නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් නිරතුරුවම වාර්තාවන්නේ, ඉතාමත් ආශ්චර්‍යවත් කතාවන්. ශ්‍රී ලංකාවේ දී එතුමිය දර්ශණය වූ, ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, මේ දර්ශණ පෙළ ආරම්භ වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. එතැන් සිට මේ අද දක්වාම සිද්ධස්ථානය වෙත පැමිණෙන ජනතාව පවසන ඔවුන්ගේ අත්දැකීම් සත්තකින්ම හරිම පුදුමයි.

 

පසුගිය දා වාර්තා වූ අසිරිමත් සිදුවීමත් මේ අවස්ථාවේ ඔබට හෙළිකරන්නට කැමතියි. සෑම සෙනසුරාදාවකම සවස 6 ට පැවැත්වෙන, හාස්කම් යාච්ඤාවට සහභාගිවීම තුලින්, ජනතාව ලබන පිහිට අතරට එක් වූ මේ අසිරිමත් කතාව අපට ලියා එව්වේ, වැල්ලවත්තේ, චමෝදි බියන්කා රූපසිංහ මහත්මිය විසිනුයි.

 

අවුරුදු දෙකක් වයසැති තම එකම සිඟිති දියණිය හදිසියේ ගෙදර ඇද වැටීමෙන්, චූටි දියණියගේ ඔළුව බිම වැදී, ශල්‍යකර්මයක් කිරීමට තරම් තත්වයකට පත් වී, ශල්‍ය කර්මය කිරීමෙන් පසුව සිදු වී ඇත්තේ, ඉතාමත් බලාපොරොත්තු සූන් වූ කණගාටු දායක සිදුවීමක්, එනම්, ශල්‍යකර්මයෙන් පසුව, චූටි දියණියට සිහිය ආවේ නැහැ. නමුත් රෝහලේ ICU එක අසල බංකුවකට වී අඩ අඩා සිටි මවට හරිම අපූරු කතාවක් අසන්නට ලැබුනේ, තවත් රෝගියෙක් බලන්නට පැමිණි කාන්තාවකගෙනුයි. ඊට පස්සෙ මොකද වුනේ කියලා.

 

ඒ මව අපට ලියා එවූ ලිපිය බොහෝ කෙටි කිරීමෙන් පසුව මෙසේයි.

 

හදිසි ඇද වැටීමකින් ඔළුව වැදී අසාධ්‍ය තත්වයට පත්වූ මගේ එකම, අවුරුදු දෙකක් වයසැති සිගිති දියණියට කරනු ලැබූ ශල්‍ය කර්මයෙන් පසු සිහිය ආවේ නැහැ. වෛද්‍යවරු සිහිය ගැනීමට ලොකු උත්සහයක් ගත්තා. දිනක් මම රෝහලේ ICU එක අසල බංකුවකට වී අඩ අඩා ඉන්න විට, තවත් රෝගියෙක් බලන්න ආපු කාන්තාවක් මාත් එක්ක කතාවට වැටී මගේ දරුවා ගැන විස්තර දැනගෙන, අදම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට සවසට ගිහිල්ලා මරිය තුමියගේ ජීවමාන ප්‍රතිමාව ඉදිරියේ දර්ශණ ඉටිපහනක් දල්වලා, රතු පෙට්ටියට ලිපියක් ලියා දමලා, කටුණායක මෑණියන්ට කන්නලවු කරන්න කිව්වා. ඇය ලබා ඇති පිහිට ගැනත්, සිද්ධස්ථානයේ තවත් හාස්කම් ගැනත් මට කිව්වා. එදා සෙනසුරාදා දවසක්. මම එදා සවස කටුනායක නිර්මල මෑණියන් සොයාගෙන ගියා. අර කාන්තාව කිව්ව විදිහටම කලා. දර්ශණ ඉටිපහන දල්වලා තැන්පත් කර, රතු පෙට්ටියට ලිපිය දමා දෙව්මවු ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤාව ඔප්පු කර, මම දෙව් මවු ප්‍රතිමාව දෙස බලාගෙන සිටියා. අදටත් මට මතක් වෙනවා. මම දැක්කේ පුදුම දෙයක්. ප්‍රතිමාවේ ජේසු බිළිදු දෙසට යොමු වී ඇති දෙව් මවුන්ගේ දකුණු අත මා වෙතට දිගු වෙනවා මම දැක්කා. මට හොදටම විශ්වාසයි. තුන් වතාවක් ම මම දැක්කා. කටුනායක මෑණියන් මට පිහිට වන බව මට දැනුනා. ආපසු රෝහලට යාමට සිද්ධස්ථානයෙන් පිටතට ඇවිත් මගේ දුරකතනය ඔන් කලා. විනාඩි කීපකට කලින් මගේ සැමියාගෙන් ඇමතුමක් සටහන් වී තිබුනා. මම හරිම බයකින් සැමියාට කතා කලා. විනාඩි කීපයකට කලින් දියණියට සිහිය ආපු බව සැමියා සතුටින් කිව්වා. විනාඩි කීපයකට කලින් දෙව් මවු ප්‍රතිමාවෙන් මම දුටු දෙය මම සැමියාට කිව්වා. මේ බලවත් සිද්ධස්ථානය ගැන මට කිව්ව කාන්තාවගේ නම විස්තර කිසිවක් මට එදා අසාගන්න අමතක වුනා. ඇයට බොහෝම ස්තූතිවන්ත වෙනවා. නිර්මල කටුනායක මෑණියන් ජීවමානයි. මරිය තුමිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ජීවමාන වන ආකාරය විස්මිතයි.

 

– චමෝදි බියන්කා රූපසිංහ, වැල්ලවත්ත.

 

ඔබට පුදුමයි නේද? මෙවැනි විවිධ පිහිට පිළිබඳව විස්තර වාර්තා රැසක් අපි ලඟ තිබෙනවා. විශ්වාසයෙන් නොකඩවා හාස්කම් යාච්ඤාවට සහභාගිවීම තුලින් ලද පිහිට පිළිබඳ කතාවන් රැසක් ඒවායේ ලියැවී තිබෙනවා.

 

සෑම සෙනසුරාදාවකම සවස 6 ට ආරම්භවන ‛හාස්කම් යාච්ඤාව’ට සහභාගිවීම සඳහා, ජාති, ආගම්, පක්ෂ, භේද කිසිවකින් තොරව, නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ බව පමණක් සිතෙහි විශ්වාසයෙන් දරාගෙන, විවිධ ප්‍රදේශයන්ගෙන් ඇදී එන ජනතාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන්නේ, අපොස්තුළුතුමෙක් විසින්, දෙව් මවුන් වෙත ලියනු ලැබූ ලොව එකම හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමටයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මේ ලෝකයට දර්ශණයවෙලා පත්කරනු ලැබූ, ලොව දෙවන අපොස්තුළුතුමා මෙන්ම, දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සුතුමාණන් ලියනු ලැබූ, මේ යාච්ඤාව, අද වන විට හාස්කම් යාච්ඤාවක් බවට පත්වී තිබෙනවා. කිසිදු කිතුණු සභාවකට අයිති නැති, මුළු ලොවට ම පොදු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝරාගනු ලැබූ, මේ දසසතර වෙනි ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද, කිසිදු කිතුණු සභාවකට අයිති නැති, මුළු ලොවට ම පොදු අපොස්තුළුතුමෙක්.

 

කිසිදු කිතුණු සභාවකට අයිති නැති, මෙලොව යහපත් ලෙස ජීවත්වන සියළු ජනයාට අයිති ස්වර්ග රාජ්‍යයේ වැඩසිටින නිර්මල කන්‍ය මරිය මාතාවෝ, විසිතුන් වතාවක් දැකගැනීමට සුවිශේෂී වාසනාව ලද මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් ජීවත්ව සිටින අතර, සතිපතා සෙනසුරාදා සවසට, කටුනායක දෙව් මවු පුදබිමට පිවිස, එතුමියගේ පිහිට පතා යොමු කරනු ලබන ලිපි සඳහා ද, ලැබෙන උන්වහන්සේගේ මැදිහත්කම, සැදැහැවතුන්ට විශාල සැනසීමක්.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇත්තේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය අද්දරයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටි ස්ථානය ‛20 වෙනි සැතපුම් කණුව’ යනුවෙන් ද අතීතයේ සිටම හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට පිවිසෙන මාර්ගය ද ආරම්භ වන්නේ සිද්ධස්ථානය ඉදිරිපිටිනුයි. බණ්ඩාරණායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ සිට මීගමුව දෙසට ගමන් කරන විට ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ සිට, සිද්ධස්ථානයට ඇත්තේ කිලෝ මීටර් 6 ක දුරක් පමණයි.

 

සෙනසුරාදා සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන සැදැහැවතුන්, නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ආශ්චර්‍යවත් ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාවට සහභාගිවන අයුරුයි මේ (ඡායාරූප බලන්න)