නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය මෙම වසරේදීත් පසුගිය ඔක්තෝම්බර් 9 වෙනි සෙනසුරාදා සවස පිච්ච මල් සුවඳින් පිරී සිද්ධස්ථාන භූමිය වෙතටත් පැතිරෙන්නට විය.

 

2019 ජූලි 27 වෙනි සෙනසුරාදා සවස ප්‍රථම වරට දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගිය අතර, එදින නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී වසර 43 ක් සම්පූර්ණ වූ දිනය විය. එම අවස්ථාවේ දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කිරීමට විවිධ ප්‍රදේශයන්ගෙන් බැතිමතුන් රැසක් පැමිණ සිටි නිසා ඔවුන්ට ද මෙම ඉතමත් මිහිරි පිච්ච මල් සුගන්ධය විඳ ගැනීමේ වාසනාව හිමි විය.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිය වම් හස්තයෙන් ජේසු බිළිඳුන් වඩවාගෙන වැඩ සිටින ආකාරයෙන් නිමවා ඇති දර්ශණීය ප්‍රතිමාවක්, දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති අතර, එම ප්‍රතිමාවෙන් මෙම පිච්ච මල් සුවඳ පැතිරීම, ඇත්තෙන් ම දෙව් මවුන් සිදු කරනු ලැබූ අති ප්‍රභල ප්‍රාතිහාර්‍යයක් විය.

 

දර්ශණ දේව මන්දීරයත්, ඉන් පිටත සිද්ධස්ථාන භූමියත් පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගියේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය.

 

නැවතත් මෙම සුවිශේෂී ප්‍රතිහාර්‍යය දෙවන වරටත් පසුගිය වසරේ (2020) ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා දිනයේ ද සිදු වූ අතර, තෙවන වරට මෙම වසරේ (2021) ඔක්තෝම්බර් 9 වෙනි සෙනසුරාදා සවස ද එම ආකාරයෙන් ම සිදු විය.

 

දර්ශණ දේව මන්දීරයේ දෙව් මවුන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙන අවස්ථාවේ ඡායාරූප කීපයක් ඔබට මෙහි දැක ගත හැකියි