පසුගිය අගෝස්තු 25 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී රැස්වීමක් පැවැත් වුනා. ඒ සිද්ධස්ථානයේ දායක සාමාජිකයන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග පවත්වන මාසික හමුවයි.
මෙම හමුව අවසානයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පැමිණියේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනායි. ඒ කටුනායක ගේට්වේ ජත්‍යාන්තර පාසැලේ අධ්‍යාපනය ලබන රෂේන් බණ්ඩාර සහ රන්දෙව් බණ්ඩාරයි.
මීගමුවේ නිල්නුවන් බණ්ඩාර මහතා සහ එම මහත්මියගේ පුතුන් දෙදෙනා වන මේ දෙසොහොයුරන් එදින එම අවස්ථාවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත රුපියල් ලක්ෂයක මුදලක් භාර දුන්නා. ඒ අපොස්තලික මාධ්‍ය ජාලයේ නව රූපවාහිනී මැදිරිය සදහායි.
‛‛ඔයගොල්ලන් දෙන්නට මේ මුදල් කොහෙන්ද?’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මේ දෙසොහොයුරන්ගෙන් විමසුවා. වැඩිමහල් සොහොයුරා වන රෂේන් බණ්ඩාර පිළිතුරු දෙමින් කියා සිටියේ සිය පියා තමන් දෙදෙනාට කැමති දෙයක් ගැනීමට රුපියල් ලක්ෂයක් දුන් බවත්, මෙම මුදල අපොස්තලික මාධ්‍ය ජාලයේ, නව රූපවාහිනී මැදිරිය වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට භාරදෙමු කියා සිය මල්ලීට යෝජනා කල බවත් ය. ඒ සමගම බාල සොහොයුරා වන රන්දෙව් බණ්ඩාර පැවසුවේ, අපොස්තුළුතුමන්ගේ ධර්ම දේශණා අපි විතරක් නෙමෙයි මුළු ලෝකයටම දැනගන්න සැලැස්වීම ඔවුන්ගේ ආශාව නිසා, ඔහු ද අයියාගේ අදහසට එකග වූ බවයි.
ඔවුන් කල පරිත්‍යාගයේ උතුම් බව කෙටියෙන් මේ දෙසොහොයුරන්ට වටහා දුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මෙවැනි වයසක පසුවන දරු දෙදෙනෙකුට රුපියල් ලක්ෂයකින් ගන්නට ආශා කරන කොමණ දේවල් තිබේ ද, නමුත් මේ දරු දෙදෙනාගේ ආශාව වූයේ ලොවට ධර්මය ප්‍රධානය කිරීම නිසා පින් රැසකට හිමි කරුවන් වීම බව, එම හමුවට පැමිණ සිටි පිරිසට ප්‍රකාශ කල සේක.
අපොස්තලික මාධ්‍ය ජාලයේ නව රූපවාහිනී මැදිරිය සදහා, රෂේන් බණ්ඩාර සහ රන්දෙව් බණ්ඩාර දෙසොහොයුරන් දෙදෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත රුපියල් ලක්ෂයක මුදලක් භාරදුන් අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි



