ඔබගේ වෛද්‍යවරයා ඔබට පවසා ඇති පරිදි, ඔබ දන්නවා නම් යම් කිසි රෝගි තත්වයක් නිසා, ඔබ තව දින ගණනකින් හෝ මාස ගණනකින් හෝ අවුරුදු ගණනකින් මිය යාමට සිටින පුද්ගලයෙක් බව. ඔබට ඇතිවන්නේ කුමන හැඟීමක්ද??? නමුත් මේ තත්වයට ඔබගේ දරුවෙක් පත්වූවහොත් ඔබට ඇතිවන හැඟීම් තේරුම් කිරීමට ඔබට හැකිද??? ඊටත් වඩා පියෙක් හැටියට මොන තරම් මුදල් වියදම් වූවත් ඒ පිළිබඳව ඔබට කරන්නට කිසිම දෙයක් මේ මුළු ලෝකයේම නැති බව හා පියෙක් හැටියට තමන්ගේ දරුවා මියයන හැටි තමන්ගේම ඇස් දෙකට හැම තත්පරයක් පාසාම පෙනෙන්නට තියෙනකොට ඔබට හැඟෙන්නනේ කුමක්ද???

 

මා ගතකල ඒ රුදුරු දවස් කල්පය විස්තර කල හැකි පියවරු ලක්ෂ කෝටි ගනන් මේ ලෝකයේ ඇති බවත්, මේ තත්වයට මුහුන දීමට සිදුවූ එකම පියා මම නොවන බවත් මම හොඳින් දනිමි. නමුත් මේ ලෝකයේ සිටින ඒ පියවරුන් අතරින් හැමෝටම වඩා වඩාත්ම සන්තෝෂ වන එකම පියා මම වන බවද මාගේ දැඩි විශ්වාසයයි. ඒ මගේ දරුවා මැරෙන්නට දින දී තිබූ කාලයට පෙර දුක්විඳින්නේ නැතිව, මගේ දරුවා මිය ගියා යන සන්තෝෂය නිසා නොවේ. දැඩි කැපවීම, බලවත් නොබිඳුනු ස්ථීර විශ්වාසය හා මේ ලෝකයේ අප අතරම ජීවත් වන දෙවි කෙනෙක් නිසා, මගේ දරුවා වෛද්‍ය වාර්තා කණපිට පෙරලමින් අදටත් කිසිදු රෝගයකින් තොරව ජීවත් වන නිසයි.

 

මාගේ මේ කථාව ලියන්නනේ, මා මෙන්ම දැඩි කැපවීම, බලවත් නොබිඳුනු ස්ථීර විශ්වාසය ඇති මනුෂ්‍යයන්ට මේ ලෝකයේ අප අතරම ජීවත් වන මේ දෙවි කෙනාව හඳුන්වා දීමටයි. මන්ද අපගේ මේ ජීවිතයත් හා පසු ජීවිත වලදීත් අපට මෙවන් ශුද්ධවු උත්තමයෙක් මුණගැසේ යැයි මා නොසිතන නිසා කලගුණ දන්නා මනුෂ්‍යයෙක් හැටියට ඒ ශුද්ධවු උත්තමයාණන්ව ලොවටම හඳුන්වා දීම මාගේ යුතුකමයැයි මා තරයේ සලකන නිසයි.

 

මාගේ නම යොහාන් කෝදාගොඩ. මැදපෙරදිග ඇති විදෙස් ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කල මා වෘතියෙන් ඉන්ජිනේරු වරයෙකි. වසර 5 කට ආසන්න කාලයක් එම ආයතනයේ මා සේවය කලේ ලෝකයේ නොයෙක් රටවල් නියෝජනය කරන පුද්ගලයන් සමගය. මා විවාහක කෙනෙක් වන අතර අපට අවුරුදු 7 ක පුතෙක් සිටී. ඔහුට යාන්තම් අවුරුදු 6 වන විට ඔහු ඉතා අසාමාන්‍ය ලෙස රෝගි වන්නට පටන් ගත්තේය. ඔහුට නිතරම වරින් වර උණ තත්වයන් ඇතිවූ අතර, ඔහු නිතරම ඔහුගේ හංදි පත් වේදනා හා ඔහුගේ අස්ථීන්හි ඇතිවන වේදනා පිළිබඳව නිතර නිතර චෝදනා කරන්නට විය. දිනෙන් දින මලානික තත්වයෙන් පසුවන්නට වූ අතර ඔහුගේ පිරිහෙන තත්වයක් අපට දැක ගත හැකි විය. මන්ද මා මැද පෙරදිග සිට දුරකතනයෙන් කතා කරන වේලාවන් කල් තියා දැනුම් දී ඇති විට, එම වේලාවේදී දුරකතනය නාද වන විටම ඔහු දිවගෙන විත්, ප්‍රථමයෙන්ම දුරකතනයෙන් කථා කරන නමුත්, මෙම රෝගි තත්වය ඇතිවීමෙන් පසු, මා දුරකතනයෙන් කථා කල විට ඔහුගේ අතට බලෙන් දුරකථනය තැබුවත්, ඔහුගේ කතාව වචනයකට දෙකකට සීමා වන්නට විය. පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්, අසල්වාසීන්, නෑදෑයන් අතර බොහෝම ප්‍රබෝධමත් ජනප්‍රිය දරුවා වූ ඔහු පහුයත්ම සිදුවී ඇති මෙම විපර්යාසය කාටත් ප්‍රශ්ණයක් වන්නට විය.

 

පසුව දරුවාව මාගේ බිරිඳ විසින් වෛද්‍යවරුන්ට ඉදිරිපත් කල අතර වෛද්‍ය වාර්තා වලට අනුව ඔහුට Acute Lymphoblastic Leukemia (ALL) හෙවත් ‛ඇට මිදුලු දියවීමේ ලියුකේමියා’ යන මාරාන්තික රෝගය වැලඳී ඇති බව සනාත වන්නට විය. මෙම තත්වය ඇසූ මට, කල යුත්තේ කුමක්දැයි කියා සිහියට නොආ අතර, මගේ සිතට නැගුන එකම අදහස නම්, ඒ අවස්ථාවේ මා කරන රැකියාවට වඩා, මාරාන්තිකව ඔත්පල වී ඇති මාගේ දරුවා ලඟට හැකි ඉක්මණින් මා යා යුතු යැයි යන තීරණයයි. එම අවස්ථාවේ රැකියා ස්ථානයේ කලමණාකාරිත්වයට මා පත්වී ඇති අවාසනාවන්ත තත්වය තේරුම් කර දී රැකියාවෙන් අස්වී ලංකාවට පැමිණුනත්, ඔවුන් මා සමග කියා සිටියේ, නැවත රැකියාවක් කිරීමට අවශ්‍ය මානසිකත්වය ඇතිවූවහොත් ඔවුන් වෙත දැණුම් දෙන ලෙසත්, නැවත මා ඔවුන් හා සේවය කිරීමට පැමිනෙනවා නම්, ඔවුන් මහත් සන්තෝෂ වන බවත්ය.

