රෝහල්වල සිරවී, හුස්මත් සිරවී, සුසුම් පොදක් ඉල්ලා දුක් විඳින අසරණ වූවන්ට සෙතක් ම වේවා, යි උදේ සවස ප්‍රාර්ථනා කරන්න – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය බැතිමතුන්ට ආයාචනා කරයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවලා, සංචරණ සීමා යොදවලා, සියළු මිනිසුන් දැඩි පීඩනයකට හසු වී ඇති කාල සීමාවක සහ ජනතාව තැතිගෙන ඇති මොහොතක, බොහෝ දෙනෙකුට තමන් තනි වී ඇති බවක් දැනෙන බවත්, තවමත් දිනපතා සෑහෙන පිරිසක් මේ වසංගතයට ගොදුරුවෙන අතර තවත් පිරිසක් ජීවිතයෙන් සමු අරගෙන, ටික වේලාවකින්ම අළු වෙන බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පවසනු ලැබුවේ…

ජාතිය, ආගම, කුලය, තරාතිරම, මේ කිසිවක් නොතකා දිනපතා මිනිස් ශරීර අළු බවට පත්වන්නේ, ජීවිතය ගැන අපූරු පාඩමක් කියාදෙමින්

ලොවපුරා පැතිර පවත්නා මහා වසංගතය අප ආසන්නයේ, අප වටා පැතිරෙමින් පවතින බවත්, කුඩා දරුවන් ද මේ වන විට මේ වසංගතයට ගොදුරු වෙමින්, දෙමාපියන් ද මහත් අසරණ තත්වයකට පත්කර තිබෙන අතර ජාතිය, ආගම, කුලය, තරාතිරම, මේ කිසිවක් නොතකා දිනපතා මිනිස් ශරීර අළු බවට පත්වන්නේ, ජීවිතය ගැන අපූරු පාඩමක් කියාදෙමින් බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා,…

මරණ වරෙන්තුව ලියාගෙන ජනතාව දෙස බලා සිටින ගෝලීය වසංගතය ඉදිරියේ සියල්ලෝම අතරමං වෙලා

ඇත්තටම වෛද්‍යවරයෙක් නැති, අසාධ්‍ය රෝගීන් රැසක් ඇති රෝහලක් බවට මේ රට පත් වී ඇති බවත්, මරණ වරෙන්තුව ලියාගෙන ජනතාව දෙස බලා සිටින ගෝලීය වසංගතය ඉදිරියේ සියල්ලෝම අතරමංව ඇති බවත්, ශ්‍රී ලංකාව එකම රෝහලක් බවට පත්වී ඇති බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරමින් පසුගිය සෙනසුරාදා (2021 අගෝස්තු 21) සවස ප්‍රකාශ…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය බැතිමතුන්ව දිරිමත් කරමින් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරයි

සියළු දෙනා ඉතාමත් අවදානම් පසුබිමක ජීවත්වන මෙම කාල සීමාවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසුගිය සෙනසුරාදා (2021 අගෝස්තු 14) දින සවස සූම් තාක්ෂණය ඔස්සේ සිය බැතිමතුන් සමගින් ජපමාලය උච්චාරණය කරනු ලැබූහ.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් අනුව ජීවත් වීමට උත්සහ දරණ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙස් විදෙස් බැතිමතුන් මේ සඳහා සහභාගි වූ අතර, අපොස්තලික මාධ්‍ය…