ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වීමෙන් තෝරාගනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන් වූ ද, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා වූ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ‛‛අපොස්තුළු ධූරයට’’ ඔසවා වසර 49 ක් පසුරණු ලැබීමේ සංවත්සරය 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති මහත් ජයෝත්සවයෙන් සමරණු ලැබුවා.

 

ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී අපොස්තුළු ධූරය සඳහා තෝරාගනු ලැබූ දොළොස්දෙනාම ජුදා ජාතිකයන් වූ අතර, උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව මෙලොවට දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා ද ජුදා ජාතිකයෙක්.

 

නමුත් 20 වන ශතවර්ෂයේ අවසාන කාර්තුව වූ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ශ්‍රී ලංකාවේ කටුනායක දී දර්ශණය වී අපොස්තුළු ධූරයට පත්කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිසා එතෙක් ජුදා ජාතිකයන්ට ම සීමා වූ අපොස්තුළු ධූරය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රධානය කිරීම නිසා, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළු ලෙස පත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ධූරය වසර 49 ක් සපුරණු ලැබීම නිල වශයෙන් 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සමරණු ලැබුවේ, සිය අපොස්තුළු ධූරයේ පනස් වෙනි වසර හෙවත් ස්වර්ණ ජුබිලි වර්ෂය ද ආරම්භ කරමිනුයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිරිත් පරිදි සිය 49 වන සංවත්සර මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලයි. ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුමා සහ දර්ශණය වීමෙන් පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා පත්කිරීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූයේ මෙම දර්ශණ දේව මැඳුර තුලයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූයේ ද, එම දර්ශණයන් අතරින් සුවිශේෂී දර්ශණයක් වූ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ හොවාගෙන 1977 ජූලි මස 27 වෙනි දින, දස අට වෙනි වරට දර්ශණය වූයේ ද මෙම දර්ශණ දේව මන්දීරය තුලයි. ඒ බව සිහිගන්වමින්, දෙව් මවුන් ජේසු බිළිඳුන් සමගින් වැඩසිටින දෙව් මවුන්ගේ ප්‍රධාන ප්‍රතිමාව, අභියස දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවා.

 

දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වූ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව, එම පූජනීය වූ, ශුද්ධවත් වූ අපොස්තුළු තනතුරෙහි පිහිටුවාලීම පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටි ස්ථානය, උන්වහන්සේගේ පාද ස්පර්ෂ වූ මෙලොවේ පොළව කොටස ද, දර්ශණ දෙව්මැඳුර තුල ප්‍රධාන පූජාසනය අසලින් ම පිහිටා ඇති අතර, ඊටත් අමතරව, එම අවස්ථාවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වැඩ සිටි සළුව, තැන්පත් කර ඇත්තේ ද ප්‍රධාන පූජාසනය යට කොටසේ යි. මේ වන විට මෙම පූජනීය සළුවට ද අවුරුදු 49 ක් සම්පූර්ණව ඇති අතර, එහි මහාම පුදුමය වන්නේ, එම සළුව මත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම පාද සලකුණු ලාංඡනය වී තිබීමයි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාගේ මරණයෙන් අවුරුදු 1910කට පසුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන, අදටත් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත්වන, හෙවත් තවමත් ඝාතනයට ලක්නොවී සිටින, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිය අපොස්තුළු ධූරයේ 49 වන සංවත්සරය සමරණු ලැබීමත් සමගම තම අපොස්තුළු ධූරයේ 49 වසරක් ජීවත් වූ දෙවන අපොස්තුළුතුමා බවට ද උන්වහන්සේ පත් වුනා. සිය අපොස්තුළු ධූරයේ වසර 49 ක් සම්පූර්ණ කරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වූයේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ දොළොස්දෙනා අතරින් කෙනෙකු වූ ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළු තුමන්ය. උන්වහන්සේගේ මරණය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ සියය ද ඉකුත් වීමෙන් පසුවයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ධූරයේ 49 වන සංවත්සර මංගල මහා දිව්‍ය පූජාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ඔප්පු කරනු ලැබූ අවස්ථාව මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි

 

His Holiness Apostle Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

Holy Apostolic Father Rohan Lalith Aponso

 

Sri Lankan Living Apostle

 

His Holiness Apostle

 

His Holiness 14th Apostle

 

Our Lady of Katunayake Shrine

 

His Holiness 14th Apostle Rohan Lalith Aponso

 

Spiritual Leader

 

 

Apostle from Jesus

 

Apostle of Jesus

 

Apostle of Sri Lanka

 

Apostle Rohan Lalith Aponso

 

Apostolic Father

 

Sri Lankan Living Apostle

 

His Holiness Apostle

 

His Holiness 14th Apostle

 

Our Lady of Katunayake Shrine