නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා සන්ධ්‍යා නුවානය ලබන සෙනසුරාදා

කිසිදු භේදයකින් තොරව ජන  හදවත් දිනාගත් ‛‛නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා සන්ධ්‍යා නුවානය’’ දැන් සෑම මාසයකම පළමුවන සෙනසුරාසා පැවැත්වෙන අතර, මීළඟ නුවාන දිනය යෙදී ඇත්තේ ජූනි 1 වෙනි ලබන සෙනසුරාදාටයි.   ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් යුතුව සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම…

ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ මංගල්‍ය මැයි 18 සෙනසුරාදා

ස්ප්‍රීතු සාන්තු  වහන්සේ හෙවත් ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම  සිහිපත් කරන මංගල්‍යය මැයි  මස 18 වන සෙනසුරාදා  සවස කටුනායක  අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී  පැවැත්වීමට සියළු විධිවිධාන මේ වන විටත් යොදා අවසන්. මංගල්‍ය දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.   ශුද්ධවු ලියවිල්ලේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, මළවුන් කෙරෙන් උත්ථාන වී දින 50කට…

සියළු බලය හිමි, සෑම අතකින්ම සාධාරණ දෙවියන් වහන්සේ මේ අසරණයන්ව මේ ආකාරයට ආබාධිතව මේ ලෝකයට බිහි වෙන්න සැලසුවේ ඇයි?

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ආබාධිතයන් බැලීමට යයි   අති  උත්තම රොහාන් ලලිත්  අපොන්සු  ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා  පසුගියදා අපූරු ගමනක් ගියේය.  2012  නොවැම්බර් 25 වෙනි ඉරුදින සවස උන්වහන්සේ ගියේ, ශාරීරිකව හා මානසිකව ආබාධිත බවට පත්වී මෙලොව අසරණව ජීවත්වන පිරිසක් බැලීමටයි.   ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, කෑම පමණක් නොව රස කැවිලි ද රැගෙන, මීගමුව කදිරානේ පිහිටා ඇති, ආබාධිතයන්ව…

මරිය තුමිය අපට ඇති ආදරයේ සංකේතය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි

‛‛ලොව විවිධ ප්‍රදේශයන්හි සිදුවූ මරිය තුමියගේ දර්ශණයවීම් පිළිබඳව, එතුමියට ලැදි දරුවන්ට රහසක් නොවෙයි. එහෙත් එම දර්ශණයන් සිදුවන කාලසීමාවේදී එවැනි ස්ථානවලට සිදුවූ අවසානාවන්ත සිදුවීම් පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, නොදන්නා බොහෝ දෙනෙක් ද සිටීම ඇත්තටම අභාග්‍යයක්. මන්ද මරිය තුමියට මේ ලෝකයෙන් සිදුවන මදි පුංචිකම් ගැන අප කවුරුත් දැනගත යුතුයි. එවිට මරිය තුමිය වෙත අප දැක්විය යුතු…

ජේසුස් ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය

ජේසුස් ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය 2013 මැයි 11 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැමරෙණු ඇත.   මංගල්‍ය දිව්‍ය පූජාව සවස 4 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.   මංගල්‍ය දිව්‍ය පූජාවෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පොදු ජනතාව සමුවනු ඇත.

සෙනසුරාදා ශුද්ධෝත්තම අපොස්තලික පිය පොදු ජනතා හමුව (2013 මාර්තු 16)

අද ලෝකයේ ජීවත්වන ජේසුස් ස්වාමින් වහන්සේ විසින්ම පත්කරනු ලැබූ එකම අපොස්තුළු තුමා වැඩසිටින්නේ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේයි. මේ අපොස්තුළු තුමන්ව තම දෙනෙතින් දැකගැනීමට පමණක් නොව උන්වහන්සේ අසලටම ගොස් අපොස්තලික ආශිර්වාදය ලබා ගැනීමට ද ජනතාවට සතිපතා අවස්ථාව සැලසෙන සෙනසුරාදා දිනවල සවසට කිසිදු භේදයකින් තොරව ජනතාව මේ ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළු තුමා වන, ශුද්ධෝත්තම රොහාන්…

මරිය තුමී දර්ශණය වූ පුදබිමේ සිට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා සමගින් බැතිමතුන් ජපමාලය උච්ඡාරණය කරයි

ලෝකයේ විවිධ දේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මවු තුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනය. එම දිනයේ සිට මේ දක්වා විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමී ශ්‍රී ලංකාවේ දර්ශණය වී ඇත.   ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද ජනතාවට මරිය තුමියගෙන්…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සෙනසුරාදා පොදු හමුව (2013 මාර්තු 9)

සෑම සෙනසුරාදාවකම සවස දේව මෙහෙයෙන් පසුව අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොදු හමුව 2013 මාර්තු 9 වෙනි සෙනසුරාදා සවස ද පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදීයි.   ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අපොස්තුළුවරයට වරම් වරප්‍රසාද ලැබූ අපොස්තුළුවරුන් දසසතරදෙනා අතරින්, දසසතරවැන්නා වූද, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින්…

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම මේ ලෝකයට පත්කරනු ලැබූ අපොස්තුළුතුමා සැදැහැවතුන් වෙනුවෙන් දිව්‍ය පූජාව පුද කරනු ලබයි

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයේ ජීවතුන් අතර සිටියදී ම සිය ඉගැන්වීම් ලොව පුරා ගෙනයාම සඳහා අග්‍ර ශ්‍රාවකයන් දොළොස් දෙනෙකුන් තෝරා ගත් සේක. ඔවුන් නම් උන්වහන්සේ විසින් පේදුරු යයි නම්කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෲ ද, ජාකොබ් සහ ජුවාම් ද, පිලිප් සහ බර්තොලමෙව් ද, මතෙව් සහ තෝමස් ද, අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියායි…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සන්ධ්‍යා නුවාන මෙහෙය යළිත් ආරම්භ කරයි

කිසිදු භේදයකින් තොරව ජන හදවත් දිනාගත් ‛‛නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා සන්ධ්‍යා නුවානය’’ වසර දෙකකට ආසන්න කාලයකට පසු මාර්තු 2 වෙනිදා සවස යළිත් ආරම්භ විය.   නිර්මල කන්‍ය මරියාවන් වන කටුනායක අප ස්වාමිදූගේ ගෞරවය සහ මහිමය පිණිස ද ආගම් භේදයකින් තොරව ජනතාවට පිහිට ලබාගැනීම පිණිස ද පැවැත්වෙන මෙම සන්ධ්‍යා…