ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 65 වන ජන්ම දිනය යෙදුනේ 2022 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 2 වෙනි දිනයේ උන්වහන්සේගේ මෙලොව උත්පත්තිය සිදු වූ අතර, මේ උපත සිදුවූ නිශ්චිත වේලාව වූයේ, 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින, මධ්‍යම රාත්‍රී 12 ටයි.

 

දවසක් නිමා වී, අළුත් දවසක් උදාවන අවස්ථාවේ හෙවත් අන්ධකාරයේ උපරිම අවස්ථාවේ, ආලෝකයේ උදාව ආරම්භවන මොහොතේ දී මෙලොවට උපත ලද එකම අපොස්තුළුතුමාණන්ගේ 65 වන ජන්ම දිනය සැමරීමට මෙවරත් මැදියම් රැයේ සැදැහැවත් ජනතාව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් ජීවත්වන, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආවේ හදපිරි බැතියෙන් යුතුවයි.

 

කුඩා අතදරුවන් වඩවාගත් දෙමාපියන් මෙන්ම, හැරමිටි වාරුවෙන් ගමන් කරනා වයෝවෘද්ධයන් ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වැඩවසනා පින් බිමට පැමිණ සිටියේ, උන්වහන්සේ වෙත ඔවුන්ගේ හදවත්වලින් නිරන්තරයෙන් ගලායන ආදරය නිසාමයි.

 

එසේ කරන්නට ඔවුන්ට බොහෝ හේතු තිබෙන බව සත්‍යයක්. සියළු දෙනාටම කියන්නට කුමක් හො කතාවක් තිබුනා. එවැනි පුදුමාකාර කතා, ඔවුන්ගේ හදවත් තුල මේ ලොව ජීවතුන් අතර සිටින එකම අපොස්තුළුතුමන් වෙත දක්වන ආදරයටත්, භක්තියටත් හේතුවන කතා, ඔවුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සේයාරුව ඉදිරිපිට සිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

ඇත්තටම කිසිවෙකුවත් විනිශ්චය නොකරන්නට අපට උගැන්වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. අපේ සියළු ක්‍රියාවන්ට විපාකයක් හිමි බව අපට උදාහරණ සහිතව පහදාදුන් උන්වහන්සේ, අප කරන කිසිදු පාපයකට වන්දි ගෙවීමෙන් තොර වූ සමාවක් නැති බව පැහැදිලි කර දුන්නේ පාපයට අපගේ සිත් තුල බයක් ඇතිකරවමිනුයි. අළුතින් සිතන්නට පමණක් නොව, අළුතින් සිතිය යුතු ආකාරය ද පැහැදිලි කල උන්වහන්සේ වෙනුවෙන් පොදු ජනතාවගේ සිත් තුල මෙවන් ආදරයක් ජනිත වීම අරුමයක් නොවන අතර ම, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහිකිරීමේ දී හැරුණකොට, දැනට ජීවත්වන ලෝකයේ කිසිවෙකුගේවත් උත්පත්තියක් ජනතාව එකතු වී මේ ලෙසින් සමරණවා ඇතැයි සිතන්නටවත් නොහැකියි.

 

උත්පත්තිය සිදු වූ දිනය සහ වේලාව ජනතාව නිශ්චිතවම දන්නා එකම අපොස්තුළුතුමාණන් වන්නේ ද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමයි.

 

65 වන ජන්ම දිනයේ නිවැරදි ඇරඹුම වූ, 2022 පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේ හරියටම රාත්‍රී 12 ට, 65 සංකේතවත් කරමින් පොල්තෙල් පහන් දල්වා, 65 සංකේතවත් කරමින් රෝසමලින් තැනූ ඉටිපහන් ද දැල් වූ සැදැහැවත් ජනතාව, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සේයාරුව අභියස මල් පොකුරු තැන්පත් කර, හඳුන් කූරු ද දල්වා, මල් වෙඩි ද දල්වනු ලැබුවා. අනතුරුව ඔවුන් මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මෙතරම් ආදරය කරන්නේ ඇයි දැ යි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනු ලැබුවේ හදවතින් ම උතුරා ගලායන ආදරයෙන් යුතුවයි.

 

2022 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 65 වන ජන්ම දිනය වෙනුවෙන්, ඒ පූජනීය උපත සිදු වූ නිශ්චිත වේලාව වූ පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වූ උන්වහන්සේට ආදරය කරන ජනතාව, මේ ශ්‍රෙෂ්ඨ උපත සමරණු ලැබූ අයුරු පෙන්නුම් කරන ඡායාරූප දහස් ගණනක් අතරින් ස්වල්පයක් ඔබට මෙහි දැකගත හැකියි