ක්‍රි.ව. 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට මරිය තුමී ශ්‍රී ලංකාවේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ට දර්ශණය වූ සේක. එදින පටන් මේ වන තුරු විසිතුන් වතාවක්ම මරිය තුමිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ට දර්ශණය වූ සේක. විවිධ පණිවිඩ එතුමිය ප්‍රකාශ කළාය.

 

මෙම දර්ශණයන් සිදුවන දෙව්මැඳුර පිහිටි, කටුනායක 20 වෙනි සැතපුම් කණුව ඉදිරිපිට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි, සෑම සෙනසුරාදාම සවස 4 ට දේව මෙහෙයන් පවත්වනු ලැබේ. නිර්මල කන්‍ය මරිය තුමියව 23 වරක් දැක ගැනීමට භාග්‍ය ලබා සිටින අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් විසින් පවත්වනු ලබන මෙම දේව මෙහෙයන් සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත විවිධ පලාත්වලින් බැතිමතුන් ඇදී එති. මෙම බැතිමතුන් සියළු දෙනාම ක්‍රිස්තු භක්තිකයන් නොවන අතර, විවිධ ආගම් අදහන්නන් සහ විවිධ ජාතිකයන්ද වේ. ඔවුන් අතර වසර ගණනාවක සිට රෝගීන්ව සිටින්නන්, රෝගය කුමක්ද කියා වෛද්‍යවරුන්ට සොයා ගැනීමට බැරිව දුක් විඳින්නන්, ශල්‍යකර්මවලට භාජන විය යුතු බවට වෛද්‍යවරු නිගමනය කර සිටින්නන්, බෙහෙත් මගින් සුවකල නොහැකි බවට වෛද්‍යවරු නිගමනය කර ඇති නිසා සදාකාලිකව දුක් විඳින්නන්, කොඩිවින ආදී යක්ෂ බන්ධන නිසා දිනෙන් දිනම දුක් විඳින්නන්, විවිධ හේතු නිසා පාඩු පිට පාඩු ලබමින් සුසුම් හෙළන ව්‍යාපාරිකයන්, ජීවිතයේ හෝ පවුල් දිවියේ ගැටළු නිසා දුක් වේදනාවන්ට පත්වූවන්, ජීවිතයේ බලාපොරොත්තු සුන් වූවන්ද වේ. එවැන්නෝ සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ දෙව් මවූන්ට දෝත් නගා කන්නලව් කරති. ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත තම ගැටළු ලිවූ ලිපි භාර දෙති.

 

ක්‍රිස්තුස් වහන්සේ මෙම ලෝකයේ දර්ශණයවී 13 වන අපොස්තුළු තුමාණන්ව තෝරා පත් කර, වසර දහසකටත් වැඩි කාලයක් ගත වීමෙන් පසු, උන්වහන්සේ නැවත වරක් මේ ලෝකයේ දර්ශණය වී 14 වන අපොස්තුළුතුමාණන් ලෙස තෝරා පත්කරන ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් කිසිදු භේදයකින් තොරව, තමන් වෙත විශ්වාසයෙන් පැමිණෙන, සෑම සියළු දෙනාටම කරන්නාවූ මේ මහත් සේවය නිසා අද විශාල පිරිසක්, සැනසීම සැනසුම ලබා ඇත. එවැනි විශාල පිරිසක් මරිය තුමියගේ බල මහිමය දැකගෙන ජේසු තුමන්ව නිසි අයුරින් හඳුනාගෙන ඇත.

 

අප අසරණව, දුක් සිත් ඇතිව, බලාපොරොත්තු සුන් වී, රෝගීවී, යක්ෂයාගේ අනවිණ, කොඩිවිනවලට මැදිවී සිටින කාලයක, කෙටියෙන් කියනවානම් දෙවියන් සිහිවී සිටින කාලයක, මාගේ ස්වාමිනී, මාගේ දෙවියනී යි කියාවත් කියාගන්නට කට පන නැතිව සිටින කාලයක, අපට ජේසු තුමන්ගෙන් සහ මරිය තුමීගෙන් ලැබුණු මහාම මහා බලගතු තිළිණය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්ම අපොස්තලික පියතුමාණෝයි. ඇත්තෙන්ම අපි අසරණ වී සිටින අවධියක උන්වහන්සේව අපට ලැබුණි.

 

මෙතරම් මහත් අපොස්තලික බල වරම් ලබා සිටින අපොස්තුළු තුමෙක් අපට ලැබීම, දෙවිදුන් තවමත් අපට දක්වන ආදරයේ සංකේතයකි. එහෙත් මෙතරම් වරප්‍රසාද ලබා දෙන ජල උල්පතක් අපට ඇති විට, තවත් කුමට අපි බඩජහරිව මඩ කමුද?

 

ජේසු තුමන්ව මරා දැමුවත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟී සිටි අතර, එතුමාණන් නැවත නොමැරුණ සේක. එතුමා අදටත් ජීවමානයි. මරිය තුමීද, ජේසු පුතුන් සමඟින් අද ස්වර්ග රාජ්‍යයේ ජීවමානව වැඩ සිටින සේක. මේ ජීවමාන ජේසු මරිය දෙපල එදා මෙන්ම අදත් අපගේ යාච්ඤ අසන බව, අප දෙස බලා සිටින බව, අපට ආදරේ බව, සිතට, බඩට, අතට, නහයට, කටට, ඇසට, කකුලට, කෙටියෙන් කියනවානම් මුළු ශරීරයටම දැනගැනීමට ලැබුනේ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් නිසාය.

 

අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දෙවිඳුන් වෙතින්ම ලබා ඇති අසීමිත අපොස්තලික බලය, උන්වහන්සේගේ දේව මෙහෙයන් කීපයකට මධ්‍යස්ථ බූද්ධියෙන් යුතුව සහභාගි වන උකුණු හිසක් තරම් මොලයක් ඇති කවරකුට වූවද, උදයට හිරු පායන්නා සේ පැහැදිලි වනු ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන වන්දනාකරුවන්ට සමහරක් පුරාජේරු පුද්ගලයන්ගේ දැඩි මානසික පීඩනවලට සහ අසහනවලට මුහුණ දීමට ද සිදුව තිබේ. එහෙත් මේ අපගේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් වෙත ජන හදවත් ඇදි එන්නේ, නැටුම් බලන්නටවත්, සිංදු අසන්නටවත්, මෙරිගෝරවුන්ඩ් යාමටවත් නොව සාමකාමී ලෙස තම ජීවිතවලට අවශ්‍ය වරප්‍රසාද ලබා ගැනීමටය, ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය නිවැරදිවත්, නිරවුල්වත් දැනකියා ගැනීමටය.