 

කඩිමුඩියේ ලංකාවට පැමිනි මා මුලින්ම කලේ ලංකාවේ සිටින විශේෂඥ දොස්තර වරුන්ට මාගේ දරුවා යොමු කර, මේ ඇතිවී ඇති රෝගී තත්වයට මේ ලෝකය තුලදී මාහට එම දරුවාගේ සුවය පතා කල හැකි ඕනෑම ප්‍රතිකාරයක් ඇත්නම් මා වෙත පවසන ලෙස දැඩිලෙස බැගෑපත්වී ඉල්ලීමයි. ඒ කාලය වන විට දරුවාගේ නාසයෙන් ලේ ගැලීම් ඇති වන්නට වූ අතර, එය නොනවත්වාම සෑහෙන වේලාවක් යන තුරු ඇති වන්න්ට විය. මෙයට හේතුව දරුවාගේ ශරිරයේ ඇති සුදු රුධිරාණු ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වන නිසා බවත්, මෙය මෙම රෝගි තත්වයේ සාමාන්‍ය ලක්ෂණයක් බවත්, වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නට විය. තව දුරටත් මේ පිළිබඳව වෛද්‍යවරු මාහට කරුණු කාරණා තේරුම් කර දුන්නද සමහර අවස්ථාවලදී මාගේ අන්ත අසරණභාවය නිසා මාගේ දරුවා මිය යනකම් මට බලාගෙන ඉන්න බෑ කියා මා වෛද්‍යවරුන් සමග රන්ඩු සරුවල් කල අවස්ථාද එමටය. එම අවස්ථාවන් හිදී ඔවුන් මා හට කරුණු කාරණා තේරුම් කර දුන්නේ, මේ ලෙඩේ හැටි ඔහොම තමයි, අපිට කරන්න පුලුවන් ඉහලම දේ වන්නේ මේ දරුවාගේ ලේ මාරු කිරීම, නැතිනම් ඇට මිදුලු බද්ධ කිරීම පමනක් බවයි. එය හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්, හැබැයි මේ හරියෑම රඳාපවතින්නේ ඉතා කෙටි කාලයකට පමනයි කියාය. සමහර අවස්ථාවලදී මෙම ප්‍රතිකාර සාර්ථක නොවුනොත්, ශරිරයේ සුදු රුධිරාණු ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වීම මගින් ඔහුගේ ශරිරයේ වකුගඩු ඉදිමීම, අක්මාව ඉදිමීම වැනි වෙනත් වෙනත් අසාධ්‍ය තත්වයන් පවා ඇති විය හැකි බව, ඔවුන් මට කරුනු කාරනා වටහා දුන්නේය. මන්ද දරුවාගේ ඇට මිදුලු දියවීම නිසා ඔහුගේ ඇඟේ තිබෙන්නාවු රතු රුධිරානු ප්‍රතිශතය අඩුවීම කොයිම විදිහකින් වත් වැලැක්විය නොහැකි බවත්, දැනට මේ සදහා නිෂ්චිත ප්‍රතිකර්ම ක්‍රමයක් නොමැති බවත්, මේ රෝගි තත්වයේ ඇති හරිම අවදානම් තත්වය මා හට නොසඟවා ඒත්තු ගන්වන්නට විය.

 

එමෙන්ම මා සමග මැදපෙරදිගදී සේවය කල, මාගේ මෙම තත්වය දන්නා ඉන්දියානු මිතුරෙක් මා වෙත කියා සිටියේ ඇට මිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ ඇති බවත් එය 100 ට 100 ක්ම සාර්ථක ක්‍රමයක් නොවන බවත්, ඒ සඳහා, අඩු තරමින් ප්‍රතිකාර සදහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් වැය වන බවත්, ඔහු ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම එම වෛද්‍යවරුන් ඔහු වෙත පවසා තිබුනේ මෙම ක්‍රමය මගින් රෝගියාව සම්පුර්ණයෙන්ම සුව කල නොහැකි බවත්, නමුත් රෝගියාව දැන් තත්වයට වඩා වැඩි හොඳ තත්වයකට පත් කල හැකි බවත් ය. මෙම ක්‍රමය මගින් ජීවිත අභියෝගයක් ඇති බවත්, නමුත් මෙම ශල්‍යකර්මය කරගෙන ඇති රෝගීන් සමහරෙක් අදටත් නිරෝගි දිවිපෙවතක් ගෙවන නමුත්, මෙම ශල්‍යකර්මය අසාර්ථක වූ රෝගීන් ද ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය. කෙසේවෙතත් ලේ මාරු කිරීමේ ක්‍රමය කරන ලෙසත්, මන්ද කලාතුරකින් මිලියනයකින් (ලක්ෂ දහයකින්) එක් රෝගියෙක් පමණක් ඇට මිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාර ක්‍රමයට සමාන සුවයක් ලබන බවත් ප්‍රකාශ කර සිටියේය.

 

මේ තත්වය මත වෛද්‍යවරුන්ද මා හට අනුමත කරනු ලැබුවේ, මසක හෝ දෙකක පමණ කාලයක් ඇතුලත, ඔහුගේ පළමුවන ශල්‍යකර්මය කල යුතු බවත්, හැකිතාක් ඉක්මනින් ශල්‍යකර්මය කිරීමට අදාල කටයුතු සුදානම් කර ගන්න, යන බවත්ය. ශල්‍යකර්මයට පෙර දරුවාව තව වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා රැගෙන එන ආ යුතු බවද ඔවුන් මට දැන්වීය. නමුත් මාගේ යටි හිතේ වූ අරමුණ වුයේ කීයක් ගියත් මෙම ලේ මාරු කිරීමේ ප්‍රථම ශල්‍යකර්මයෙන් පසුව දරුවාව කෙසේ හෝ ඉන්දියාවට ගෙන ගොස් ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය කෙසේ හෝ කර දරුවාව තව වැඩි කාලයක් ජීවත් කරවන බවයි.

 

මාගේ දරුවාව පරික්ෂණයට භාජනය කල වෛද්‍යවරු කණ්ඩායමේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ඇතිවී ඇති තත්වය පිළිබඳව තමන් බෙහෙවින් කණගාටු වන බවත්, නමුත් ඔහු විශ්වාස කරන අන්දමට වෛද්‍යවරුන්ට සුව කල නොහැකි බොහෝ දේ දෙවියන්ට සුව කල හැකි බවත්, තමන් අදහන දෙවියන් පිලිබඳ තිබෙන්නාවූ විශ්වාසය හැකිතරම් වැඩිවර්ධනය කරගෙන දෙවියන් මතම යැපෙන ලෙසය. මන්ද මම මොනතරම් බැගෑපත් වූවත් වෛද්‍යවරුන්ට කල හැකි ප්‍රමාණය බොහෝම අල්ප මාත්‍රයක් පමණක් වන නිසාය.

 

මා උපතින් කතෝලිකයෙක් වූවත්, කුඩා කල සිට මා යම් යම් දේ දැකීමෙන් හා ඇසීමෙන් මා තුල ඇතිවුනාවු යම් යම් ප්‍රශ්ණකාරී දේවල් වලට මා හට පිළිතුරු සොයා ගත නොහැකි වූ නිසා හා ඒ පිලිබඳ වගකිවයුතු පුද්ගලයන්ට එම ප්‍රශ්න වලට මා වෙත විසඳුම් සෙවීමට පිළිතුරු නොදත් නිසා හා මා විසින් ඉදිරිපත් කල ප්‍රශ්ණවලට පිළිතුර දේව අභිරහස්, මනුෂ්‍යයන් වන අපට තේරුම් ගත නොහැකි දේවල් යැයි කියන නිසාත්, දෙවියන් කෙරෙහි එතරම් විශ්වාසයක් මා හට නොතිබුන බැවින්, මාගේ හදවතේ ආගම (හෘද සාක්ෂියට අනුව ජීවත් වීම) මා අදහන්නට විය.

 

මාගේ බිරිඳ විවාහ කර ගැනීමෙන් පසුව ඇය විසින් විශ්වාස කරනු ලබන ආගම් සහ ඒවායේ ඉගැන්වීම් මාගේ හැඟීම අනුව මා හට යම්තාක් දුරට හෝ එකඟ විය හැකි ඉගැන්වීමක් වන්නට විය. යම් යම් ප්‍රශ්නකාරී ස්ථාන ඇතත් අපෝස්තුළුවරුන් හා ක්‍රිස්තුස් වහන්සේ පිළිබදව වඩා හොඳ අවබෝධයක් ඔවුන් තුල තිබෙන්නට විය. මා ලංකාවේ සිටින සෑම අවස්ථාවකම මාගේ බිරිඳ සමග බයිබල් ඉගැන්වීම් වලට යන්නට වූයේ මා තුල දෙවියන් පිළිබඳව කුමන හෝ සංයමයක් ඇතිකර ගනු පිණිසය. නමුත් ඔවුන් දේව මෑණියන් පිළිබඳව දරණ මතය, මා ඉහත සදහන් කල ප්‍රශ්නකාරී එක් ස්ථානයක් වන්නට විය. මා හට දැණුන ලෙස, මාගේ හෘද සාක්ෂියට අනුව යම්තාක් දුරට මට එය පිළිගත හැකි වුවත්, කුඩා කල සිට දේව මෑණියන්ට ඇතිවූ ආදරය හා භක්තිය, මගේ හිතේ කොනක ඉතිරි වී තිබුනත් එය වැඩිවර්ධනය කරගැනීමට තරම් පිටුවහලක් මා හට නොලැබෙන්නට විය. මා මේ පිළිබඳව අවස්ථාව ලද විට මාගේ බිරිඳ සමග ද ඒ දේවගැතිවරුන් සමගද මාගේ දැනීම මත කරුණු කාරණා තේරුම් කර ගැනීමට පෙලඹුන අවස්ථා එමටය.

 

නමුත් මාගේ දරුවාගේ අසනීප සිද්ධිය මත මාගේ ජිවිතය එහෙන් පිටින්ම කඩා වැටෙන්නට වූ අතර දෙවියන් ඉදිරියේ මාගේ කන්නලව්ව හා බැගෑපත්වීම දිනෙන් දින වැඩි වර්ධනය වන්නට විය. මා සහ මාගේ බිරිඳ, අප පත්වී ඇති මෙම තත්වය පිළිබඳව නොයෙකුත් දේවගැතිවරුන්ට ප්‍රකාශ කර, මාගේ දරුවාව රැගෙන නොගිය දේවස්ථානයක් නොවීය. බොහෝ දේවගැතිවරු අපගේ නිවසටම පැමින කලාවූ ආශිර්වාද ද යාච්ඤා ද අපගේ සිතට සැනසීම ලබා දුන්නා ඇරෙන්න, දරුවාගේ මාරාන්තික රෝගි තත්වය සුව අතට පත්වීමට අනුබලයක් නොවීය. කෙසේ වෙතත් දෙවියන් පිළිබඳව මාගේ විශ්වාසය මා දිනෙන් දින වැඩි කර ගන්නට උත්සහ කලා සේම දරුවාව දවසක් හෝ ජීවත් කිරීමට කලහැකි සෑම දෙයක්ම කිරීමට තරම් මා මාගේ හදවත බෝහෝම දැඩි කර ගන්නට විය.

 

ඉරිදා දිනයක මාත් මගේ බිරිඳත් අපගේ අවශ්‍යතාවයකට ගෙදරින් පිටතට ගොස් නැවත පැමිනෙන විට තරුණ ගැහැනු ලමයෙක් අප සිටින වාහනයට පත්‍රිකාවක් දික්කල අතර මා විසින් වාහනයේ වීදුරුව පහත් කර එය ලබා ගෙන මාගේ බිරිඳ අත තියන්නට විය. යන ගමන් මාගේ බිරිඳ විසින් එය කියවා මා හට කියා සිටියේ එහි තිබෙන්නේ දේව මැණියන්ගේ පල්ලියක කුඩා දරුවෙකුට ලැබී තිබූ පුදුම සහගත සුව වීමක් පිළිබඳව බවත්, එම දරුවාගේ මව විසින් ඒ පිළිබඳව සඳහන් කර ඇති කථාව එහි අන්තර්ගත වන බවත්ය. ගෙදර ගොස් මා ද එම පත්‍රිකාව කිහිප වතාවක්ම කියවූයේ, මා හට කුමක්දෝ ලොකු කථාවක් එයින් කියවෙන නිසාය. එමෙන්ම දේව මෑණියන් පිළිබඳව මා මෙතෙක් අසා නැති විදිහේ අමුතුම අලුත් කථාවක් මෙහි ඇතුලත් වී තිබුණි. එමෙන්ම එම පත්‍රිකාවේ තිබූ දුරකථන අංකයකට කතා කර එම කතාවෙන් කියවෙන සිද්ධස්ථානය පිළිබඳව තොරතුරු අසා දැනගෙන, මෙය ලංකාවේ කටුනායක ප්‍රදේශයේ ඇති පල්ලියක් නිසා එම ස්ථානයට යාමට මා තීරණය කර ගත්තේය.

 

මා හට සඳහන් කල බොහෝම සවිස්තරාත්මක පැහැදිලි විස්තර කිරීමට අනුව, මෙම සිද්ධස්ථානයේ කටයුතු සිදු කෙරෙන්නේ සතියේ සෙනසුරාදා දිනවල වූවත් මා මිරිකී වෙලී තිබූ ප්‍රශ්න හා ගැටළුකාරි තත්වයද, දේව මෑණියන් කෙරෙහි මගේ හිතේ කොනක තිබුනාවු එම ආදරය ද ඉස්මතු වීමෙන්, මාගේ හිතේ තිබුනාවු නොසන්සුන් කම නිසා, සතියේ ඊලඟ සෙනසුරාදා දිනය වන තෙක් නොසිට පසුදාම එනම් සඳුදාම මා මෙම දේවස්ථානය සොයා පිටත් වුනෙමි. මා හට දැනුන විදිහට කුමක්දෝ දෙයක් මාව ඒ වෙත තල්ලු කරන බවක්, මා හට වචන වලින් විස්තර කල නොහැකි විශේෂ අමුතුම හැඟීමක්, මා හට මෙම පත්‍රිකාව කියවීමෙන් පසු මට දැනෙන්නට විය. මා හට දුරකථනයෙන් විස්තර කර දුන් ආකාරයටම මෙම ස්ථානය මට සොයා ගත හැකි වූ අතර, එම විස්තරය නොතිබෙන්න මට මෙම ස්ථානය නිවසක් යැයි සිතන්නට තිබුණි. කෙසේ වෙතත් වාහනය පාරේ අයිනේ නවත්වා ගේට්ටුවෙන් ඇතුලු වූ ගමන් මට දැක ගත හැකි වූයේ දේව මෑනියන්ගේ ඉතා විශාල සුන්දර ජීවමාන මෙන් දිස්වෙන ඉතා අලංකාර ප්‍රතිමාවකි. කාන්තාරයේ පිපාසව ඇවිදින පුද්ගලයෙක්ට දිය දෝතක් ලැබුනාමෙන්, මා වෙත මහත් විස්තර කල නොහැකි අමුතු හැඟීමක් මට දැනෙන්ට විය. හරියට කිවහොත් මා සොයපු දෙයක් මා හට ලැබුනා වැනි හැඟීමක් මට ඇති වන්නට විය. කෙසේ වෙතත් එම විශාල දෙව් මවු ප්‍රතිමාව දුටුව සැනින් මාව ඉබේටම වගේ දණ ගැසෙන්නට විය. මම හැක්‍ෂූ කඳුලින් එතුමියගෙන් ඉල්ලා සිටියේ, අනේ අම්මේ මට පිහිට වෙන්න කියාය. බෙහෝ වේලා දණ ගසා යාච්ඤා කල මම, සතියේ ඊලඟ සෙනසුරාදා නොවරදවාම එන බව දේව මෑණියන්ට පොරොන්දුවක් ද දී එම ස්ථානයෙන් පිටත් විය.

 

ගෙදර එන අතර මග මට ලැබුන පත්‍රිකාවේ තිබූ දුරකථන අංකයට නැවතත් කථා කල මා මෙම සිද්ධස්ථානය පිළිබඳව තව තවත් උනන්දුවෙන් විස්තර අසන්නට වූ අතර දුරකථනයෙන් පිළිතුරු දුන් මහතාද, මට ඔහුගේ අත්දැකීම්ද මා සමග බෙදාගන්නට වූ අතර මා සමග බොහෝ කුලුපග වන්නටද විය. එහිදී ඒ මහතා අතින් කියැවුනේ, එම සිද්ධස්ථානයේ වැඩ සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් තෝරා ගනු ලැබු අපෝස්තුළු තුමෙක් වන අතර, මෙම සිද්ධස්ථානය දේව මැණියන් හා ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූ සිද්ධස්ථානයක් නිසා බොහෝ හාස්කම් සිදුවන සිද්ධස්ථානයක් බවයි. එමෙන්ම මෙම අපෝස්තුළු තුමන් වෙත තමන්ගේ ප්‍රශ්ණ ලියා බාර දීමේ ක්‍රමයක් ඇති බවත්, ඊලඟ සෙනසුරාදා දින සිද්ධස්ථාන කාර්යාලයෙන් ඒ පිළිබඳව වැඩි විස්තර අසා දැන ගන්නා ලෙසත් ඔහු මා හා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඔහු කර තිබුනාවූ එම පත්‍රිකා බෙදීමේ සිද්ධියට ඔහුට නොයේක වාරයක් ස්තූති කලෙමි. මන්ද එම පත්‍රිකාව මගේම අතට පත්වීමෙන් පසු එම සිද්ධස්ථානයට ගොස් ගතකල ඉතා සුළු විනාඩි කිහිපය මා හට මහත් අස්වැසිල්ලක්, මා හට මහත් සහනයක්, ගෙන දෙන්නට විය.
ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑම අපෝස්තුළු තුමන්ලාට ඇති බලය පිළිබඳව මා හට යම් අවබෝධයක් තිබූ බැවින් හා මෙම සිද්ධස්ථානයට යාමට පෙර මගේ හිතේ තිබුනාවු එම නොසන්සුන්කම මම එම ජිවමාන විශාල දෙව් මව් ප්‍රතිමාව ඉදිරිපිට දන ගසා යාච්ඤා කිරීමෙන් පසු මගේ හිතට හරි අමුතුම රැකවරණයකින් මා වෙලා ගෙන මාව ප්‍රබෝධමත් කර මට නව ශක්තියක්, ධෛර්‍යයක් ලබා දුන්නා වගේ දැනෙන්නට විය. හරියට මාගේ නැතිවුන ශක්තිය, නැවත මට ලැබුනා වැනි නැවත ජිවත් වන හැඟීමක් මට දැනෙන්නටත්, ඉබේම වාගේ මෙම සිද්ධස්ථානය පිළිබඳව මොකක්දෝ ලොකු විශ්වාසයක් මා තුල බිහිවන්නට විය. ගෙදර ගිය විගසම බිරිඳ හා මේ විස්තර සියල්ල පවසා සතියේ සෙනසුරාදා දවස වන තෙක් බොහෝ නොයිවසිල්ලෙන් පසු වන්නට විය.

 

ඒ කාලය තුල අන්තර්ජාලය පීරා http://www.apostolictribune.org නැමති වෙබ් ලිපිනය හා තවත් වෙබ් අඩවි මගින් මෙම අපෝස්තුළු තුමන් පිළිබඳව තව තව තොරතුරු සොයා ගන්නට මට හැකි විය. එහි තිබූ දේවල් දැකීමෙන් හා කියවීමෙන් මෙම සිද්ධස්ථානය වෙත යාමට වූ මගේ උනන්දුව හා ආශාව තව තවත් වැඩි වර්ධනය වන්නට විය. එමෙන්ම අපෝස්තුළු තුමන්ගේ දෝතට භාර දීමට මගේ සියලුම අවශ්‍යතාවයන් ලියා ලිපියක්ද සුදානම් කර ගත්තේය.

 

දිනය උදාවිය අප තිදෙනා සවස 3.45 පමණ වන විට සිද්ධස්ථානයට පැමිණි අතර පළමු දිනයේ මෙන් මම අර ජීවමාන දෙව් මවු ප්‍රතිමාව ඉදිරි පිට දන ගසා යාච්ඤා කල අතර, බිරිඳ ද දරුවා ද මදක් පසක සිටගෙන සිටියෝය. මාගේ බිරිඳ බොහෝම උනන්දුවෙන් වට පිට බලන අයුරු මට දැක ගත හැකි විය. අනතුරුව සිද්ධස්ථාන කාර්‍යාලයට ගොස් සියලුම අවශ්‍ය විස්තර දැනගත් අතර එහිදී වැටහී ගියේ අප 3.45 පසුවී සිද්ධස්ථානයට පැමිණ ඇති නිසාත්, ලිපි ලිවීමට විශේෂ ලිපි කඩදාසියක් සහ ලියුම් කවරයක් තිබෙන බැවින් එය යම් කිසි පිළිවෙලකට සකස් කර ඇති නිසා, ලිපි ලිවිය යුත්තේ එම කවරය තුල ඇති කඩදාසියේ නිසා, එදින අපට ලිපි භාරදීමට නොහැකි වන බව එම නිලධාරී මහතා තේරුම් කර දුන්නේය. මාගේ අවශ්‍යතාවය අපොස්තුළු තුමන් අතට කෙසේ හෝ මෙම ලිපිය පත් කල යුතු බව නිසා, මා ඔහුගෙන් අසා සිටියේ කෙසේ හෝ මෙම ලිපිය කීයක් ගියත් හරි කමක් නෑ, අපෝස්තුළු තුමන් වෙත යොමු කිරීමට විදිහක් නැතිදැයි කියායි. එවිට එම මහතා සිනා සී මා වෙත ප්‍රකාශ කලේ, ඔබ මෙසේ අසන්නේ ඔබට ලොකු ප්‍රශ්ණයක් ඇති නිසා කියා මම සිතනවා, නමුත් මෙහි තිබෙන නීති රීතී වලට අනුව එය කොහොමත් කරන්න විදිහක් නෑ. ඔබ තුල විශ්වාසය හා කැපවීම පමණක් තියාගෙන අධෛර්‍යමත් නොවී මෙම ලිපිය විස්තර කර දුන්න විදිහට ලියාගෙන ඇවිත් ඊලඟ සතියේ භාර දෙන ලෙසටය.

 

මමත් අධෛර්‍යමත් නොවී එදින දිව්‍ය පුජාවට සහභාගී වී අපෝස්තුළු තුමන්වත් බැහැදැක එතුමන්ගේ දෙපතුල වැඳ සිද්ධස්ථානයේ නිලධාරි මහතා තේරුම් කර දුන් ආකාරයට අපෝසතුළු තුමන්ගේ ශ්‍රී හස්තයේ දරා සිටින, පිච්ච මල් සුවඳ පැතිරෙන ශ්‍රී මුදුව සිපාචාර කර, උන්වහන්සේගේ ශ්‍රී හස්තය දරුවා වෙත ද දික් කර දරුවාටද එය සිපාචාර කිරීමට සැලැස්විය. එම අවස්ථාවේ උන්වහන්සේ දරුවා වෙත සිහින් සිනහවක් දැක්වූ අතර පුතාද උදාසීනත්වය පසක තබා උන්වහන්සේ හා සිනා සෙන්නට විය. එම අවස්ථාවේ, මගේ සිතින් උන්වහන්සේගේ මධ්‍යස්ථකම අවශ්‍ය මගේ ප්‍රශ්නය උන්වහන්සේගේ දෙපතුල මත තැබුවේය.

 

එදා මට උන්වහන්සේව දැකගන්නට ලැබුනාට පස්සේ, ටිකක් වෙනස් විදිහේ දෙයක් කිරීමට සිතුවෙමි. එනම් හැමදාම උන්වහන්සේව අපේ ගෙදර තබාගෙන වන්දනාමාන පුද සත්කාර කරන්න ක්‍රමයක් මට ඉබේටම හැඟෙන්නට විය. එනම් එම සිද්ධස්ථානයේ ආගමීක භාණ්ඩ විකිනීම සඳහා ඇති ස්ථානයට ගිය විට, මට දේවත්වය දනවන මහත් අමුතු විදිහේ ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකි විය. එනම් මේ අපෝස්තුළු තුමන් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී වණ කැලැල් දරා සිටින ඡායාරූප, උන්වහන්සේගේ තේජාශ්‍රීය පිලිබිඹු වන ඡායාරූප, ක්‍රිස්තුස් වහන්සේගේ හා මරිය තුමියගේ නියෝජිතත්වය පිලිබිඹු වන ඡායාරූප, උන්වහන්සේලාගේ බලය මේ අපෝස්තුළු තුමන් මගින් දිස්වන දේවත්වය දනවන ඡායාරූප, වැනි ඡායාරූප විශාල ප්‍රමාණයක් එහිදී මට දැක ගත හැකි විය. මෙම ඡායාරූප දිහා මම ටික වේලාවක් නෙත් පිය නොහෙලා බලා සිට එයින් ඡායාරූප කිහිපයක්ද හා මරියතුමියගේ ප්‍රතිමාවක්ද මිලදීගෙන ඒවා ආශිර්වාද කරවාගෙන ගෙදර ගොස්, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව අසල මරිය තුමියගේ ප්‍රතිමාව හා අපෝස්තුළු තුමන්ගේ ඡායාරූපක් තබා දිනපතා පහන දල්වා, සුවඳ දුම් අල්වා එතුමන්ලාට මාගේ ආදරබර ගෞරවය හා භක්තිය පුදකරන්නට විය.

 

එමෙන්ම අපෝස්තුළු තුමන් එදා රැස්ව සිටි ජනයා අමතා දෙව් මවුන්ට ජපමාලය ඔප්පු කිරිමේ වටිනාකම පහදා දෙන්නට විය. මන්ද මා එදින සිද්ධස්ථානයට ගිය සතියට පසු සතිය අපෝස්තුළු තුමන් ජනතාව සමග, දෙව් මවුන්ට ජපමාලය උච්ඡාරණය කිරීම බොහෝ උත්කර්ශවත් ලෙස පවත්වන බවත්, සියලු දෙනාට එයට බෝහෝ ශ්‍රද්ධා සම්පන්න සිතින් සහභාගිවන ලෙසත් ඇරයුම් කලේය. එයින් මාගේ දෙඇස් විවර විය. පසුදින සිටම මම ඉහත සඳහන් කල ආකාරයට පහන් පත්තුකර, සුවඳ දුම් අල්වා සෑම දිනකම සවස 7 ට නිවසේ ජපමාලය බොහොම ශ්‍රද්ධාවෙන් පුතාවත් ලංකරගෙන ඔප්පු කරන්නට විය.

 

මට එම අපෝස්තුළු තුමන්ව දැකීමෙන් පසු මට කිසිම පිහිටක් නොලැබුනත්, අඩුම තරමින් මා ලියාගෙන ආ ලිපිය එතුමන් අතට පත්කිරීමට නොහැකි වූවත් මෙලොව ජීවත් වන අන් කිසිවකුගෙන් දැකිය නොහැකි දේවත්වයක් එම අපොස්තුළු තුමන් තුල මට දැකිය හැකි විය. මම උන්වහන්සේගේ ඡායාරූපයට පහන් දල්වන විට මාගේ බිරිඳ මගෙන් ප්‍රශ්න කලේ අපි දෙවියන්ට තියෙන පහන ලඟ අර පියතුමාගේ පිංතුරයක් තියා පහන දල්වන්නේ ඇයි කියාය. එවිට මගේ පිලිතුර වූයේ, මට දැනෙනවා මේ අපෝස්තුළු තුමන් මේ ලෝකයේ අප අතර වැඩ සිටින දෙවි උත්තමයෙක් කියා. මට හිතෙනවා එතුමන් ලඟ මගේ ප්‍රශ්ණයට කුමක් හෝ පිලිතුරක් ඇති කියා. මන්ද බයිබලයේ කියා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ එතුමන්ගේ බලය අපෝස්තුළුවරුන් මත තැබුවා යැයි කියන පාඨය ඇයට මතක් කර දුනිමි. ඇයගෙන් එයට කිසිදු පෙරලා ප්‍රශ්ණ කිරීමක් නොවීය.
මේ අතර දරුවාගේ අසනීප තත්වයේ කිසිදු වෙනසක් නොවන්නට විය. ඔහුගේ රතු රුධිරාණු ප්‍රමාණය දිගින් දිගටම අඩු වෙමින් පැවතුනි. අධික හිසරදය, නාසයෙන් ලේ ගැලීම, අධික මහන්සිය, ලේ නැවතීමට ගතවන කාලය, උදාසීන බව, ඔහුගේ අස්ථි වල ඇතිවන අධික වේදනාව දිනෙන් දින වැඩිවන බවක් මිස අඩුවන බවක් දැනෙන්නට නොවීය. නමුත් මේ මොන දේ වූවත් මාගේ විශ්වාසය හෙල්ලෙන්නට බිඳෙන්නට නොදී මගේ හිතට දැනෙන එකම විශ්වාසයක් කෙරෙහි දේවල් කරන්නට විය.

 

ඉන්පසු පැමිනි සෙනසුරාදා සිට, මා මාගේ දරුවාගේ අසනීප තත්වය කියා එක දිගටම නොකඩවා බොහෝම කැපවීමෙන් හා ශ්‍රද්ධාවෙන් අපෝස්තුළු තුමන්ට ලියුම් දෙන්න පටන් ගත් අතර දිනපතා පුතා සමග ජපමාලය ද ඔප්පු කරන්නට විය. සමහර දින වල අප එසේ ජපමාලය පුද කරන විට පුතාගේ නහයෙන් ලේ ගැලීම්, ඒ වගේම එයාට හතිය හැදී මහන්සිය වගේ දැනෙන අවස්ථා බොහෝ විට ඇතිවන්නට විය. නමුත් අප දෙදෙනාම නොසැලී එය දිගටම කරගෙන ගිය අතර, මාගේ බිරිඳ ඇයගේ තිබෙන්නාවු විශ්වාසය මත එයට සහභාගි නොවුවද ඇයගෙන් අපට සහයෝගයක් මිස කිසිම විදිහක බාධාවක් ඇති නොවීය.

 

නමුත් දෙවැනි සතියේ සිට අපගේ මේ පැය භාගයක පමණ යාච්ඤා කාලයට මම අලුත් දෙයක් එකතු කරන ලදී. එනම් සෑම සෙනසුරාදාම සිද්ධස්ථානය මගින් ආසිරි පැන් බොහෝම සුළු ප්‍රමාණයක් බැතිමතුන් අතර බෙදා දෙයි. දෙවැනි සතියේ සිට එම ආසිරි පැන් නොවරදවාම ලබාගත් මා, ගෙදර ජපමාලය කීමෙන් පසු සෑම සතියක් පාසාම අපෝස්තුළු තුමන් මගින් ආශිර්වාද කරගෙන එන එතුමන්ගේ ඡායාරූප ක්‍රිස්තුස් වහන්සේගේ හා මරිය තුමියගේ ප්‍රතිමාවන් ලඟ තබා, පහන් දල්වා, සුවඳ දුම් අල්වා, ජපමාලය කීමෙන් පසු, අපෝස්තුළු තුමන්ගේ ඡායාරූපය මතට සිද්ධස්ථානයෙන් රැගෙන ආ ආසිරි පැන් වත් කර දරුවාට එම ආසිරි පැන් බොන්න දෙන්නට විය. මාගේ සිතේ තිබුනාවූ, දැනුනාවූ අසීමිත විශ්වාසය මත හා දිනෙන් දින මගේ දරුවා මරණයට ලංවෙනවා නේද යන මාගේ සිතේ වද දෙන දරා ගත නොහැකි වේදනාව නිසා මා මේ දේ කරන්නට පෙලඹුනි. ඊට අමතරව අපෝස්තුළු තුමන් ජනතාව අතරට පැමිණ නැවත ආපසු යන අවස්ථාවේ එතුමන්ගේ ශුද්ධවු පාදයන්ට පෑගෙන වැලි රැගෙන ගොස් දරුවා නිදියන ඇඳ ඇතිරිල්ලට යටින් දමා දරුවාව ඒ මත නිදි කරවන්නට විය.

 

එකදිගට සති 8 ක් අපෝස්තුළු තුමන් වෙත මාගේ එකම දැවෙන ප්‍රශ්ණය ශ්‍රද්ධාවෙන් ලියා දී 9 වෙනි සතිය එලඹෙන සතියේ බදාදා දිනයේ දරුවාගේ ප්‍රථම ලේ මාරු කිරීමේ ශල්‍යකර්මය කිරීමට පෙර, දරුවාව නැවත ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා වෙත රැගෙන යාමේ දිනය එලඹී තිබුනි. මේ පිළිබඳව මා මාගේ 8 වෙනි ලිපියේ මම අපෝස්තුළු තුමන්ටද ලියා දැනුම් දෙන්නටද විය. අඟහරුවාදා දිනයේ සිරිත් පරිදි අප දෙදෙනා එකතුව හෙට දවස ආදරණීය ක්‍රිස්තුස් වහන්සේටද, මරිය මෑණියන්ටද, අපෝස්තුළු තුමන්ටද භාර දී ජපමාලය ඔප්පු කර සුපුරුදු පරිදි මාගේ විශ්වාසය මත කරන්නාවු පුංචි ශ්‍රද්ධාවන්ත පුරුද්ද ද කරන්නට විය. එදින මා පසුදාට අවශ්‍ය ලිය කියවිලි, වෛද්‍ය වාර්තා හා අනෙකුත් ලිපි ලේඛන ලක ලෑස්ති කරමින් සිටි අතර, මගේ බිරිඳ විසින් පුතාව නිදි කරවන්නට විය. පසුව ඇය මා වෙත පැමිණ කියූ කථාව මා හට දුන්නාවු යම් කිසි සංඛේතයක් වත්දෝ කියා මට සිතුනි. එනම් පුතා නිදියගන්න අවස්ථාවේදී, ඔහු විසින් මාගේ බිරිඳට පවසා ඇත්තේ, අද ජේසු අම්මා වැඳලා බීපු වතුර හරී සීතලයි අම්මි කියාය. එවිට ඇය අසා ඇත්තේ, පුතා අනික් දවස් වලට බොන කොට සීතල නැද්ද කියලයි. එවිට ඔහු කියා ඇත්තේ, සීතලයි ඒවුනාට අද ඊටත් වැඩිය සීතලයි යන වගයි. මම ඒ වෙලාවෙම ඇස් දෙක වසා සිහිපත් කලේ මේ ලෝකයේ වැඩ සිටින දෙවියන්වය. අනේ අපෝස්තුළු තුමෙනි, මටත් මගේ දරුවටත් පිහිට වන ලෙස සිතින් පැවසුවෙමි.

 

බදාදා උදේන්ම, කලින්ම වෙන් කර ගෙන ඇති පරිදි දරුවාව පරික්ෂා කරන ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට ගිය විට ඔහු මාගේ හැසිරීමේ වෙනසක් දැක කොදාගොඩ මහත්තයා අද හරි අමුතුයි කියා පවසන ලදී. එවිට මම ප්‍රකාශ කලේ, මම ඩොක්ටර්ගේ අවවාදය අකුරටම පිලිපැද්දා යන වගයි. එවිට ඔහු ඇහුවේ මොන අවවාදය පිලිබඳවද කියාය. එවිට මා විසින් කියා සිටියේ දෙවියන් ගැන විශ්වාසය තැබීම ගැන කියාය. ඔහු හිනා වී බොහොම හොඳයි යැයි පවසා දරුවාගේ පරීකෂණ කටයුතු කර අවසන් වී මා හට පැවසුවේ දරුවාගේ අලුත් වාර්තාත් රැගෙන ඊලඟ සෙනසුරාදා පැමිණ ඔහුව සමු වන්න, එවිට අපට ශල්‍යකර්මය පිලිබඳව දවස් තීන්දු කරගන්න පුළුවන් කියාය. එවිට කිසිදු විස්තරයක් සඳහන් නොකර මා ඉල්ලා සිටියේ, සෙනසුරාදා නැතිව වෙන දවසක් මා හට ලබා දෙන්න පුලුවන්ද කියාය. එවිට ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා මාගේ මුහුණ දෙස බලා කියා සිටියේ තිබුන ලඟම දවස තමයි සෙනසුරාදා, ඒකයි මම සෙනසුරාදා දුන්නේ, එහෙනම් සඳුදා උදේ 10 ට පැමින ඔහු සමුවන ලෙසය.

 

සිරිත් පරිදි අපගේ දෛනික කටයුතු සිදු වන්නට විය. පුතාට ජපමාලය කීමෙන් පසු දෙන ආසිරි පැන් වල ඔහුට සාමාන්‍යයෙන් ඇති වන සීතල දැනෙන්නට වූ අතර, අඟහරුවාදාමෙන් තද සීතලක් නොමැති බව ප්‍රකාශ කරන ලදී. මාගේ බිරිඳ ද පරික්ෂා කිරීම පිණිස එම ආසිරි පැන් බීවද, ඇයට එම වතුරෙහි කිසිදු සීතලක් දැනී නැත.

 

ඊළඟට පැමිණුන 9 වෙනි සතියේ සෙනසුරාදා දින මා මේ සිදුවූ සියලු විස්තර ලියා අපෝස්තුළු තුමන්ගේ දෝතටම ලිපිය භාර දෙන අවස්ථාවේදී කවදාවත් නැතිව උන්වහන්සේ මා සමග කථා කරන්නට විය. එහිදි උන්වහන්සේ මා වෙත සිනාමුසු මුහුණින් කියා සිටියේ, ‛‛අත ඇරියෙම නෑ නේද වැඩේ’’ කියාය. එවිට මා දියයුතු පිළිතුර කුමක්දැයි මට සිතා ගත නොහැකි විය. එමෙන්ම මා කැළඹීමටද පත් විය. කොච්චර කැළඹුණාද කිවහොත් වෙනදාට සිපාචාර කරන උන්වහන්සේගේ හස්තයේ පැලඳි ශ්‍රී මුදුව සිපාචාර කිරිමට ද මට අමතක විය. මා හට පසුව මාගේ එම අමතක වීම මතක් කර දුන්නේ ද මාගේ බිරිඳය.

 

ඉරිදා සාමාන්‍ය පරිදි ගෙවී ගියේය, සඳුදා එළඹුණි, උන්වහන්සේ සඳහන් කල වචන මගේ හදවතේ රැව් පිලිරැව් දෙන්නට විය. කලින් වෙන් කර ගෙන ඇති පරිදි උදේ 10 වන විට ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට ගියත්, මා හට ඔහු මුන ගැසීමට හැකිවූයේ උදේ 11.30 පමණ වන විටය. මන්ද ඔහුට හදිස්සි ශල්‍යකර්මයකට සහභාගි වීමට සිදුවී ඇති නිසාය. ඒ අතර තුර මා හට හැම මොහොතකම සිහිවන්නට වූයේ අපෝස්තුළු තුමන් ප්‍රකාශ කල වචනය. පුතා වෙනදාට වඩා රෝහල තුල, විශේෂඥ වෛද්‍යවරයාගේ කාමරය අසල ඇවිදිමින් සිටි නමුත්, අප දෙදෙනාටම ඔහුට වෙනදා තරම් මහන්සියක් ඔහු තුල නැති බව හැඟුනේ අප දෙදෙනාම කල්පනාකරන්නට වූයේ වෛද්‍යවරයා පැමිනීමෙන් පසු කුමක් කියයිද යන්නයි. විශේෂඥ වෛද්‍යවරයා පැමිණ දරුවාගේ වාර්තා සියල්ල බලා වෛද්‍යවරයා ඔලුවේ අත ගසා ගෙන, හදිස්සියේම කලබල වන්නට විය. ඔහුගේ ජංගම දුරකථනයෙන් හා මේසය මත වු දුරකථනය පාවිච්චි කර හදිස්සි ඇමතුම් කිහිපයක් දී වෛද්‍යවරු කිහිප දෙනෙක් ක්ෂණිකයෙන් කැඳවීය. මාගේ කාරයට දමා ඇති යතුරු පලඳනාවේ තිබුනේ, ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ පිංතුරයයි. එක අතකින් එය මිරිකාගෙන සිටි මම, අනෙක් අතෙන් මාගේ බිරිඳගේ අත මිරිකාගෙන සිටියේය. එම අවස්ථාවේ මගේ ඇස් දෙකට බොහෝ දේ පෙනුනත්, මට ඇසුනේ, උන්වහන්සේ මට ප්‍රකාශ කල වචන පමනයි. ‛‛අත ඇරියෙම නෑ නේද වැඩේ’’.

 

වෛද්‍යවරු කණ්ඩායම දරුවාගේ වාර්තා දෙස බල බලා මොන මොනවාදෝ සාකච්ඡා කරන අතර, හදිස්සියේම හෙදියක් පැමින පුතාව එක් කරගෙන යාමට උත්සහ දරද්දී මාගේ බිරිඳට එකපාරට ඇක්‍ෂෙන්නට විය. එවිට ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා පැමිණ කලබල වෙන්න එපා, අපිට දරුවාව හදිස්සි පරීක්ෂණයකට අවශ්‍යයි ඒ නිසා කරුණාකර අපට එය කරන්න ඉඩ දෙන්න කියාය. හෙදියට ඉඩ දී මාගේ බිරිඳ සැනසූ මා හටද මෙය මහත් ප්‍රෙහෙලිකාවක් වන්නට විය. පැයක පමණ කාලයකට පසු ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම අප වෙත පැමිණ ප්‍රකාශ කලේ, ඔවුන්ගේ වෛද්‍ය ජීවිතය තුල ඔවුන් ප්‍රකාශ කර ඇති සුභදායකම පණිවිඩය මෙය වන බවත්, මෙය මෙසේ සිදු වුයේ කෙසේද වන ප්‍රශ්ණයට ඔවුන් තුල පිළිතුරු නැති බවත් ප්‍රකාශ කර සිටියේ, මේ දරුවාගේ ශරිරයේ රතු රුධිරාණු නිෂ්පාදනය සාමාන්‍ය නිරෝගි දරුවකුගේ තත්වයට පත්ව ඇති බවත්, ලියුකේමියා නැමති මාරාන්තික රෝගයෙන්, මේ දරුවා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත්ය.

 

මාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා හැලෙන්නට විය. මාගේ බිරිඳගේ හැඬීම සම්පුර්ණයෙන්ම නතර වන්නට විය. මට වචන ගලපා කථා කර ගන්නට බැරි විය. අමාරුවෙන් මා මුලින්ම දොස්තර මහතාට ප්‍රකාශ කර සිටියේ, මේ මම දෙවියන් ගැන තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයයි කියා පමණයි. මට නොදැනීම මට හොඳටම ඇක්‍ෂෙන්නට විය. එවිට දොස්තර මහත්වරු ප්‍රකාශ කර සිටියේ, කොදාගොඩ මහතා සතුටු කඳුළු සලනවා නේද කියාය. අවසානයේ මම මුල සිට අගටම සියලුම දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නේය. ඔවුන් ඒ පිලිබඳව විස්මයට හා උද්දාමයට පත් වන්නට විය. අවසානයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ හැම දෙයකම අවසානය ඇත්තතේ දෙවියන් අතේ යන වගය.

 

මා මුලින්ම මෙම සිද්ධස්ථානයට තනිවම ගියේ සඳුදා දිනයක වන අතර, වෛද්‍යවරුන්ගේ කතා බහට පසුව අප තිදෙනාම කෙලින්ම ගියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි. එදා මම තනිව වැඳ වැටී බැගෑපත් වූ නමුත් අද මා, අප තිදෙනා සමගම පැමින දේව අම්මා ඉදිරියේ වැඳ වැටී එතුමියට ස්තුති කරන්නට විය. එදා පටන් මාගේ බිරිඳ ද මාත් පුතාත් සමග හැමදාම ජපමාලය කීමට එකතු වන්නේය. එදා පටන් ඇය හැම දිනකම අප කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට එන අවස්ථාවේදී දෙව් මවුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට කඳුළු සලා යදින්නීය.

 

මා මුලින්ම පැවසූ ආකාරයට අප්‍රමාණ දුකක් අපට විස්තර කරන්න වචන නෑ වගේම, අප්‍රමාණ සතුටක් විස්තර කරන්නද සමහර විට අපට වචන නැත. අදටත් මගේ ගෙදර හැමදාම සවස 7ට ජපමාලය මරිය මෑණියන්ට පුද කරන අතර දිනපතාම ක්‍රිස්තුස් වහන්සේටද, මරිය මෑණියන්ටද, ජීවමාන අපෝස්තුළු තුමන්ටද අදටත් අපේ ගෙදර පහන් පත්තු කර සුවද දුම් අල්ලයි. මන්දයත් මෙවන් වු මහත් වික්‍රමාන්විත ප්‍රාතිහාර්යයක් වෙන කාට කල හැකිද??? මා හට නම් මෙය කෙනෙක්ව මරණයෙන් නැගිට්ටුවා හා සමානය. මා මේ ශල්‍යකර්මය කලානම්, එසේත් නොමැති නම් දරුවාගේ ඇටමිදුලු බද්ධ කිරීමට ඉන්දියාවට රැගෙන ගියානම් මා හට කොපමණ මුදලක් වැය වේද??? දරුවා වෙනුවෙන් මා එය නොකර සිටියිද??? නමුත් මෙහිදී මට පිහිට වුයේ ශ්‍රද්ධා සම්පන්න ලියුම් 9ක් නොවේද??? ඉතින් කෘතගුන දන්නා මනුෂ්‍යයෙක් හැටියට මා කල යුත්තේ කුමක්ද??? මා මේ සිද්ධස්ථානය ගැන මා දැන ගත්තා වගේම, පිහිට අවශ්‍ය අනෙක් අයටත් මේ සිද්ධස්ථානය ගැන දැනගැනීමට උදව් කිරීම නොවේද??? මේ ජීවමාන අපෝස්තුළු තුමන්ට මම ද මගේ සිඟිති පුතු ද ජාති ජාතිත් ණය ගැතියි.

 

එක දෙයක් නම් ගලේ කෙටූ අකුරු මෙන් ස්ථිරය. එනම් තමන් තුල විශ්වාසය හා කැපවීම ඇත්නම් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය දුකෙන් පෙලෙන්නන්ට කුමන හෝ මනුෂ්‍යයෙක්ට අනර්ඝ වු තෝතැන්නක් බවය, එහි වැඩ සිටින ශුද්ධවු අපොස්තුළු තුමා මුළු ලොවටම හිමි වූ දේව තිළිණයක් බවය.

 

 

යොහාන් කෝදාගොඩ – පිළියන්දල