ශුද්ධවු කුරුස ප්‍රතිමාව ආශිර්වාද කිරීම කල්යයි

2016 මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නව අඩි කුරුස ප්‍රතිමාව ආශිර්වාද කිරීම සහ ශුද්ධවු කුරුසියේ සැඳෑ මෙහෙය, නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දමනු ලැබූ බව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන් සංවිධාන කාර්‍යාලය මගින් නිවේදනය කර ඇත.   ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නව අඩි…

නව අඩි කුරුස ප්‍රතිමාව ආසිරි ගැන්වීම මාර්තු 19 සෙනසුරාදා සවස

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැඳුරේ ඉහළින්ම ස්ථාපිත කෙරෙන, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුව සහිත කුරුස ප්‍රතිමාව, මාර්තු 19 වෙනි සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආසිරි ගන්වනු ලබන සේක.   උසින් අඩි නවයක් වන මෙම කුරුස ප්‍රතිමාව ආසිරි ගන්වනු ලැබීමේ සන්ධ්‍යා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන දර්ශණ භූමියේ…

කුඩා දැරියක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සමග සුරතල් බස් කියවයි

2016 ජනවාරි 23 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොස්තුළුතුමා පොදු ජනතාව හමුවන අවස්ථාවේ දී උන්වහන්සේ වෙත පැමිණි කුඩා දැරියක්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සමගින් සුරතල් බස් කියවන්නට වූයේ, උන්වහන්සේව ඉතාමත් හුරු පුරුදු ලෙසිනුයි. උන්වහන්සේ ද විනාඩි 30ක් පමණ ඒ කුඩා දැරියගෙන් විවිධ දේ අසමින් විනෝද…

අභිනවයෙන් ආසිරි ගැන්වූ දෙව් මවු ප්‍රතිමාව අභියස, අභිමානවත් ලෙසින් දෙව් මවුන්ට ජපමාලය ඔප්පු කරයි

තිස් වසරකට ආසන්න කාලයක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිතව තිබූ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූගේ ප්‍රතිමාව 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ජපමාල සන්ධ්‍යා මෙහෙයෙන් පසුව තාවකාලිකව ඉවත් කරන ලදී. ඊට හේතු වූයේ සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසයි. තාවකාලිකව ඉවත් කෙරුණ දෙව් මවු ප්‍රතිමාව…

දෙව් මවු ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු සුරතින් ආසිරි ගැන්වෙයි

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපිට ඉහළින්ම ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන දෙව් මවු ප්‍රතිමාව 2016 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස, කටුනායක අප ස්වාමිදූ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතින් ආශිර්වාද කරනු ලැබිණ.   අපොස්තලික නිවහනේ සිට ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන හරහා දෙව් මවු දර්ශණ භූමිය වෙත සැපත්වූ…

අපට සුපුරුදු දේව මාතා පිළිරුව නැවතත් අප අතරට පිළිගන්නා අභිමානවත් සන්ධ්‍යා ජපමාල මෙහෙය පෙබ්‍රවාරි 7 වෙනි ඉරුදින සවස 6 ට

2013 ඔක්තෝම්බර් 5 වෙනි දින සවස, අපි සියල්ලෝම දෙව් මවු ප්‍රතිමාව පාමුළ ජපමාලය පුදකර, එතුමියට උපහාර පුදා සමු දුන් දෙව් මවු ප්‍රතිමාව, නැවතත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පිළිගැනීමේ උපහාර මෙහෙය පෙබ්‍රවාරි 7 වෙනි ඉරිදා සවස 6 ට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.   පෙබ්‍රවාරි 7 වෙනි දිනය, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ජීවිතයට,…

2016 අළුත් අවුරුදුදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් සැදැහැවතුන්ට රුපියල් සියයේ මුදල් නෝට්ටුවක් සමග අළුත් අවුරුදු සුභ පැතුම් පතක්

කිසිවෙකුවත් බලාපොරොත්තු නොවන අවස්ථාවල, කිසිවෙකුත් නොසිතන දේ කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2016 නව වසර ආරම්භවී සුළු වේලාවක් ගතවී ඇති අළුයම තවත් අපූරු එවැන්නක් කලහ.   2015 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රියේ විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැ ජනතාව දුර බැහැර නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආවේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ ප්‍රේමය සහ කන්‍ය මරිය තුමියගේ…

මරිය තුමී ජේසු බිළිඳුන් සමග දර්ශණ ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ආසිරි ගන්වයි

නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වූ කටුනායක අප ස්වාමිදූට කැපකර ඇති මහත් හාස්කම් සහිත පුද බිමක් වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ 2015 දෙසැම්බර් 24 වෙනිදා, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පුද දෙනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දී සිදුවූ විශිෂ්ඨතම සිද්ධිය වූයේ මරිය තුමී ජේසු බිළිඳුන් සමග වූ දර්ශණ ප්‍රතිමාව නිරාවරණය…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් එක් වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් එක් වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් එක් වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නව වසරේ ඉදිරි කටයුතු පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 2016 නව වසරේ කාර්‍යයන් පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරමින් සහ ඉදිරියේ දී නව මගක් ගන්නා උන්වහන්සේගේ දේව සේවය සහ මහජනයා වෙනුවෙන් කරන සේවය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් පිණිස ඉතා විශේෂ රැස්වීමක් 2016 ජනවාරි 4 වෙනි සඳුදා රාත්‍රියේ පවත්වනු ලැබීය.   මීගමුවේ, ජෙට් වින් ලැගූන් හෝටලයේ මෙම රැස්වීම…