ආශ්චර්යවත් දේව මාතා ප්‍රතිමාව පාමුළ ජපමාලය සහ හාස්කම් යාච්ඤාව පුදකිරීම හෙට (පෙබ්‍රවාරි 5) සවස 5 ට

 

ලොව විවිධ ප්‍රදේශයන්හි දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ මීට වසර 47 කට පෙර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි. එතැන් සිට මේ දක්වා විසිතුන් වාරයක් එතුමිය දර්ශණය වූ අතර, එතුමියව ජීවමානව ම දැකගැනීමේ දුර්ලභ වාසනාව හිමි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අදටත් මෙම සිද්ධස්ථානයේ ජීවත් වෙයි.

 

මේ වන විට හැටපස් හැවිරිදි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඉතාමත් ඇතුලාන්ත ජීවිතයක් ගතකරන අතර, සතර දිගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී එන සැදැහැවතුන් වෙනුවෙන් උන්වහන්සේ දෙව් මවුන් ඉදිරියේ මැදිහත් වෙයි. ඒ නිසාම මෙම සිද්ධස්ථානය, ‛‛දේව මෑණියන්ගේ හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ප්‍රචලිත වී ඇත.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වී වසර 47 ක් සම්පූර්ණ වන හෙට සවස 5 ට, කන්‍ය මරිය මාතාවන්ගේ ආශ්චර්‍යවත් ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය සහ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සිදුකෙරෙන අතර, සැදැහැවතුන්ගේ ඉල්ලීම් රතු පෙට්ටියට දැමීම සඳහාද අවස්ථාව හිමිවනු ඇත.

 

ආශ්චර්‍යවත් දේව මාතා ප්‍රතිමාව ද, හාස්කම් යාච්ඤාවට සහභාගිවෙමින් සිටින සැදැහැවතුන් ද මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි