ධම්මපදයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක ‛සබ්බං පහාය ගමනීයං’ යනුවෙන් දේශනා කර ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ඇත්තේ ‛සියලු ආකාර තණ්හාවෙන් ප්‍රවේසම් වෙන්නට වග බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපල තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත’ (ලූක් 12/15) යනුවෙන්ය. මේ ශාස්තෘවරුන් දෙදෙනාගේම ධර්ම දේශනයන් ද්විත්වය එකට කැටිකොට සංෂිප්ත කරමින්, එනම් අප සියල්ල හැරදා යා යුතු බවත්, අපි හම්බ කරන භෞතික වස්තූන් සියල්ල රැගෙන යා නොහැකි බවත්, මිනිසාගේ ජීවිත ඒ වස්තූන් පිට රඳා නොපවතින බවත් අවධාරණය කරමින් සිදු වුණු, අද මෙලොව ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතර වන අපොස්තුළුතුමන්ගේ දේශනයක් පසුගිය 2021 වර්ෂයේ අවසාන කාලයේ දී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වුණි. එදිනදී මෙලෙස සිදුකරන්නට වූ දේශණය ගලාගෙන ගියේ අපවත් වී වදාල අති පුජ්‍ය අග්ග මහා පණ්ඩිත අභිධජ මහා රට්ටගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින් වහන්සේ හා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතර වන අපොස්තුළුතුමන් වටා සිදුවූ තවත් එක් කතාවක් වටාය. එම කතාව අපි සියල්ලන්ගේ ම දෑස් විවිර කරවන කතාවකි.

 

එමෙන්ම, පසුගිය 2021 වර්ෂයේ දී මුළු ලොවම අති බිහිසුනු ලෙස වසංගත තත්වයකට ගොදුරුව සිටි සමයේ Zoom තාක්ෂණය ඔස්සේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්, උන්වහන්සේට ලබැඳි බැතිමතුන් අමතමින්, විශේෂිත වූ සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවවාද, අනුශාසනා මෙන්ම උන්වහන්සේගේ ආශිර්වාදයන් ලබා දෙනු ලැබූ අතර, එම කාල වකවානුවේ ද ඔවුන්ව ධර්ම මාර්ගයට යොමු කිරීම පිණිස ධර්මය දේශනා කිරීමට උන්වහන්සේ අමතක නොකළහ. එවන් වූ ධර්ම දේශනයක දී උන්වහන්සේ විසින් බැතිමතුන් වෙත මතුකරන්නට වූ ප්‍රශ්නයක් වුයේ, කවදාක හෝ අපි මිය යන දවසක දී අපත් සමග අපට රැගෙන යා හැකි දේ කුමක් ද යන්නයි. එදින රැස්ව සිටි තරුණ මහළු වැඩිහිටි බාල සියළු ම දෙනා අතරින් එම ප්‍රශ්නයට වඩාත් ආසන්න ම හා නිවැරදි පිලිතුර ලබා දී ඇත්තේ කුඩා දරුවෙක් විසින්ය. ඒ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් පෙර දවසක කරන්නට යෙදුන අති පුජ්‍ය අග්ග මහාපණ්ඩිත අභිධජ මහා රට්ටගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථිවීරයන් වහන්සේ හා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වටා සිදුවූ රසවත් සිද්ධියක් වටා කරනු ලැබූ ධර්ම දේශනයේ අන්තර්ගතය පාදක කරගෙනය. ඒ පිළිතුර ලබාදුන් දවසේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් තීරණය කර ඇත්තේ, 2022 වසරේ නව අවුරුදු උදාව සමරා පවත්වනු ලබන දිව්‍ය පුජා මෙහෙයේදී මේ දරුවා හට උන්වහන්සේ දේශනා කල ධර්මය වටා ඇති මතකය හා ඇල්ම සම්බන්ධයෙන්, විශේෂ වූ ඇගයීමක් සිදු කිරීමටය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඒ සිතුවිල්ල ප්‍රකාරවම, මෙදා 2021 දෙසැම්බර් 31වෙනිදා මධ්‍යම රාත්‍රී අළුත් අවුරුදු දිව්‍ය පුජාව අවස්ථාවේ දී ධර්මයට ඇති බැඳීම තුලින් එම ශ්‍රේෂ්ඨ ක්‍රියාව කරනු ලැබු එම දරුවාවත්, ඒ දරුවාගේ දෙමාපියන්වත් ඇගයීමට ලක් කරනු ලැබුවේ ‛‛ඉතිං ප්‍රියාදර දරුවෙනි, එවැනි දරුවෝ අපිට ලොකු සම්පතක්. මම කරපු දේශනා අහගෙන ඉදලා ඒවා ජීවිතයට අරගන්නවා දකින කොට, මම ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙනවා. මේ වැඩිහිටියෝ නෙමෙයි පොඩි අය, මෙහෙම කරනවා දකින කොට ඒක ලොකු ආඩම්බරයක්. අද දවසේ, මේ 2022 ලබද්දී මේ මැදියම් රැයේදී මේ කතාව කියනවා කියලා එදාම මම හිතා ගත්තා. ඒ සදහා ඒ දරුවන්ට මඟ පෙන්වන දෙමාපියන්ට මම ප්‍රශංසා කරනවා. දෙමාපියන් දරුවන්ට ධර්ම මාර්ගය පෙන්නුම් කරන්නට ඕනේ. ධර්ම මාර්ගයේ යන්නට දිරිය ශක්තිය ධෛර්‍යය දෙන්නට ඕනේ. ඉතිං ඒ දරුවා තමයි දැනට මේ පුජාසනයේ ඉන්න උපේක්ෂ ප්‍රනාන්දු’’ ලෙස සඳහන් කරමින්ය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට උන්වහන්සේගේ පුජා කටයුතු වලදී සහය වන උපේක්ෂ නෙළුවින්ද ප්‍රනාන්දු දරුවාටත්, ඔහුගේ දෙමාපියන් වන අශෝක ප්‍රනාන්දු මහතාටත්, නිල්මිණී ප්‍රනාන්දු මහත්මියටත් එම අවස්ථාවේ දී උන්වහන්සේ විසින් විශේෂයෙන් සුදානම් කර තිබුණා වූ ත්‍යාගයන් පිරිනමා උන්වහන්සේගේ ප්‍රසාදය සංකේතවත් කරන්නට විය.

 

2022 ජනවාරි පළමු වෙනිදා, අළුත් අවුරුදු දා හිමිදිරි උදෑසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතර වන අපොස්තුළුතුමන් රැස්ව සිටි සියලු දෙමව්පියන්ට තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් දැරිය යුතු වගකීම් සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්නට වූ අතර එහිදී උන්වහන්සේ විසින් මෙලෙසින් ද ප්‍රකාශ කර සිටි සේක. ‛‛ඇයි අපි වැරදි කරන්නේ නැතුව යහපත්ව ජීවත් විය යුත්තේ? ඇයි අපේ දරුවන්ව කුඩා කාලයේ සිටම අයහපතින් ගලවාගෙන ධර්ම මාර්ගයෙහි ගමන් කරවිය යුත්තේ? හේතුව, යහපතට වඩා වැඩි වේගයකින් අයහපත කරා පොළඹවන සමාජයක අපි ජීවත් වෙන්නේ. යහපතට වඩා වැඩි වේගයකින් අයහපත කරා ඇදී යන සමාජයක අපි ජීවත් වෙන්නේ. මොකක් හෝ සනීපයක්, සුවයක්, ආශ්වාදයක්, තෘප්තියක් පවුවල නැහැ යි කියන්න බැහැ නේද? පවු කරද්දී, සමාජයට විරුද්ධ, නීතියට විරුද්ධ දේවල් කරද්දී යම් කිසි ආශ්වාදයක් ලැබෙනවා. එහෙම පවුවල, අයහපත් ක්‍රියාකාරකම්වල කිසිදු ආකාරයක සනීපයක්, සුවයක්, ආශ්වාදයක්, තෘප්තියක් නොතිබුනා නම් මේ ලෝකයේ මිනිස්සු මෙච්චර පවු කරන්න විදිහක් නෑ. ඒක හරිම නීරසම දෙයක් නම්, මුල ඉඳලා අග දක්වාම එහි තිබෙන්නේ නීරස බවක් නම්, එහි කිසිම ආශ්වාදයක්, තෘප්තියක් නැත්නම් මිනිස්සු මෙච්චර පවු කරන්නේ නැහැ. මේ ලෝකේ මෙච්චර පවුකාර තැනක් වෙන්නේ නැහැ. ඇත්තම කාරණය තමයි, පවෙහි, අයහපත් ක්‍රියාවල, යම් ආශ්වාදයක්, තෘප්තියක්, සැපක්, සනීපයක්, තියෙනවා. ඒකනේ අපි අතර කතාවක් තියෙන්නේ, කරන කලට පවු මිහිරිය මී සේ, කියලා. පවෙහි විපාක එන දවස දක්වාම පවු කරන එක්කෙනාට ඒක මී පැණි වගේ. බොහෝම ආස්වාදජනකයි. නමුත් එහි විපාකය, දක්‍ෂුවම විඳින්න වෙන දවසට තමයි, ඔලුව ගිනි ගන්නේ. පවු කරන විට, සුවයක්, සනීපයක් දැනුන සිත පිච්චෙන්නේ’’.

 

උපේක්ෂ ප්‍රනාන්දු දරුවාගේ පියා වන අශෝක ප්‍රනාන්දු මහතා යනු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතර වන අපොස්තුළුතුමන්ගේ ලේකම් වරයාය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සමීපව බොහොම අවංකව, දැහැමිව කටයුතු කරන අශෝක ප්‍රනාන්දු මහතාට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතර වන අපොස්තුළුතුමන් විසින් බොහොමත් ඉස්සර දිනයකදී (වසර 15කට පමණ පෙර) මේ 2022 වර්ෂය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් ද මෙහිදී උන්වහන්සේ සිහිපත් කර සිටියේ දිවයිනේ නොයෙක් දෙසින් එදින නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙයට රැස්ව සිටි සැමදෙනාගේම සිත් තුල කුතුහලයක් මතු කරමිනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ධර්ම දේශණයන්ට සාවධානව ඇහුම්කන් දීමෙන් ලද දැනුම ඔස්සේ, අසනු ලැබූ පැනයට පිළිතුරු සැපයීම අගය කල ශුද්ධෝත්තම අපොස්තුළුතුමා උපේක්ෂ නෙළුවින්ද දරුවාට ද, කුඩා කාලයේ පටන් දහම් මග යැවූ ඔහුගේ දෙමාපියන්ට ද ත්‍යාග පිරිනමනු ලැබූ අවස්ථාව යි මෙම ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නෙ