
මරිය තුමියගේ ඉල්ලීම සත්වන දිනයේත් සපුරාලමින් රෝසමල් ඉටිපහන් දල්වයි (2013 සැප්තැම්බර් 14 වෙනිදා)
අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. මෙම දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව සැදැවත් ජනතාවගේ පූජනීය ගෞරවය දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්. …









