ලෙහෙසියෙන් දකින්න බැරි, ලෙහෙසියෙන් කතාකරන්න හම්බෙන්නෙ නැති, ජීවිතයේ වටිනාම කෙනෙක් මුණගැසුනම දැනෙන සතුට

පසුගිය අප්‍රියල් 16 දින රාත්‍රී 9.45 ට මෙම වචන පෙල මගේ ෆේස්බුක් ගිණුමේ මම සටහන් කලෙමි. එය දුටු කීප දෙනෙක්ට ම මා කියන්නේ කවුරුන් ගැනදැයි තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබුණත්, රට පුරා ඇදිරි නීතිය ඇති වෙලාවක මේ හමුවීම කෙසේ සිදුවූවා දැයි තේරුම් ගැනීමට නොහැකි වී තිබුණි. තවත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබුණ…

අද සිදුවෙමින් පවතින මේ ව්‍යසනය සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කලේ 2012 නොවැම්බර් 21 වෙනිදා

කොවිඩ් නයින්ටීන් යනු මේ දිනවල පැතිරී යන දරුණු වෛරසයක්. මුළු පෘතුවියම බියෙන් ඇළලී ගොස්. මෙවැනි දරුණු ව්‍යසනයක් පිළිබදව අප අධ්‍යාත්මික ගුරුවරයාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ 2012 නොවැම්බර් 21 වෙනි දිනයි. ඒ පිළිබදව පැහැදිලි විස්තරයක්, 2012 දෙසැම්බර්, ‛එඩේරා’ පුවත්පතේ, 4 වෙනි පිටුවේ පලකර ඇත. ‛මරිය හඩ’ වෙබ් අඩවියේ ද මේ ගැන…

කිවූ ඒ අගනා සෞඛ්‍ය කතා සිහිවෙන කාලයක් උදාවුනා අපොස්තුළුතුමෙනි

ලෝකයට වටිනා පුද්ගලයන් පහලවන්නේ නිතරම නොවෙයි, කලාතුරකිනුයි. ලෝකයේ ජීවත්වන නොවටිනා පුද්ගලයන් අතරට වටිනා පුද්ගලයන් පැමිණි විට සිදුවන්නේ ඒ නොවටිනා පුද්ගලයන්ට වටිනා පුද්ගලයන්ව හදුනා ගැනීමට නොලැබීමයි. ගල් කැට අතරින්, මැණික් කැට හදුනා ගැනීමට වාසනාවක් තියෙන්නට ඕන බවක් මිනිසුන් කියයි. ඒ ලෙසින්ම නොවටිනා මිනිසුන් අතරේ, වටිනා මිනිසෙක්ව හදුනා ගැනීමටත් වාසනාවක් තිබිය යුතුයි. ඒ වාසනාව පිනක් ම විය…

දරුවන් කුස දරා සිටින මවුවරුන්ට ද දරුවන්ගේ පියවරුන්ට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් අනගි උපදෙස් රැසක්

නරක කෙලෙස් වර්ධනය නොවන ලෙස දරුවාට ආදර්ශයක් වීමේ වගකීම මවටයි පියාටයි පැවරෙන්නේ, දරුවා මවගේ කුසය තුල සිටින විට දී මයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති   දරුවකු කුස තුල පිළිසිඳ ගෙන සිටින ඕනෑම කාන්තාවක් හඳුන්වනු ලබන්නේ මවක් වීමට සිටින කාන්තාවක් ලෙසටයි. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ අදහස, කාන්තාවකගේ කුසය තුල, කුඩා කලලයක් ලෙසින් දරුවකු පිළිසිඳ…

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

ක්‍රිස්තුස් වහන්සේ අයිති කුමන සභාවට ද? ක්‍රිස්තුස් වහන්සේගේ ආගම කුමක් ද? – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රශ්ණ දෙකක් මතු කරනු ලබයි   ‛‛දැනට අවුරුදු 45 කට පෙර, අද වැනි දිනයක එනම්, 1975 පෙබ්‍රවාරි මාසයේ 7 වෙනිදා සවස 6.30 ට පමණ මේ ස්ථානයෙහි (කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව දෙවන වරට අපොස්තුළු තුමෙක් තෝරා ගැනීම පිණිස…

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

ඔබේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර දවසට අවුරුදු 26 ක් සම්පූර්ණ වෙන මොහොත කියල මම කිව්වොත් හරිද…. වැරදි ද……?   ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවැනි ප්‍රශ්ණයක් නගමින් සිය දේශනයට මුල පුරනු ලැබුවේ, 2020 ජනවාරි 25 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේ දී යි. මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා…

වසර 63කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපන් වේලාව සමරා මැදියම් රැයේ දී සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වෙති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 63 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී වසර හතලිස් පහක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් පහක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා.  …

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය හෙට මැදියම් රැයේ උදාවේ

අදින් වසර 63 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් හෙට රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට ආදරය කරන්නා වූ බැතිමතුන් මහ…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලොව දිවියේ වසර 63 ක් සම්පූර්ණ කරයි – බැතිමත් ජනතාව මේ උතුම් දිනය මෙවරත් මහත් ඉහළින් සමරන්නට සූදානම් වෙති

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 63 වෙනි ජන්ම දිනය 2020 පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 63 කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම…