මරිය තුමියගේ ප්‍රතිමාව ඉවත් කිරීම පිළිබඳව ඉහළින් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය මාතාවන්  දර්ශණය වූ ප්‍රථම සහ  එකම සිද්ධස්ථානය වන කටුනාක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රීත භූමි පෙදෙස මුළුමනින්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා අවශ්‍යතාවයක් වී ඇති, සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමේදී සිදුකල යුතු විශේෂ නව දින පිළිවෙතක් පිළිබඳව, පසුගිය…

සෑම සති අන්තයකම පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව (2013 අප්‍රියල් 27)

සෑම  සති අන්තයකම සෙනසුරාදා  සවස  කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන අපොස්තලික පිය පොදු  හමුව 2013 අප්‍රියල් 27 වෙනි සෙනසුරාදා සවස ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුනි.   මෙම පොදු හමුවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් පුද බිම වෙත වන්දනාකරුවන් රැස්ව සිටියේ අද ලෝකයේ ජීවත්වන,…

එතෙක් මෙතෙක් කාලයක් මේ දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිට දණ නැමූ සියළු දෙනාම අගෝස්තු 3 වෙනිදා සවස 6.30 ට මේ දෙව් මවු ප්‍රතිමාව අභියස පැවැත්වෙන ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙයට’ එන්න

අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී ඇති බවත්, මෙම පුවත අප සියළු දෙනාටම දුක් මුසු පුවතක් වූවද, මෙම දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉහළින්ම…

පාපය ප්‍රතික්ෂේප කර ජීවත්වීම, ක්‍රිස්තියාණි අපේ ප්‍රතිපත්තිය විය යුතුයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා

ක්‍රිස්තියාණින්ගේ  ප්‍රතිපත්තිය කුමක් විය යුතුද? අති  උත්තම  රොහාන් ලලිත්  අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා  මෙම  පැනය මතු කරනු ලැබුවේ 2013 අප්‍රියල් 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උන්වහන්සේ පවත්වනු ලැබූ දේශණයේදීයි.   සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර ඇති මණ්ඩපයේ දී දිව්‍ය පූජාව පැවැත්වූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය දේශණයේදී මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා….

ජේසුස් ස්වාමින් වහන්සේගේ වචනයට අවනත වෙමින්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සැදැහැවතුන්ට ශ්‍රී රුධිරය ප්‍රධානය කරයි

ජේසුස් ස්වාමින්  වහන්සේ ස්වකීය මරණයට පෙර මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුල ජීවනය නැත, යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද මාගේ රුධිරය පානය කරන්නේද ඔහුට සදාතනික ජීවනය ඇත. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නෙමි. මාගේ මාංශය සැබෑ භෝජනය වේ….

ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමන්ගේ මංගල්‍ය ලබන සෙනසුරාදා

ක්‍රි. ව. 35 දී පමණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී අපොස්තුළු වරය සඳහා තෝරා ගනු ලැබූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමන්ව, ක්‍රි. ව. 65 ජූනි මස 29 වෙනි දින, මුවහත් කඩුවක් උපයෝගි කරගෙන හිස කඳින් වෙන්කර, එනම් බෙල්ල කපා මරා දමනු ලැබූවා.   ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව, උන්වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා ගනු…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ඉදිරි දේව මෙහෙයන්

අති උත්තම  රොහාන් ලලිත්  අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සති කීපය තුල, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන දේව මෙහෙයන් පිළිබඳව විස්තර, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේව මෙහෙයන් සංවිධායක කාර්‍යාලය මගින් ජූනි 22 වෙනි සෙනසුරාදා උදේ නිවේදනය කරනු ලැබුවා.   එම නිවේදනයට අනුව ඉදිරි සති අන්තයන්හි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන…

ඇඳුමක් මිනිහෙකුව ශීලාචාර කරන්නේ නැහැ, නමුත් ශීලාචාර මිනිසාව ඇඳුමෙන් හඳුනා ගන්න පුළුවන්

‛‛මෙතන ඉන්න දෙමව්පියන්ගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අම්මලාට මම ආයාචනා කරනවා. ඔබේ දියණිය තරුණියක් වූ පසු කෙසේ හැඳ පැළඳගෙන සිටිනවා දකින්නට ඔබ කැමතිද, අන්න ඒ ලෙසින්ම කුඩා කාලයේ සිටම දියණියට ඇඳුම් ලබා දෙන්න. ඔබේ කුඩා දියණිය අද අඳින පළඳින විදිහටම තමයි, හෙටත් අඳින්නේ, ඒ විදිහටම තමයි, තව මසයකිනුත් අඳින්නේ, ඒ විදිහටම තමයි තව…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ විවාහ මංගල පූජාවක්

ශුද්ධෝත්තම රොහාන්  ලලිත්  අපොන්සු අපොස්තුළු  තුමන්ගේ ප්‍රධානත්වයෙන්  2013 ජනවාරි 26  වෙනිදා සවස  කටුනායක  අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ  දී  විවාහ මංගල දිව්‍ය පූජාවක්  සිදුකරනු  ලැබීය.   මෙතෙක් කාලයක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සිදු කරනු ලැබූ සියළුම විවාහ මංගල දිව්‍ය පූජාවන් සිදු කරන ලද්දේ, දර්ශණ දෙව්මැඳුර තුලදීය. එහෙත් ජනවාරි 26 වෙනි සෙනසුරාදා සවස සිදුවූ විවාහ මංගල්‍ය දිව්‍ය…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පොදු ජනතා හමුව (2013 අප්‍රියල් 06)

21 වන සියවසට ඔබින පරිදි, 20 වන සියවසේදී ජේසුස් වහන්සේ මේ ලෝකයට කලාවූ විශාලතම සේවය මේ ලෝකයට අපොස්තුළු තුමෙකු පත් කිරීමයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේම මේ ලෝකයට දර්ශණයවී පත්කරනු ලැබූ අපොස්තුළු තුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දුක්බර ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ට පිහිට වන්නාවූ අපොස්තුළු තුමෙකු ලෙස…