පසුගිය සෙනසුරාදා (2024 අගෝස්තු 24) හාස්කම් යාච්ඤාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ, නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුලයි.

 

ඊට පෙර සතියේ සෙනසුරාදා (2024 අගෝස්තු 17) ඉතාමත් බලගතු ප්‍රාතිහාර්‍යයක් සයවෙනි වරටත් සිදු වූ දර්ශණ දෙව්මැඳුර තුල හාස්කම් යාච්ඤාව පුද කිරීමට අවස්ථාව සැලසීම සියළු සැදැහැවතුන්ට සතුටට කරුණක් වුනා.

 

පෙර සතියේ සිදු වූ විශ්මිත ප්‍රාතිහාර්‍යය වූයේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාවෙන්, නොකඩවා ම පිච්ච මල් සුවඳ පැතිරීමයි. මෙම ප්‍රතිහාර්‍යය සිදු වූ සය වෙනි වතාව එය වූ අතර, එවන් ප්‍රාතිහාර්‍යයක් මේ මුළු ලෝකයට ම සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ පිහිටි, නිර්මල කන්‍ය මරියාවන් දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පමණයි.

 

පසුගිය සෙනසුරාදා දර්ශණ දෙව්මැඳුරේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ හාස්කම් යාච්ඤාව අවස්ථාවේ ඡායාරූප ස්වල්පයක් ඔබට මෙහි දැකගත හැකියි.

 

ලබන සෙනසුරාදා, අගෝස්තු 31 වෙනි දා හාස්කම් යාච්ඤාව, සවස 6 ට ආරම්භ කිරීමට නියමිතයි.