ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම වසර 40කට පමණ පසුව නැවත ආරම්භ කරනු ලැබුවේ පසුගිය (අගෝස්තු 24) සෙනසුරාදායි.
නිර්මල කන්‍ය මරියෝතමාවන්ගේ මග පෙන්වීමක් මත, මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ, 1975 පෙබ්‍රවාරි මාසයේ දී යි. ඒ නිර්මල කන්‍ය මරියෝත්තමාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වීමට ආරම්භ කරනු ලැබූ කාලයයි. එතුමියගේ දර්ශණ පෙල මේ වන විට විසිතුන් වතාවක් සිදු වී ඇති අතර, ප්‍රථම වතාවට නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි.
2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස බැතිමතුන් රැසක් ඉදිරියේ, දර්ශණ දෙව්මැඳුර තුල දී, අප භාග්‍යවත් කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රධාන ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරීමට ආරම්භ වූ, එම ප්‍රතිමාව පාමුළ දී බැතිමතුන්ට ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදෙනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනුයි.
1975 වසරේ පෙබ්‍රවාරි මාසයේ දී ප්‍රථම වරට මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදෙනු ලැබුවේ ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින්මයි.
2026 පෙබ්‍රවාරි දක්වා, සෙනසුරාදා දිනවල සවස මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට බලාපොරොත්තු වේ.
අගෝස්තු 24 වෙනි සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව අවසානයේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදී සැදැහැවතුන්ට ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කරනු ලැබූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි