මෙම ලිපියේ සදහන් තරුණයා සුවපත් වූයේ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තැන්පත් කර ඇති අප නිර්මල මෑණියන්ගේ මෙම ප්‍රතිමාව 2018 ජනවාරි 13 වෙනි සෙනසුරාදා සවස විනාඩි තුනක කාලයක් ජීවමාන වූ අවස්ථාවේ දී යි. එතැන් සිට දැන් සෑම සෙනසුරාදාවකම සවස හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී (සවස 6 සිට) මෙම ප්‍රතිමාවෙන් ආශ්චර්යමත් ලෙසින් ජීවමාන සංඥාවන් දැක ගැනීමට බොහෝ සැදැහැවතුන්ට අවස්ථාව ලැබී ඇත

 

මගේ දැන් වයස අවුරුදු 28 යි. වයස 23 දී මම ඉතාලියට ගියා. වීසා ප්‍රශ්ණයක් නිසා මම කාන්තාවක් හදුනා ගත්තා. ඇයත් සමග මම බොහෝම ලගින් ආශ්‍රය කෙරුවා. නමුත් මට වීසා ලබා ගැනීමට අවශ්‍ය උදව්ව කිරීම ඇය මග හැරියා. මම ඇය වෙනුවෙන් බොහෝ මුදල් ද වියදම් කර තිබෙනවා. මට වීසා ගැනීමේ කටයුතු සදහා උදව් කිරීම ඇය මග හැරිය ඇය ඉන්පසු මාව ආශ්‍රය කිරීම ද නතර කලා. එයින් මාස කීපයකට පසුව මා අසනීප වූ අතර කරන ලද වෛද්‍ය පරීක්ෂණ මගින් මට දැනගැනීමට ලැබුනේ මා සමාජ රෝගියෙක් වී ඇති බවයි. මෙය බොහෝම මාරාන්තික සමාජ රෝගයක් නොවුනත් බෙහෙත් වලින් සම්පූර්ණයෙන් ම සුව කල නොහැකි බෙහෙත් වලින් තාවකාලික සුවයක් පමණක් ලද හැකි බෝ වන රෝගයක් බවයි මාව පරීක්ෂා කල ද්‍යෛවරුන් හැම දෙනෙක්ම කිව්වේ. මේ සිදුවීමත් සමග මම බොහෝම මානසිකව වැටුනා. සියළු කාන්තාවන්ගෙන් පලි ගත යුතු යයි සිතාගෙන, මේ රෝගය අන් අයටත් බෝ කරන්නට මම පියවර ගත්තා. පසුගිය 2017 වසරේ මුල මම ලංකාවට ආවා. ඒ එන විටත් මගේ සමාජ රෝගයට අමතරව ඒ රෝගය නිසාම නිතර නිතර විවිධ අසනීපවලට මුහුණ දෙමිනුයි මම සිටියේ. ලංකාවට ආවට පසුවත් මම මෙහේ වෛද්‍යවරු තුන්දෙනෙක් සමු උනා. ඔවුන් ද කිව්වේ ඉතාලි වෛද්‍යවරු කිව්ව කතාවමයි. කුඩා කාලයේ පටන්ම මම කොහොමත් හොද මිනිහෙක් නෙමෙයි. ලංකාවට ආවට පස්සේ මගේ හොදම මිතුරෙක් මට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන කිව්වා. ගොඩක් දේවල් කිව්වා. මගේ අසනීපයට තියන හොදම විසදුම කටුනායක අප ස්වාමිදූ විතරයි කියල ඔහු කිව්වා. ඔහු එම සිද්ධස්ථානයෙන් ලොකුම පිහිටක් ලද පුද්ගලයෙක්. ඒකත් හරිම පුදුම කතාවක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන මට ඒතරම් ලොකු අවබෝධයක් නොතිබුනත් යහළුවාගේ අධික ඉල්ලීම නිසා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට පටන් ගත්තා. මට මතක විදිහට සති 23 ක් මම සෙනසුරාදා දවස්වල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. ඒ අතර සතියේ සමහර දිනවලත් මම මගේ යහළුවත් සමග මේ මහා හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා ඉටිපහන් දල්වලා ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කලා. සති 23ක්ම මම හාස්කම් යාච්ඤාවට සහභාගි වෙමින්, රතු පෙට්ටියට ලිපි දැම්මා. මම ඇත්ත කියන්න ඕනා. ඒ අතරෙත් මම මේ රෝගය අන් අයට බෝ කිරීමට කටයුතු කලා. මගේ 23 වන සෙනසුරාදා උනේ ජනවාරි 13 වෙනි සෙනසුරාදා. එදත් මම ලොකුම විශ්වාසයෙන් හාස්කම් යාච්ඤාවට සහභාගිවෙලා, රතු පෙට්ටියට ලිපිය දැම්මා. එදා මහ අමුතු දෙයක් සිද්ධ උනා. හාස්කම් යාච්ඤාව වෙලාවේ අප ඉදිරියේ වීදුරු මණ්ඩපය තුල තිබුන දේව මෑණියන්ගේ ප්‍රතිමාව ජීවමාන උනා. මම දැක්කා. අවට සිටි තවත් බැතිමතුන් දැක තිබුනා. ඒ වෙලාවේ මගේ මුළු ඇගම සීතල වෙලා, බැට්රි කරන්ට් එකක් වැදුනා වගේ තත්පර පහක් පමණ වෙව්ළුවා. හාස්කම් යාච්ඤාවෙන් පස්සෙ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රසිද්ධියේම කිව්වා, එක්තරා ආකාරයක අසනීපයකින්, දැන් අවුරුදු කීපයක සිට පීඩා විදින පුද්ගලයෙක් හාස්කම් යාච්ඤාව වෙලාවෙ සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා කියලා. ඒ වෙලාවෙ උන්වහන්සේ මා දිහා කෙලින්ම බැලුවා. එක්තරා අකාරයක අසනීපයක් කියලා කිව්ව නිසාත්, සදුදාම වෛද්‍ය පරීක්ණයකට පෙනී සිටින්න කියලත් උන්වහන්සේ කිව්ව නිසාත්, මරිය තුමී ජේසු බිළිදුන් සමග ප්‍රතිමාව ජීවමාන වී මගේ මුළු ඇගම සීතල වෙලා, බැට්රි කරන්ට් එකක් වැදුනා වගේ දෙයක් සිදු වුන නිසාත් මම හිතුවා සම්පූර්ණයෙන්ම සුව වී ඇත්තේ මමයි කියලා. දේව මෙහෙයෙන් පසුව මම යාළුවටත් කිව්වා මට වෙච්ච දේ ගැන. ඔහු සන්තෝෂයෙන් කිව්වේ මාව ස්ථීරයෙන්ම කටුනායක මෑණියෝ සුව කරල කියලයි. සදුදා උදේම මම මගේ යාළුවත් එක්ක කටුනායක හාස්කම් සිද්ධස්ථානයට ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ ඇති කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාව පාමුළ දනගසාගෙන යාච්ඤා කරලා රෝසමල් ඉටිපහන් පත්තු කරලා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිව්ව විදිහට වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වුනා. පසුදා වාර්තාව ලැබුනා. මාව කටුනායක මෑණියෝ සුවපත් කරලා ස්තූති වේවා මාව කටුනායක මෑණියෝ සුවපත් කරලා ප්‍රශංසා වේවා මාව කටුනායක මෑණියෝ සුවපත් කරලා මහිමය වේවා ඉතාමත් ඉක්මනින්ම මේ තොරතුර කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයට දැනුම් දුන්නා. පැය කීපයකින් සිද්ධස්ථානයෙන් සශික විෂාන් මහතා කතා කලා. ඔහුව හමුවන්නට එන්න කිව්වා. පෙර සහ පසු සියළු වෛද්‍ය වාර්තා සමග ඒ මහතාව සමු උනා. ඒ මහතා තමයි සිද්ධස්ථානයේ දී සිදුවන ප්‍රාතිහාර්යයන් ගැන ඒවායේ නිවැරදිතාවය ගැන සොයා බලා තහවුරු කරන්නේ. දින කීපයක් ඒ මහතාගේ උපදෙස් අනුව විවිධ ස්ථානවල වෛද්‍ය පරීක්ෂණ පහකට සහභාගි උනා. ඒ සියල්ලකින්ම තහවුරු උනේ මා සම්පූර්ණයෙන්ම සුවපත් වී ඇති බවයි. ලංකාවේ දී මාව පරීක්ෂා කල වෛද්‍යවරයා ද මගේ සුවය තහවුරු කලා. සමාජයේ සියළු කාන්තාවන්ගෙන් පලි ගනිමින් සිටි මට සම්පූර්ණ සුවය ලබා දුන්නේ ලොව සියළු කාන්තාවන් අතර මහත් බලවත් කාන්තාව වූ නිර්මල කන්‍ය මරිය තුමියයි. එතුමිය ජීවමානවම එතුමියගේ බැල්ම යොමු කරගෙන සිටින ලොව එකම සිද්ධස්ථානය ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බවයි මට කියන්නට ඇත්තේ. ඇත්තටම මම හොද මිනිහෙක් නෙමෙයි. නමුත් මම දැන් හොද විය යුතුයි. කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී මරිය තුමී මා දෙස බැලුව අයුරු මට අමතක කරන්න බැහැ. ඉදිරියටත් එතුමිය මා දෙස බලා සිටින බව මම දන්නවා. ඒ මම හොද මිනිහෙක් වෙනකම්. මම ඒ ටික කරනවා.

 

(සංස්කාරක සටහන – මෙම තරුණයාගේ අනාගත සුභ සිද්ධිය සලකා ඔහුගේ නම ප්‍රසිද්ධ කිරීමෙන් අපි වැලකී සිටින අතර, හොද මිනිසෙකු වී සමාජයට සෙතක් සලසනු පිණිස නිර්මල කන්‍ය මරිය මාතාවන් වන කටුනායක අප ස්වාමිදූගේ කරුණාව හිමි වේවා යි අපොස්තලික මාධ්‍ය ජාලය, ප්‍රාර්ථනා කරයි.)