පසුගිය අගෝස්තු 25 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව පුද්ගලීකව සමු වූ මීගමුවේ නිල්නුවන් බණ්ඩාර මහතා, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ලොවට සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීමට ගන්නා වූ වෙහෙස ට රුකුලක් ලෙසින් සහ ඊට තම දායකත්වය දැක්වීමක් ලෙසින්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ නිල පුවත්පත වන ‛එඩේරා’ සෑම මාසයකම පිටපත් 500 බැගින් මාස 32 ක් නොමිළයේ බෙදාහැරීම සදහා රුපියල් ලක්ෂ 4 ක් පරිත්‍යාග කලේය.

 

ව්‍යාපාරිකයෙක් වන නිල්නුවන් බණ්ඩාර මහතා බෞද්ධ බැතිමතෙකි. අවුරුදු විස්සකට පමණ ආසන්න කාලයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ධර්ම දේශණාවන්ට සවන් දෙමින් තම දරු දෙදෙනාව ද ඒ අනුව පිනට බරව පවින් ඈත්ව හදාවඩා ගනියි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සමග සමීපව කටයුතු කරමින් සිද්ධස්ථාන පාලක මණ්ඩලයේ සමාජිකත්වය ද දරමින් කටයුතු කරයි.

 

පරිත්‍යාගය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතට භාර දීමෙන් පසුව නිල්නුවන් බණ්ඩාර මහතා අපොස්තලික මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ධර්ම දේශණාවන් ඔහුව පමණක් නොව ඔහුගේ මුළු පවුලම වෙනස් කල බවත්, ආගම් භේදයකින් තොරව උන්වහන්සේගේ ධර්ම දේශණා කාගේත් ජීවිතයන්ට එක්කර ගත හැකි බවත්, නමුත් ඒවාට සවන් දීමට නම් තිබිය යුතු එකම දේ ‛පින’ පමණක් බවත්ය.

 

නිල්නුවන් බණ්ඩාර මහතාගේ පරිත්‍යාගයෙන් බලාපොරොත්තු වන පරිදි සෑම මාසයකම ‛එඬේරා’ පුවත්පත් 500 ක් නොමිළයේ ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා තම නම සහ ලිපිනය ලියා රුපියල් 25 ක වලංගු මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක්, ‛එඬේරා’, අපොස්තලික මාධ්‍ය ජාලය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, කටුනායක, ලිපිනයට තැපැල් මගින් එවිය යුතු බවත් අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී නිල්නුවන් බණ්ඩාර මහතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත රුපියල් ලක්ෂ සතරක පරිත්‍යාගය භාර දුන් අවස්ථාවයි මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka

 

Holy Apostle of Sri Lanka