අවුරුදු ගණනාවක සිටම සතිපතා සෙනසුරාදා සවසට අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය පතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන නිල්නුවන් බණ්ඩාර මහතා උපතින්ම බෞද්ධ බැතිමතෙකි. එහෙත් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය කෙරෙහි ඔහු තුල ඇති විශ්වාසයත්, බලාපොරොත්තුවත් ඉතා ඉහළය. ඒ මහතා අපොස්තුළු තුමෙකුගේ ජීවමාන ආශිර්වාදයේ වටිනාකම ඇතැම් කිතුණුවන්ටත් වඩා හොඳින් තේරුම් ගනු ලැබුවෙකි.

 

ව්‍යාපාරිකයෙක් වන නිල්නුවන් බණ්ඩාර මහතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් වෙත දක්වන්නේ අචල භක්තියකි, දැඩි ආදරයකි. අවුරුදු ගනනාවක සිට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබනවා පමනක් නොව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ විවිධ කටයුතු සඳහා දැඩි සහයෝගයක්ද දෙනු ලබයි. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ද, මේ බෞද්ධ බැතිමතෙකු වන නිල්නුවන් බණ්ඩාර මහතාට කිතුණු දහම වැළඳගන්නැයි කිසිදු ඉල්ලීමක් කර නොමැත. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත බෞද්ධ බැතිමතුන් පැමිණුනද, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා කිසිමදාක ඒ කිසිවෙකුවත් කිතුණු ආගමට හරවා ගැනීමට කිසිදු ආකාරයක බලපෑමක් කිරීමට තරම් පහත් තත්වයට පත්වී නොමැත.

 

නිල්නුවන් බණ්ඩාර මහතා සිය ව්‍යාපාරික කටයුතුවලට අදාල විවිධ සාකච්ඡා සහ රැස්වීම් සඳහා නිතර ශ්‍රී ලංකාවෙන් බැහැරව විදේශීය රටවල් වෙත ගමන් කරයි. ඒ කිසිදු අවස්ථාවක ඔහු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තවමත් ජීවතුන් අතර වැඩ සිටින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව අමතක නොකරයි. ඒ සෑම අවස්ථාවකම නොවරදවාම ඒ මහතා ගමන් කරනු ලබන රටින් කුමක් හෝ ත්‍යාගයක් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට රැගෙන විත් තෑගි කරනු ලබයි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විවිධ කලා කෘතීන්, පෞරාණික භාණ්ඩ, සහ චිත්‍ර කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනු ලබයි. මේ බව දන්නා නිල්නුවන් බණ්ඩාර මහතා සිය විදෙස් ගමන්වලදී ඒ ඒ රටවලට අදාල යම් කලාත්මක භාණ්ඩයක් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වෙනුවෙන් ගෙනවිත් උන්වහන්සේට ත්‍යාග කරනු ලබයි.

 

ගතවූ මාස කීපය තුල නිල්නුවන් බණ්ඩාර මහතා සිය ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස් ගතවු අවස්ථා කීපයකදීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් වෙනුවෙන් රැගෙන එනු ලැබූ කලාත්මක භාණ්ඩ උන්වහන්සේට පිළිගන්වනු ලැබූ අවස්ථා කීපයක් පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි