ජේසු තුමාට ළදරු වයසේ සිටම දරුණුම සතුරෝ සිටියෝය, එහෙත් එතුමා නොනැවතීම ක්‍රියාකාරී විය. ජේසු තුමාව කිසිවෙක් විසින් ගණන් ගනු නොලැබ අවුරුදු 30 ක් ම ගෙවී ගියහ. ජේසු තුමාව තම මෑණියන් විසින් වත් යම් අවස්ථා වලදී නිසි ලෙස තේරුම් ගනු නොලැබූහ. ජේසු තුමාගේ කාරුණිකම ක්‍රියාවන්ද, නින්දිතම ලෙස විවේචනය කරනු ලැබූහ. ජේසු තුමාව සුළුකොට පිලිගත්හ, සිනහවට ලක් කලහ, නීචකොට සැලකූහ, නිග්‍රහ කලහ, අවමන් කලහ, ජේසු තුමා තම දෙවි පියාණන් විසින්ද මුළුමනින්ම අත්හැර දමන හැඟීම ඉවසීමෙන් දරා ගත් සේක. ජේසු තුමා ප්‍රකාශ කල සියලුම වචන විකෘති කරනු ලැබීය, බොරු කරනු ලැබීය. වැරදි ලෙස වර්තා කරනු ලැබීය. විශාල කොට දක්වනු ලැබීය. ඉතා කුඩා කොට දක්වනු ලැබීය. ජේසු තුමාව නොරුස්සනා අය, එතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන අය, එතුමා පිටු පස සිට දුෂ්ඨකම්, මහත් විරෝධ කම් කරන අය සහ එතුමා විනාශ කිරීමට හැකි හැම දෙයක්ම කල සතුරෝ එතුමාට නොසිටියා නොවේ. ජේසු තුමාව සියල්ලන් විසින්ම අත්හැර දමනු ලැබීය. එතුමාගේ හොඳම මිතුරන් විසින්ද කලකිරවනු ලැබීය. ජේසු තුමා, තමා විසින්ම පිළිගත් හොඳම මිතුරෙක් විසින් ප්‍රතික්ෂේප කරුනු ලැබීය. ජේසු තුමා විසින් දැඩි ලෙස විශ්වාස කල මිතුරෙක් විසින්ම එතුමාව සතුරන් අතට පාවා දෙනු ලැබීය. ජේසු තුමාට එතුමාගේ වේදනාවේ බර සැහැල්ලු කරගැනීම පිණිස පංගුකාර වීමට හෝ වචනයක් කථා කිරීමටවත් කෙනෙක් නැති විය. ජේසු තුමා දැඩි ශෝකයෙන්ද, තනිකමින්ද මරණයට මුහුණදී ඒ ශෝක භරිත කුරුසියේ දිවි පිදෙන තෙක් ජීවය ගෙවනු ලැබිය. ජේසු තුමා අවසානයේදී සදාකාලික ජයග්‍රාහීභාවයට පත්වූ සේක. එහෙත් එතුමා නොනැවතීම අදත් ක්‍රියාකාරීව ඇත.

 

දෙවි පියාණන් විසින් මවන ලද සමහර දේවදුතයෝම ලොව මැවූ මුල් කාලයේදීම දෙවි පියාණන්ට විරුද්ධව සටන් කොට යක්‍ෂයින් බවට පත්වී, එදා සිට අද වනතුරු දෙවියන් වහන්සේගේ කාර්‍යයන්ට බධා ගෙනෙන ලෙස නොයෙකුත් ක්‍රමවලින් ක්‍රියා කරති. ලුර්දු, පාතිමා දර්ශණ දුටුවාවු, දෙවියන් වහන්සේ විශේෂාකාරයෙන් තෝරාගත් දරුවන්ටද, දේව සේවයට ජීවිතය කැප කල ශුද්ධවරයන්ටද, ජේසු තුමන්ගේ අපොස්තුළු තුමන්ලාට ද නොයෙක් අකාරයෙන් යක්ෂයා විසින් පීඩා කෙරිණි, එහෙත් ඒ සියලුම දෙන නොනැවතී ක්‍රියාකාරී වුහ.

 

මේ සියල්ලකදීම ලොව නෙත් ඇරුනේ එම ශ්‍රෙෂ්ඨ පුද්ගලයින්ගේ මරණින් පසුවය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සිටම එය එසේම සිදුවිය.

 

කටුණායක දේව දර්ශණ පිටුපසද යක්‍ෂයා ක්‍රියාකාරී වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ මුහුණ දුන් ඉහත සඳහන් බධා කම්කටළු කීපයකට හෝ සියල්ලටම, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ටද මුහුණ දීමට සිදුවනු ඇත. එය එසේ සිදූ නොවුනහොත් ස්වභාවික නොවේ. මන්ද දෙවිඳුන් සතුටු වන්නාවූ දෙයට, යක්‍ෂයා වෛර කරන නිසාය. කුමන හෝ සියළුම බාධක ජයගැනීමට ශක්තිය, ධෛර්‍යය, ප්‍රඥාව, දේව පිහිටෙන් අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ලැබේවායි අපගේ පැතුමයි, යැදුමයි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ද නොනැවතීම මෙම දේව කාර්‍යයෙහි ක්‍රියාකාරි වනු ඇත.