සැප්තැම්බර් 22 වෙනිදා සවස මම රතු පෙට්ටියට ලිපිය දමන වෙලේ, මරිය තුමියගේ ප්‍රතිමාවේ ඉන්න ජේසු බිළිදා මරිය තුමිය දෙස බලනවා ඇය දෙවරක් දැක්ක බව කිව්වා. මටත් පුදුමයි………..මෙන්න ඒ දෙව් මවු ප්‍රතිමාව
මම විවාහවෙලා අවුරුදු හතරක් වෙනවා. අපට අවුරුදු එකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. මට තිබුණ ලොකුම ගැටළුව වුනේ, මගේ බිරිද ඉතා තදින්ම වීඩියෝ සෙල්ලමට ඇබ්බැහි වී සිටීමයි. එයින් මට සම්පූර්ණයෙන්ම සැනසීම ලබා දුන්නේ කටුනායක අප නිර්මල මරිය මාතාවන් බව ප්‍රථමයෙන් ම ස්තූති පූර්වකව සදහන් කරන්නට කැමතියි. එපමණක් ද නොවෙයි, එතුමිය මට පිහිට ලබා දුන් ආකාරය ද හරිමම පුදුමයි.
මගේ බිරිද ඉතා තදින්ම වීඩියෝ සෙල්ලමට ඇබ්බැහි වී සිටියා. ජංගම දුරකතනයෙන් කල මේ සෙල්ලම කොහෙන් කොහොම පුරුදු වුනාද කියන්න මම දන්නෙ නැහැ. මුල දී මේක පටන් ගත්තේ ගෙදර නිකන් ඉන්න වෙලාවට පාළුවට කරන විනෝදයක් ලෙසටයි. නමුත් ඒක කොච්චර දුරදිග ගියාද කියනවානම් දරුවා ලැබුනට පස්සෙවත් නතර කලේ නැහැ. සමහර දවස්වලට දරුවා බඩගින්නේ කෑ ගහලා අඩත්දී, මම ගෙදර හිටියොත් කියනවා, ඔයා පොඩ්ඩක් බබාව නලවගන්න, තව පොඩ්ඩයි තියෙන්නේ, මම ඉක්මනට එන්නම් කියලා. මේ පොඩි දරුවගෙ වැඩ ටිකවත් අම්මා කෙනෙක් වෙලත් කරන්න උවමනාවක් තිබුනේ නැහැ. එයාට දරුවටත් වඩා ‛වීඩියෝ ගේම්ස්’ ලොකු වෙලා තිබුනා. මම රැකියාවට ගිය වෙලාවට මම ගෙදර නැති වෙලාවට දරුවගේ වැඩ කොහොම වෙනවා ඇත්ද කියලා මම නිතරම කල්පනා කෙරුවා.
මේ වීඩියෝ සෙල්ලම ගැන මම ඇයට මොනවත් කිව්වෙ නැහැ. ඇය මේ නොහොබිනා වීඩියෝ සෙල්ලමට මොනතරම් ඇබ්බැහිවෙලා තිබුනාද කියනවානම්, හොදින් හෝ තදින් මේ ගැන ඇයට අවවාද කලානම් දරුවත් උස්සලා පොලවේ ගහන්න තරම් ඉඩ තිබුනා.
දරුවාගේ වැඩ ටිකවත් හරියට නොවෙන නිසා මම බොහෝම දුර දිග කල්පනා කරලා ඇයගේම අම්මාව ගෙදර එක්කගෙන ආවා. නමුත් ඊට පස්සේ සිද්ධ වුනේ දරුවාගේ සියළුම වැඩ අම්මා පිටට පටවලා ඇය මුළු දවසම වීඩියෝ සෙල්ලම් කිරීමයි. දරුවට මවු කිරි දීමත් ක්‍රමයෙන් පිටි කිරි දෙන තත්වයට පත්වුනේ, අම්මාට කියලා එය සාදවාගත හැකි නිසයි. ඒ වෙලාවත් වීඩියෝ සෙල්ලම් කිරීමට බිරිද යොදා ගත්තා. බිරිදගේ මවගෙන් පවා නිතරම මට පැමිණිලි ලැබුනා. ඇගේ දුව දරුවාගේ කිසිම වැඩක් කරන්නේ නැතුව කාමරයට වෙලා දුරකතනය ඔබ ඔබා ඉන්නවා කියලා. කෑම සෑදීම, ඇදුම් සේදීම, දරුවව බලා ගැනීම, මේ ඔක්කොම බිරිදගේ අම්මා පිටටයි පැටවුනේ.
මගේ මේ ප්‍රශ්ණය කවුරුවත්ම දන්නේ නැහැ. දවසක් මම මගේ හිතවත්ම මිතුරෙකුට මේ ගැන කිව්වා. මගේ මිතුරා මට හොද ආරංචියක් දුන්නා. නිතරම ඔහු යන බොහෝම හාස්කම් තියන කටුනායක මෑණියන්ගේ සිද්ධස්ථානය ගැන ලොකු විස්තරයක් මට කිව්වා. ඔහුට ලැබුන පිහිට ගැනත් කිව්වා. සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව ගැනත් කිව්වා. දැන් ඉතින් දෙවියන්ගෙන්වත් පිහිටක් ලබන්න කටුනායක පල්ලියට යන්න කිව්වා. පුළුවන්නම් උපායක් යොදලා බිරිදවත් එක්කගෙන යන්න කිව්වා.
මම බොහෝම කල්පනා කරලා ක්‍රමයක් යෙදුවා. මම බිරිදට කිව්වා කාර්යාලයේ මට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියනවා. දැන්නම් දෙවියන්ට විතරයි කියන්න තියෙන්නෙ. මගේ යාළුවෙක් කිව්වා කටුනායක බොහෝම හාස්කම් තියන පල්ලියක් තියනවා. එයත් මට වගේම ප්‍රශ්ණෙකට ගිහින් බාර වෙලා හරිගිහිල්ලා තියෙනවා. ලබන සෙනසුරාදාට ඔයත් එන්න මාත් එක්ක යන්න කියලා. ඇය කැමති උනා. මගේ ප්‍රශ්ණය මොකක්ද කියලා ඇය ඇහැව්වා, මම කිව්වේ නැනැ.
පළමු වරට මම කටුනායක මෑණියන්ගේ හාස්කම් සිද්ධස්ථානයට ගියේ අගොස්තු 4 වෙනි සෙනසුරාදා. එදා පළමු වරට හාස්කම් යාච්ඤාවට සහභාගිවෙලා මම රතු පෙට්ටියට මගේ ලිපිය දැම්මා. එදාත් යනකොටත්, එනකොටත් වාහනයේ දී බිරිද කිසිම කතාවක් නැහැ. දුරකතනයෙන් වීඩියෝ සෙල්ලම් කලා. ඊට පස්සෙ සෑම සෙනසුරාදාවකම මම රතුපෙට්ටියට මගේ ඉල්ලීම ලියලා දැම්මා. ‛‛කටුනායක නිර්මල දේව මෑණියනී, මගේ බිරිදගේ වීඩියෝ සෙල්ලම නතර කරලා, මගේ දරුවට හොද අම්මා කෙනෙක් කරලා දෙන්න’’ මම එච්චරයි සෑම ලිපියකම ලිව්වේ. අගෝස්තු 11 සිට සැප්තැම්බර් 8 වෙනිදා දක්වා විශේෂ වරප්‍රසාද කාල සීමාවේ අළුත් දර්ශණ දේව මන්දීරය ඇතුලටම මගේ බිරිදත් සමග ගිහිල්ලා මගේ ලිපිය දැම්මා. සිද්ධස්ථානයේ දී අසන්න ලැබෙන නිවේදන නිසා මට කටුනායක මේ හාස්කම් සිද්ධස්ථානය ගැන ලොකු විශ්වාසයක් ඇති වුනා. විවිධ ආකාරයේ ප්‍රශ්ණ ඇති අය ලබා ඇති පිහිට ගැන මට ඒ අයගෙන්ම දැනගන්න ලැබුනා.
සැප්තැම්බර් 22 වෙනි සෙනසුරාදා සවසත් මම මගේ බිරිද සමග හාස්කම් යාච්ඤාවට සහභාගි වුනා. එදා හාස්කම් යාච්ඤාවට සහභාගිවෙලා මගේ 8 වෙනි ලිපිය රතු පෙට්ටියට දැම්මා. ඊට පස්සේ ගේට්ටුවෙන් එලියට ආපු ගමන්ම මගේ බිරිද ඇගේ දුරකතනය මගේ අතට දුන්නා. මම ඇයි කියලා ඇහැව්වා. මේක ඔයා තියාගන්න, මට පොඩි එකක් ගෙනත් දෙන්න කියලා කිව්වා. මම ඇහැව්වා, පොඩි එකකින් ඔයාට වීඩියෝ ගේම්ස් ගහන්න බැහැනේ කියලා. නෑ මම මීට පස්සේ වීඩියෝ ගේම්ස් ගහන්නේ නැහැ කියලා ඇය කිව්වා. මට පුදුම හිතුනා.
පසුදා මම මේ පිලිබදව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට දැනුම් දුන්නා. සිද්ධස්ථානයෙන් සශික විෂාන් මහතා මට කතා කලා. මගෙන් විස්තරය අහලා සති තුනකින් නැවත ඒ මහතාට කතාකරන්න කිව්වා. සති තුනකින් මම කතාකලා බිරිදගේ අළුත්ම තත්වය කිව්වා. බිරිද සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බවත්, දරුවාගේ සියළු වැඩ, ගෙදර වැඩ සියල්ල ඇය කරන බවත්, වෙනදාට වඩා සතුටින් සිටින බවත් මම කිව්වා.
මට තිබුන කරදරය ගැනත්, කටුනායක පල්ලියට ඇවිල්ලා මරිය තුමියට ඉල්ලීමක් ලියා රතු පෙට්ටියට දැමූ ලිපි ගැනත් බිරිදට සියල්ලම කියලා, සිද්ධස්ථානය වෙත ලිපියක් ලියලා එවන්න කියා ඒ මහතා කිව්වා. ඒ අනුව මම බිරිදට සියල්ල කිව්වා. ඇය පුදුම වුනා. ගොඩාක් ඇඩුවා. සැප්තැම්බර් 22 වෙනිදා සවස මම රතු පෙට්ටියට ලිපිය දමන වෙලේ, මරිය තුමියගේ ප්‍රතිමාවේ ඉන්න ජේසු බිළිදා මරිය තුමිය දෙස බලනවා ඇය දෙවරක් දැක්ක බව කිව්වා. මටත් පුදුමයි. කටුනායක හාස්කම් සිද්ධස්ථානය ගැන මට කිව්ව මගේ යාහළුවාට හරිම සතුටුයි.
මම මේ ලිපිය ඔක්තෝම්බර් 20 වෙනිදට සශික විෂාන් මහතාට බාර දෙනවා.
කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය ඇත්තටම මරිය තුමියගේ හාස්කම්වලින් පිරුන සිද්ධස්ථානයක්. නිර්මල මරිය මෑණියන්ව ජීවමානව අත්දකින්නට හැකි පූජනීය සිද්ධස්ථානයක්.
පිහිට ලද දෙව් මවුට ලැදි දරුවෙක් – තලංගම