පිලිකාවක තත්වයට වර්ධනය වෙමින් තරුණයාගේ යටි බඩේ තිබුන ගෙඩිය අතුරුදන් කරවා ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරයයි මේ

 

මම මුලින්ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන දැනගත්තාට පසුව, එම සිද්ධස්ථානයට ගියේ පසුගිය ජූලි 14 වෙනි සෙනසුරාදා. මම ගියේ නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ එම සිද්ධස්ථානයේ දී මගේ මිතුරෙකුගේ බරපතල රෝගයකට සුවය ලැබූ පුවත දැනගැනීමෙන් පසුව, මරිය තුමිය මටත් පිහිට වේය යන ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි.

 

මගේ වයස අවුරුදු 22 යි. මාසයක කාලයක සිට මගේ යටි බඩ ප්‍රදේශයෙන් පුංචි ගැටයක් වගේ දෙයක් මතු වෙන්න පටන් ගත්තා. මුලදී වේදනාවක් නොතිබුනත්, පසුව ටික ටික වේදනා දෙන්න පටන් ගත්තා. එම පුංචි ගැටය ද ටික ටික වැඩෙමින් තරමක් මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක ප්‍රමාණයට වර්ධනය වෙමින් තිබුණා.

 

වෛද්‍යවරුන් කිව්වේ මෙය පිලිකාවක් තත්වයට පත් වෙමින් පවතින බවයි. ඒ නිසා සැත්කමක් කර ඉක්මනින්ම මෙම ගෙඩිය ඉවත් කල යුතු බව ඔවුන් පැවසුවා. ගෙඩිය තිබෙන ස්ථානය අනුව සැත්කම තරමක් සංකීර්ණ බවයි ඔවුන් කිව්වේ. ගෙඩියේ වේදනාව ද විටින් විට දැනෙමින් මම ඉතාමත් මානසිකව වේදනා වින්දා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වෙලා මුලින්ම මම මගේ රෝගයට සුවය පතා රතු පෙට්ටියට ලිපියක් දැම්මේ ජූලි 14 වෙනි සෙනසුරාදා. එදා සිට සෑම සෙනසුරාදාවකම මම ලොකු විශ්වාසයකින් රතු පෙට්ටියට ලිපි දැම්මා. දිනෙන් දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මට ඇසුන කතාවන් නිසා, කටුනායක අප ස්වාමිදූ කෙරෙහි මගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් වැඩි වුනා.

 

මේ අතර දර්ශණ දේව මන්දීරය නිර්මල මෑණියන්ට භාර දීම වෙනුවෙන් සෙනසුරාදාවන් දින පහක විශේෂ වරප්‍රසාද දායක කාලයක් ආරම්භ වුනා. අගෝස්තු 11, අගෝස්තු 18 යන දින දෙකේම මම දර්ශණ දේව මන්දීරය ඇතුලට ගිහිල්ලා මගේ වේදනාවත් බලාපොරොත්තුවත් ජීවමාන මරිය මවුන්ට කියලා රතු පෙට්ටියට ලිපි දාලා, දර්ශණ ඉටිපහන් පත්තු කලා.

 

පසුගිය සෙනසුරාදාත් මට සුවය පතා ලිපියක් ලියාගෙන මේ වරප්‍රසාද දායක කාල සීමාවේ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය වෙත ගියා. මුලින්ම දර්ශන ඉටිපහන ආශිර්වාද කරවා ගැනීම පිණිස උන්වහන්සේ පාමුල දණ ගැසුවා. කිසිදු ලොකු කමක්, අහංකාරකමක් නැතුව මා සමග සිනාවෙලා මට ආශිර්වාද කරලා, මගේ ඔලුවට වෙනදා වගේම අත තිබ්බා. එතකොටම උන්වහන්සේ මගේ ඔලුවට අත තිබ්බ ස්ථානයේ සිට මගේ යටි බඩේ ගෙඩිය දක්වා ක්ෂණික විදිල්ලක් දිව්වා වගේ මගේ ශරීරය ඇතුලතින් යම් ශක්තියක් ගමන් කර, යටි බඩේ ගෙඩිය වේදනා දෙන්න පටන් ගත්තා. මම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට වැද නමස්කාර කරලා, ඉටිපහනත් ලිපියත් රැගෙන වේදනාවත් දරාගෙන දර්ශණ දෙව් මැදුර ඇතුලට ගිහිල්ලා මගේ ලිපියත් ඉටිපහනත් ජීවමාන මරිය මෑණියන් ඉදිරියේ ඔසවලා යාච්ඤා කරලා රතු පෙට්ටියට දාලා ආයෙත් ජීවමාන මරිය මෑණියන් දෙස බැලුවා, අනේ එතුමිය ඉතාමත් ශාන්ත ලෙස මා සමග සිනාසුනා. අනේ එතුමියගේ වම් අතේ ඉන්න ජේසු බිළිදාත් මා සමග සිනාසුනා. ඒ සිනහව හරිම ලස්සනයි. දුවගෙන ගිහිල්ලා එතුමියගේ දෙපා සිපගන්න හිතෙනවා. මෙතෙක් කල් ජීවමාන මරිය තුමියගෙන් කිසිම සළකුණක් නොදුටු මම, මගේ බලාපොරොත්තුව ද ඉටුවෙමින් ගිය සෙනසුරාදා එතුමියගේ විතරක් නෙමෙයි, ජේසු බිළිදාගේ ද සිනහ මුහුණ දුටුවා. ඒ සමගම වේදනාව නැතිව ගියා.

 

මම දර්ශණ දෙව් මැදුරේ ඉටිපහන් දල්වන ස්ථානයට ගිහිල්ලා මගේ ඉටිපහන දල්වලා කෙලින්ම ගියේ වාහනය ඇතුලට. මගේ ඉල්ලීම ඉටුවෙලා ඇති කියලා ලොකු විශ්වාසයකින් මගේ යටිබඩ පෙදෙස පරීක්ෂා කරලා බැලුවා. මගේ ගෙඩිය නැහැ. එය නැතිවෙලා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමාත්, නිර්මල කටුනායක මෑණියොත්, එතුමියගේ හස්තයේ වැඩ සිටින ජේසු බිළිදාත්, පිලිකාවක තත්වයට වර්ධනය වෙමින් තිබුන මගේ යටි බඩේ ගෙඩිය අතුරුදන් කරවලා.

 

සදුදා වෛද්‍යවරුන් මාව පරීක්ෂා කරලා කිව්වා, ‛දැන් ඒ ගෙඩිය නැහැනේ පුතා’ කියලා.

 

නිර්මල කන්‍ය මරිය තුමිය කෙරෙහි නොසැලෙන බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇත්නම්, එතුමියව ජීවමානවම අත්දැක පිහිට ලබා ගැනීමට ඇති බලවත්ම ස්ථානය නම්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බවයි මගේ එකම විශ්වාසය.

 

 

ශනිල්ක හෙට්ටිආරච්චි – නාරාහේන්පිට