන් වතාවක් එතුමිය දර්ශණය වූවාය.   නිර්මල කන්‍ය මරිය තුමිය…

ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාගේ ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදා

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 56 වෙනි ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 56කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී…

අපොස්තලික සේවා නිලධාරීන්ට දිවා භෝජන සංග්‍රහයක්

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ අපොස්තලික අභිෂේකයේ 37 වන සංවත්සරය නිමිත්තෙන් නුවරඑළියේදී පවත්වනු ලැබූ උන්වහන්සේගේ දේශණයට සවන් දීම සඳහා විශේෂ ආරාධනයක් ලැබ පැමිණ සිටි අපොස්තලික සේවාවන්ට සම්බන්ධ නිලධාරීන් සඳහා ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් දිවා භෝජන සංග්‍රහයන් පිරිනමනු ලැබීය.   ඡායාරූප සඳහා විස්තර :- අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට සේවය කරනු…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවාහ මංගල පූජාවක් ලබන සෙනසුරාදා – ලක්ෂ්මන් රෝයි සිල්වා යුග දිවියට

කමරාගොඩ ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා සහ ඒකල සශිකලා නිරෝෂනී මෙනවිය විවාහ දිවියට ඇතුලත් වීමේ, විවාහ මංගල දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා (ජනවාරි 26) සවස 4 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙනවා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගිවීම සඳහා සියළුම සැදැහැවතුන්ගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරන නව යුවල, ඒ සඳහා…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පොදු ජනතා හමුව (2013 ජනවාරි 12)

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2013 ජනවාරි 12 වෙනි සෙනසුරාදා සවස පොදු හමුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී පවත්වන ලදී.   එදින විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි වන්දනාකරුවන් කිසිදු භේදයකින් තොරව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් ආශිර්වාදය ලබා ගත්තේ දැඩි ශ්‍රද්ධාවකින් යුතුවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පත්කරනු ලැබූ අපොස්තුළු තුමෙකුගෙන්…

අපොස්තලික සේවා නිලධාරීන් සිහිවටන කාඩ් පත් කියවා බලයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ‛අපොස්තුළු තුමෙකු’ ලෙස මෙලොව ගත කල වසර 37 ක සංවත්සරය සිහිපත් කරමින් නුවරඑළියේදී පවත්වනු ලැබූ දේශණයට සවන් දීම සඳහා පැමිණ සිටි අපොස්තලික සේවා නිලධාරීන් වෙත සිය අපොස්තලික සංවත්සරය සමරමින් සිහිවටන කාඩ්පත් බෙදා දුන් අතර, දේශණය නිමවා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ශාලාවෙන් පිටත්ව ගිය පසු නිලධාරීන් උන්වහන්සේගේ සුරතින් ලද…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය අයි පෑඩය ප්‍රසිද්ධියේ පාවිච්චි කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය අයි පෑඩය (අප දන්නාතරමින්) ප්‍රසිද්ධියේ පාවිච්චි කරන අයුරු 2012 නොවැම්බර් 18 වෙනි ඉරුදින සවස අපට දැක ගත හැකි විය.   එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති බැතිමතුන් කණ්ඩායමක් සඳහා වූ රැස්වීමේදී උන්වහන්සේ සිය අයි පෑඩය පාවිච්චි කරනු ලැබීය.   සිය…