කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල පිහිටා ඇති අපොස්තලික සොහොන් ගැබ මත, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ, උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙය 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ට ආරම්භ විය.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මෙලොවට බිහි කල උන්වහන්සේගේ දයාබර මෑණියන් වූ, ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ නිසල දේහය තැන්පත් කර ඇති අපොස්තලික සොහොන් ගැබ මත, මෙම උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම විශේෂත්වයකි.
මීට අවුරුදු හැටකට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව මෙලොවට බිහි කල උන්වහන්සේගේ මෑණියන්ගේ දේහය තැන්පත් කර ඇති, අපොස්තලික සොහොන් ගැබ මත උන්වහන්සේ දිව්‍ය පූජාව පවත්වමින් සිටියදීම, අවුරුදු හැටකට පෙර උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබූ වේලාව උදා විය. ඒ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා රාත්‍රී 12 ටයි. මෙදා අවුරුදු හැටකට පසුව 2017 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, උන්වහන්සේගේ මෙලොව දිවියේ වසර හැටක් සම්පූර්ණ වීමත් සමගම බැතිමතුන් උන්වහන්සේට මල් පොකුරු පිළිගන්වමින් ‛‛සුභ උපන් දිනයක් වේවා’’ යි සුභ පැතුම් පිදීය.
මෙහි දී සිදුවූ විශේෂත්වය මෙයයි. වයසින් අවුරුදු හැටක් සම්පූර්ණ කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත, නැවුම් මලින් සැකසුන පළමු මල් පොකුර, ‛‛ඔබවහන්සේට සුභ උපන් දිනයක් වේවා’’ යි ප්‍රාර්ථානා කරමින්, පුදනු ලැබුවේ බෞද්ධ බැතිමතෙකු වීමයි.
වසර ගණනාවක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දේව මෙහෙයන්ට සහභාගි වන, සීදූවේ නිල්නුවන් බණ්ඩාර මහතා, අවුරුදු හැටක් සම්පූර්ණ කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පළමු මල් පොකුර පුද දුන් බෞද්ධ බැතිමතා විය.
හැටවන උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙයේදී, නැවුම් මලින් පිරුන ප්‍රථම මල් පොකුර, බෞද්ධ බැතිමතෙකු වන සීදූවේ නිල්නුවන් බණ්ඩාර මහතා විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පුද දුන් අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි






