මරිය මාතාවෝ අපට සරණය විය යුතු මේ දුක්බර මොහොත වටහාගෙන එතුමිය වෙත පැමිණෙන ලෙස ආයාචනා කරන්නීය

ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වන්නා වූ නිර්මල කන්‍ය මරිය තුමිය 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින 9 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩය එතුමිය කෙරෙහි විශ්වාසවත් සියළු ජනතාවට මහත් සැනසීමක් ලබා දෙන පණිවිඩයක් විය. එදින එතුමිය මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවාය. ‛‛ජන්ම දෝෂයෙන්…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මරිය තුමිය පිළිබදව ලොව අන් කිසිවෙකුටවත් නැති අවබෝධයක් ඇතිව ලියනු ලැබූ යාච්ඤාවක් අද හාස්කම් යාච්ඤාවක් බවට පත් වී ඇත

නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ව එක් වරක්, දෙවරක්, තුන් වරක් නොව විසිතුන් වරක් තමන්ගේම දෑසින් දැක ගැනීමට පමණක් නොව, එතුමිය සමග සුහදව කතා කරමින් බොහෝමයක් දේ අසා දැනගැනීමට ද සුවිශේෂී අවස්ථාව ලැබුවෙක් තුල නිර්මල කන්‍ය මරියෝත්තමාවන් පිළිබදව අප කිසිවෙකුටවත් නැති අවබෝධයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.   නිර්මල කන්‍ය මරියෝත්තමාවන් පිළිබදව එවැනි ශ්‍රෙෂ්ඨ අවබෝධයක් ලබා සිටින…

‛‛මම ලියන මීලඟ හාස්කම් යාච්ඤාව ඉතාමත් ප්‍රභල යාච්ඤාවක්’’ – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

නිර්මල කන්‍ය මරිය තුමියගේ පිහිටාධාරය සොයන ජනතාවක් ලොව ඇති වූයේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පටන්මය. ශුද්ධවූ ලියවිල්ලේ සදහන් වන කානාහි විවාහ මංගල උත්සවය අවස්ථාවේ එහි සිටියවුන් මුහුණ පෑ දුෂ්කර අවස්ථාවේ දී ඒ බව දන්වා පිහිට පැතුවේ එහි සිටි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වූ කන්‍ය මරිය තුමිය වෙතිනි. මරිය මව තුලින් ජේසු තුමන්…

රෝසමල් 123ක් මත දෙපා තබා සිටි මරිය මව ඉදිරියේ සැදැහැවතුන් ඉටිපහන් දල්වා ගෞරවය දක්වයි

තමන් බලාපොරොත්තු වන්නාවූ බලාපොරොත්තුවක් සිතින් ප්‍රාර්ථනා කරමින් නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ඉටිපහන් 123 ක් දැල්වීම මෙම කාලයේ දී සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැවතුනට හිමිවන සුවිශේෂී වරප්‍රසාද අවස්ථාවකි.   නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, මරිය තුමියගේ බැල්ම හිමි වී ඇති කිසිදු ආගම් භේදයක්…

හාස්කම් යාච්ඤාව අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියට භාර දෙන තෙක් පමණයි – අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක හෙළි කරයි

නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම කාලයේ සෑම සෙනසුරාදාවකම සවස 6 ට උච්චාරණය කරනු ලබන ‛හාස්කම් යාච්ඤාව’ උච්චාරණය කිරීම, අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියට භාර දෙනු ලබන දිනය දක්වා පමණක් සිදු කිරීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදහස් කරගෙන සිටින බව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක…

‛‛මෙම හාස්කම් යාච්ඤාව මේ තරම් දුරදිග යාවි යයි මම සිතුවේ නැහැ’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

සතියේ සෑම සෙනසුරාදාවකම සවස 6 ට, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට උදාවන මහා හාස්කම් හෝරාව නිර්මල කන්‍ය මරිය තුමියගෙන්ම අපට ලැබුණ මහගුම දායාදයකි. එතරම් දීමනාවක් එතුමිය අපට ප්‍රධානය කරනු ලැබුවේ, එතුමියට ඉතාමත් ප්‍රසන්න වූ යාච්ඤාවක් හේතුවෙනි. මෙම යාච්ඤාව ලියනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැකගැනීමට පමණක් නොව…

ඉල්ලීම් ලිපි සමගින් සෑම සෙනසුරාදාවකම රතු පෙට්ටිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතට

නිර්මලවූ අති දයාබර කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත නිරන්තරයෙන් ඇදී එන්නාවූ ජනතාව දයාබර මරිය මවගේ පිහිට ආධාරය පතන්නේ මවක ඉදිරියේ වැඳ වැටී ආයාචනය කරන්නා වූ දරුවන් මෙනි. මේ සැම දෙනෙක් වෙනුවෙන් දයාබර මරිය මවගේ අනුකම්පාවේ සහ දයාවේ දෝත දිගුවන්නේ සත්තකින්ම මවු සෙනෙහසිනි….

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

රෝසමල් එකසිය විසිතුනක් මත දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය තුමියට සෑම සෙනසුරාදාවකම බැතිමත් උපහාර

බොහෝ දෙනෙකුගේ වේදනාවේ කදුළු ඇත්තේ ඇස් දෙකේ නොව හදවතේයි. ඒ බව අපට පෙනෙන කදිම ස්ථානයක් වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ඒ මන්දයත් මෙම ජීවිත ගමනේ දී අසරණව විවිධ දුක් කරදර වලට මුහුණ දී ඇති විටක අපට මතකයට එන ආදරයේ උල්පත වූ අම්මා වන නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ පිහිට අපට ලබා ගත හැකි අද ලෝකයේ…

කලින් දැනුම් දීමක් නොමැතිවම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවු ප්‍රතිමාව වෙත පැමිණ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පළදවයි

මේ වන විට විසිතුන් වතාවක් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින දර්ශණය වූයේ දිව්‍යමය ජේසු බිළිඳුන් ද සමගිනි. එම දර්ශණය එතුමියගේ දසඅට වෙනි දර්ශණය විය.   දිව්‍යමය ජේසු බිළිඳාණන් සිය වම් හස්තයෙන් වඩවාගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටි නිර්මල කන්‍ය…