නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ පහනක් දල්වා දිනපතා ජපමාලය ඔප්පු කරන්න

උදා වී ඇති තත්වය හමුවේ දැඩි ශෝකයට පත් වී සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, මේ දුෂ්කර වේදනාබර අවස්ථාවේ සාමයේ රාජේශ්වරිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත ජපමාලය ද අතැතිව යොමුවන මෙන් සියළු ක්‍රිස්තියාණි සහෝදර ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නාහ.   දිනපතා රාත්‍රියේ තම නිවෙස් තුල නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ පහනක් දල්වා ජපමාලය ඔප්පු…

පිපිරීම් සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ බලවත් ශෝකය

පාස්කු ඉරුදිනයේ අප ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයක සහ හෝටල් කිහිපයක ද සිදුවූ පිපිරීම් සම්බන්දව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නාහ.   2019 අප්‍රියල් 21 වෙනි ඉරුදින සවස නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, සියළු ක්‍රිස්තියාණි ජනතාවට උතුම් දිනයක් වූ පාස්කු ඉරුදිනය ලෙයින් තෙත් කර කෙලෙසීම කරනු ලැබූ දෑත්…

ඉදිරි හාස්කම් යාච්ඤාව සහ පාස්කු දේව මෙහෙයන් පිළිබද විස්තර

අප්‍රියල් 13 වෙනි ලබන සෙනසුරාදා දිනයේ සිංහල අළුත් අවුරුදු නිවාඩු දිනය යෙදෙන බැවින් පොදු ගමනා ගමන සේවාවන් බොහෝ දුරට අඩුවන නිසා සහ එම හේතුවෙන් දුර සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට සිද්ධස්ථානයට පැමිණීමේ දී සහ ආපසු යාමේ දී සිදුවන ගමන් අපහසුකම් සැලකිල්ලට ගෙන අප්‍රියල් 13 වෙනි ලබන සෙනසුරාදා හාස්කම් යාච්ඤාව නොපැවැත්වේ.   මහ…

වැඩිහිටි නිවාසයකට මංගල භෝජනය පිළිගන්වා මංගල ගමන ගිය පින්බර යුවල වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැදුර තුල දිව්‍ය පූජාව පවත්වයි

පසුගිය සෙනසුරාදා එනම් 2019 මාර්තු 30 වෙනිදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල අති විශේෂ දිව්‍ය පූජාවක් අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින් පුද කරනු ලැබූහ. එම දිව්‍ය පූජා මෙහෙයේ විශේෂත්වය කෙටියෙන් සදහන් කරන්නේ නම් මෙලෙසින් කිව හැකියි.   ජාඇල රංග ප්‍රසාද් පෙරේරා සහ සදුනි දිලීකා පෙරේරා යුවල අතිනත් ගනු ලැබුවේ පසුගිය…

ජේසුස් ස්වාමින්වහන්සේ සතුටු වන්නේ උන්වහන්සේ දෙසූ දහම නිවැරදිව දැනගෙන ඒ අනුව අපි ජීවත් වෙනවා දැකීමෙන් පමණයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

පසුගිය 2018 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුලදී පැවැත් විය.   මැදියම් රැයේ විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්ට දර්ශණ දෙව්මැදුර තුල දැකගන්නට ලැබුනේ හරිම අපූරු දසුනකි. සිද්ධස්ථාන භූමියේ ගවලෙන ඉදිකර තිබුන අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සෑම වසරකම මධ්‍යම…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් අනුව යමින් රශේන් බණ්ඩාර සිය උපන් දිනය මහලු මවු පියන් අතරේ සමරණු ලබයි

මීගමුවේ නිල්නුවන් බණ්ඩාර මහතා සහ එම මහත්මියගේ වැඩිමහල් පුත් රශේන් සුපේශ්ල බණ්ඩාර පුතුගේ උපන් දිනය යෙදී තිබුනේ පසුගිය පෙබ්‍රවාරි 8 වෙනි දිනටය.   මීගමුව ගේට් වේ ජත්‍යාන්තර පාසැලේ අධ්‍යාපනය ලබන රශේන් සිය උපන් දිනය වෙනුවෙන් වෙනත් වසරවල දී මෙන් සිය දෙමාපියන්ගෙන් තමන්ට යමක් මෙවර ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ පානදුර, පිංවත්තේ, ආලෝකා…

අනුනාහිමියන් වෙතින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට උපන් දින ත්‍යාගයක්

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන උපන් දින සංවත්සරය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුනි.   තම උපන් දින වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, පානදුර පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව ජීවත් වන මහලු මවු පියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.   පානදුර, පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ, ශ්‍රී සද්ධර්මාකර පිරෙවෙන් විහාරය…

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

දිග හුස්මක් ඉහළට ගන්නා ලෙසත් නැවත එය පහළට දමන ලෙසත් ලෙසත් තුන් වරක් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ක්‍රියාව කරන්නට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී එම ක්‍රියාව අප නතර කරනු ලබන මොහොතක් පැමිණෙන බව ප්‍රකාශ කල සේක.   මෙලොවින් වියෝ වූ සියල්ලන් සිහිපත් කරමින්, 2018 නොවැම්බර් 17 වෙනි දින සවස මළවුන් සිහිපත් කිරීමේ දිව්‍ය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 62 වන ජන්ම සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 62 වන උපන් දිනය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දා අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරණු ලැබීය.   මීට වසර හැටදෙකකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබීය. ඉන් වසර හැටදෙකකට පසු 2019 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක…

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලග නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා. නත්තලට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින්…