මහ මග දී මට හමු වූ මාගේ අපොස්තුළුතුමා

2020 මැයි 26 වන දින, මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අහඹු සිදු වීමක් සිදු වුනා. පසුගිය දිනවල තිබූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සියල්ලන්ටම මෙන් මගේ වැඩ කටයුතු ද දින කිහිපයකට නතර වී තිබුනා. පසුගිය මැයි 26 වන දින ඇදිරි නීතිය ලිහිල් කෙරූ නිසා මගේ වැඩ කටයුත්තක් සදහා…

අපොස්තුළුතුමෙකු ලොවට බිහිකල මවක් – සුරලොව දිනා දස වසරක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම උන්වහන්සේ ජීවත්ව සිටියදී හෝ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වූ දිව්‍යමය ශරීරයෙන් වැඩම කර අපොස්තුළුතුමෙකුව තෝරා පත් කිරීම යනු අති භාග්‍යවත් ඉතාමත් විරල වූ අවස්ථාවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසුව මෙම සුවිශේෂී අවස්ථාව උදා වී ඇත්තේ මෙලොව විසූ මනුෂ්‍යයන් 14 දෙනෙකුට පමණි. ඒ අතරින් අවසාන වරට තෝරා පත් කරනු ලැබූ 14 වන අපොස්තුළුතුමන් වන…

සොබා දහම විසින් දැන් පෘතුවියේ කාටත් උගන්වන ධර්මය අපට මතක් කර දුන් ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුතුමා

අපි මේ ගෙවන්නා වූ දින කිහිපය අපට පමණක් නොව මුළු මහත් ලෝක ජනතාවටම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්වෙලා. කිසිවෙකු නොසිතූ අන්දමින් ලොව පුරා පැතිරීයමින් පවතින මේ කොවිඩ් නයින්ටීන් නැමැති බිහිසුණු දරුණු වසංගතය මුළු ලොව සියළු ජනතාව භීතියට පත් කරවලා ඉවරයි. ඒ නිසාම දෙවියන් කෙරෙහි විශ්වාසය ඇත්තෝ නිරන්තරයෙන් දෙවියන් සිහි කරමින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ….

අද සිදුවෙමින් පවතින මේ ව්‍යසනය සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කලේ 2012 නොවැම්බර් 21 වෙනිදා

කොවිඩ් නයින්ටීන් යනු මේ දිනවල පැතිරී යන දරුණු වෛරසයක්. මුළු පෘතුවියම බියෙන් ඇළලී ගොස්. මෙවැනි දරුණු ව්‍යසනයක් පිළිබදව අප අධ්‍යාත්මික ගුරුවරයාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ 2012 නොවැම්බර් 21 වෙනි දිනයි. ඒ පිළිබදව පැහැදිලි විස්තරයක්, 2012 දෙසැම්බර්, ‛එඩේරා’ පුවත්පතේ, 4 වෙනි පිටුවේ පලකර ඇත. ‛මරිය හඩ’ වෙබ් අඩවියේ ද මේ ගැන…

කිවූ ඒ අගනා සෞඛ්‍ය කතා සිහිවෙන කාලයක් උදාවුනා අපොස්තුළුතුමෙනි

ලෝකයට වටිනා පුද්ගලයන් පහලවන්නේ නිතරම නොවෙයි, කලාතුරකිනුයි. ලෝකයේ ජීවත්වන නොවටිනා පුද්ගලයන් අතරට වටිනා පුද්ගලයන් පැමිණි විට සිදුවන්නේ ඒ නොවටිනා පුද්ගලයන්ට වටිනා පුද්ගලයන්ව හදුනා ගැනීමට නොලැබීමයි. ගල් කැට අතරින්, මැණික් කැට හදුනා ගැනීමට වාසනාවක් තියෙන්නට ඕන බවක් මිනිසුන් කියයි. ඒ ලෙසින්ම නොවටිනා මිනිසුන් අතරේ, වටිනා මිනිසෙක්ව හදුනා ගැනීමටත් වාසනාවක් තිබිය යුතුයි. ඒ වාසනාව පිනක් ම විය…

වැඩිහිටි සෙවණකට මංගල භෝජනය දී මංගල ගමන ගිය තවත් පින්බර යුවළක්

දූ දරුවන් අත්හරිනු ලැබූ වියපත් මාපියන් සැත්තෑවක් පමණ වෙසෙන, මීගමුවට නුදුරු, දූනගහ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් තෝරාගෙන එම භූමියේම, දර්ශණීය අන්දමින් සැකසූ විශේෂ අට්ටාලයක් තුළදී තම විවාහ මංගල දේව මෙහෙය පවත්වා විවාහ ප්‍රාප්ත වූ යුවළකගේ උත්සවයක් පසුගිය දිනයක (2019 අගෝස්තු 30) පැවැත්වුණි.   දූනගහ වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ මවුපියන්ගේ මුහුණු එදින සතුටින් පිරී තිබුණි. ඇතැමුන්ගේ දෙනෙත්වල…

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම ඔහු රෝමාණු කතෝලිකයෙක්. ඒ කතාවට මූලිකම හේතුව වුනේ, අගෝස්තු මාසයේ එක්තරා පල්ලියකට වන්දනා චාරිකාවකට ඔහුත් සමග එක්වන ලෙස කරනු ලැබූ ඉල්ලීම මා විසින් එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමයි. එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වුනේ, මමත් මගේ…

දෙව් මවුන් එතුමියගේ දෝතට පිළිගත් ජපමාලයේ පසුබිම් කථාව

1978 ජූලි මස 1 වෙනි දින, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදීය. එදින අප ආදරණීය මරිය මාතාවෝ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පාවිච්චි කරමින් සිටි ජපමාලය පමණක් නොව, අපොස්තලික සැරයටියද, අපොස්තලික මුදුවද මරිය තුමියගේ අතට ගෙන ආපසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ට ම භාර දුන්හ.   අපොස්තලික සැරයටිය…

කවුද මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා?

අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා වූ මෙන්ම, නොඅදහන්නා වූ ජනතාවද උන්වහන්සේව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේ, ජේසු ස්වාමිදරුවෝ, ගැළවුම්කාරයාණෝ, මනුෂ්‍ය පුත්‍රයා, ක්‍රිස්තු රජාණෝ, ගුරු දේවයාණෝ, ස්වාමින් වහන්සේ, මෙසියස් තුමා ආදී ලෙස විවිධ නාමයන්ගෙන් ජේසු තුමන්ව හඳුන්වනු ලබයි.   ජේසු තුමන්ගේ මෑණියන්ව ද එලෙසින්ම විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. මරිය තුමී, කන්‍ය මරිය මාතාවෝ,…

කිතු දහමින් ලොව එකලූ කරන අපොස්තලික පියතුමාණන් වහන්සේ

ශ්‍රී ලංකාද්වීපයේ වාසනාවටත්, අපගේ පිනටත්, කිතු දහමේ සුරක්ෂණයටත්, පහළ වූ මහා පින් කඳ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් වහන්ස්, අප ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තුළුවරු කණ්ඩායමේ අපොස්තුළු තුමෙකු වශයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තෝරා පත්කරගෙන, දැනට දශක සතරක් ද ඉක්මවා යමින්, ඉදිරි පෙරමඟ දහම් සුවඳ පතුරා, ලොව තුල ජීවමානවම වැඩ සිටිමින්,…