His Holiness the Apostle Rohan Lalith Aponso

ලොවටම ආදර්ශයක් දෙමින් ශෙඩ්රික් ක්‍රාමර් සමග ප්‍රසානි ඉමන්ති අතිනත ගනියි

කටුනායක ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා සමගින් මීගමු – කුරණ ප්‍රසානි ඉමන්ති තරුණ මෙනවිය 2019 අගෝස්තු 30 වෙනි සිකුරාදා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.   මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය….

His Holiness Apostle Rohan Lalith Aponso

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි….

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ…

දුර්ලභ අවස්ථාවක් – දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වීමට සැදැහැවතුන්ට අවස්ථාවක් හිමි වෙයි

පසුගිය ජූනි 29 වෙනි සෙනසුරාදා දින සවස සතර දිගින් සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටියේ එදින සවස පැවැත්වූ හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සඳහායි.   සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට රැස්වූ සැදැහැවතුන් මහත් ශ්‍රද්ධාවකින් යුතුව හාස්කම් යාච්ඤාවට සහභාගි වූ අතර, ඔවුන් සිය ඉල්ලීම් ලිවූ ලිපි ඔසවාගෙන නිර්මල…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර නවයක් සම්පූර්ණ වෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2019 ජූනි 26 වෙනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. 2010 ජූනි 26 වෙනි දින එතුමිය ස්වර්ගස්ථ වන විට අනූවන වියෙහි පසුවූවාය.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ රැකවරණය ඇතිව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගතකල එතුමිය, ලොවට අපොස්තුළුතුමෙකු ලබා දුන් මවක් ලෙසින් බැතිමතුන්ගේ ද ආදරයට සහ සැලකිල්ලට…

යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මම නිතරම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ව පුළුවන් තරම් පාපයෙන් අහකට අරගෙන, අඳුරින් හැකිතාක් ආලෝකයට ගන්ඩ. පාපයෙන් අයින් කරලා, පිනට ලැදි පුද්ගලයන් පිරිසක් බවට පත් කරන්න. ඒකට තමයි ලොකූ කැපකිරීමක් කරන්නේ. ඒකට තමයි මම ලොකු උත්සාහයක් දරන්නේ, ඔයගොල්ලන්ට ඒ තත්ත්වය ඇති කරන්න.   අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ, 2019 නව…

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසිය මත මරා දමණු ලැබූ දිනයේ උන්වහන්සේගේ අවසන් පැය කීපය පිළිබඳව ලියා ඇති සුවිශේෂකවරුන් සතර දෙනා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව ලියා ඇති කරුණු සියළු ක්‍රිස්තියාණින්ගේ අවධානයට යොමු විය යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය අප්‍රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි.  …

කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙන සේක – දෙව් මවුන්ට පිදෙන හාස්කම් යාච්ඤාව ලබන සෙනසුරාදාත් සවස 5 ට

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ එකම සිද්ධස්ථානයයි. එතුමිය විසිතුන් වතාවක් මෙම සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති අතර, එම දර්ශණයන් අතරින්, 9 වන දර්ශණය සිදුවූ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින එතුමිය ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයෙන් දන්වා සිටියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදු කරනු…

කෙනෙකුගේ මරණාසන්න මොහොත ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති

දැනට අවුරුදු කීපයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විවිධ පුද්ගලයන් මේ ලොව හැරදා යන්නට යන අවසන් මොහොතට සහභාගි වී ඇති බවත්, කෙනෙකුගේ මරණාසන්න මොහොත හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන්නට යන මොහොත ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බවත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2018 නොවැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට…